IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අන්නාසිගලයායේ ගම්මු උග්‍ර ජල හිඟයක


 
නිශාන්ත කුමාර
 
රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම් කොට්ටාසයට අයත් අති  දුෂ්කර ගම්මානයක් වන අන්නාසිගලයාය ගම්මානයේ පවුල් 50 ක් පමණ   මේ දිනවල උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටිති .


මේ වන විට පවත්නා දැඩි නියඟය හේතුවෙන් මෙම ගම්මානයේ ජනතාව ජලය ලබා ගත් බොහොමයක් ජල මූලාශ්‍ර සිදී යාම මේ තත්වයට හේතුව බව අන්නාසිගලයාය ගම්මු පවසති.

 
ගමේ ස්ථාන කීපයකම ජල මූලාශ්‍ර පිහිටා ඇතත් ගම්මානය තුළ  නිසි ජල සැපයුමක් ක්‍රියාත්මක නොවීමද මීට හේතුවී ඇතැයි ඔවුන් කියති. 

පවත්නා ජල හිගය හේතුවෙන් ගම්මානයේ බොහොමයක් දෙනෙකුට ජලය සොයාගෙන සැතපුම් ගනන් යාමට සිදුව ඇතැයිද මෙම ගම්මු පවසති.


මේ වන විට මෙම ගම්මු මුහුණ දී සිටින ජල ගැටලුව පිළිබඳ ගම්වාසී තරුණයකු වන ඩී බී කුමාර මෙසේ කීය.


අන්නාසිගලයාය කියන්නේ කැළෑබද පිහිටි ගමක්. ගමට ඉහළින් තියෙන්නේ මහ කැළෑව. ඒවගේම රක්ෂිතය. ඒ නිසා මේ ගමේ මිනිස්සුන්ට කදාවත් වතුර හිඟ වුණේ නැහැ. ගම හැම තැනම උල්පත් තියෙනවා. නමුත් එක දිගට ආපු පෑවිල්ල නිසා උල්පත් ටිකයි වතුර නාපු ලිං කදුරු ටිකයි හිදිලා.

බාල්දිවලින් වතුර ගත්ත උල්පත්වලට දැන් පොල්කටු දාල තමයි මිනිස්සු වතුර ගන්නේ. මේ නිසා මිනිස්සුන්ට වතුර ටිකක් ගේන්න, නාන්න හැතැම්ම ගණන් යන්න වෙලා. තව ටික දවසක් පෑවිල්ල ඇල්ලුවොත් මේ ටිකත් හිදිල යාවි. 

ගමට වතුර දෙන ජල යෝජනා ක්‍රමයක් තියෙනවා. මේ වන විට ඒකෙත් වතුර නැහැ. ඒ වගේම ඒකෙන් වතුර ලැබෙන්නෙත් ටික දෙනෙකුට විතරයි. 



අදහස් (0)

අන්නාසිගලයායේ ගම්මු උග්‍ර ජල හිඟයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site