IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අ’පුරේ ගුරුවරයකුට පහර දුන්නැයි විරෝධයක්


 
(දයාරත්න ඇඹෝගම)


අනුරාධපුර විද්‍යාලයක ගුරුවරයකුට එම විද්‍යාලයේ සිසුවියකගේ පියෙකු පහර දුන්නේ යැයි කියන සිද්ධියකට අද (3) පාසල් ගුරුවරු පනහකට අධික පිරිසක් සේවයෙන් ඉවත්ව සිය විරෝධය පළකර සිටියේය.


මෙම විද්‍යාලයේ සේවය කරන රිම්සි ඛාන් නැමති පාසල් ගුරැවරයකුට මෙසේ සිසුවියෙකුගේ පියෙකු පෙරේදා (2) රාත්‍රී කාලයේදී නේවාසිකාගාරයට පැමිණ පහරදී ඇතැයි එම විදුහලේ විදුහල්පති ජවුපර් මහතා මේ පිළිබඳව කළ විමසීමේදී පැවසීය.


පාසලේදී මෙම සිසුවිය ඇතුළු සිසු සිසුවියන් කිහිප දෙනෙකුට මෙම ගුරුවරයා අවවාද කර ඇති අතර මින් කෝපයට පත්වු සිසුවිය සිද්ධිය තම පියාට සැළකිරිමෙන් පසුව පියා විසින් පාසලට පැමිණ ගුරුවරයාට පහරදී තිබේ.


මෙම පහර දීම සම්බන්ධයෙන් එම ගුරුවරයා පොලිසියට පැමිණිලි කළද ඔහු අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් ගුරුවරු අද (3) මෙසේ සිය විරෝධය පල කර තිබිණි.
 



අදහස් (0)

අ’පුරේ ගුරුවරයකුට පහර දුන්නැයි විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site