(මොහොමඩ් ආසික්)
අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා කොස් කඳන් ප්‍රමාණයක් සමඟ සැකකරුවකුද කටුගස්තොට පොලිසියේ නිළධාරින් විසින් අද (8) වනදා උදේ අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව කටුගස්තොට නවයාලතැන්න ප්‍රදේශයේදී බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ මෙම කොස් කඳන් තොගය සමඟ ලොරි රථයේ රියදුරුද පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙලෙස පොලිස් භාරයට ගත් කොස් කඳන්වල සැබෑ වටිනාකම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇස්තමේන්තුවක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කරන අතර සාමාන්‍යයෙන් මෙම කඳන්වල වටිනාකම රුපියල් ලක්ෂ හතරක් පමණ වනු ඇති බව පොලීසිය විශ්වාස කරයි..මෙම කන් ඳසමඟ අත් අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්.උවින්දසිරි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ උප පොලිස් පරීක්ෂක මහින්ද යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.

2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ ලක්ෂ හතරක කොස් කඳන් අල්ලයි
wedage Monday, 08 June 2020 07:26 AM
කලින් වතාවක් කලා වගේ මුළු රට පුරාම සතියක් කොස් ගස් කැපීම සහ ප්‍රවාහනයට අවසර දුන්නනම් ඉවරයි නේ