IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අනතුරු දෙකකින් තිදෙනෙකු මරුට

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පුවක්පිටිය  ප්‍රදේශයේදී සහ කනාදන  ප්‍රදේශයේදී අද (11) එකම වෙලාවේ සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදාවේ සෙබළුන් දෙදෙනකු හා යතුරුපැදිකරුවෙකු  මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
 

එක අනතුරක් සිදුව ඇත්තේ ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේ දීය . ත්‍රීරෝද රථයක් සහ ටිපර්  රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්  ත්‍රීරෝද රථයේ ගමන් ගත් යුද හමුදාවේ සේවය කරන සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් එහි ගමන් ගත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
 
අනික් අනතුර සිදුව ඇත්තේ දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ කනාදන  ප්‍රදේශයේදී යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බව පොලීසිය කියයි. මියගිය අය  ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.
 
ත්‍රීරෝද රථ හා ටිපර් රථ අනතුරෙන් මියගොස් ඇත්තේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ සේවය කරන නිවාඩු පැමිණ සිටී සමිත් මධුරංග ඒකනායක (22) හැවිරිදි සහ සුපුන් කල්හාර  රාජතිලක (22)හැවිරිදි  යන දෙදෙනා  වෙති . ඔවුන් දෙදෙනාම  දීයතලාව ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බව නිවැසියෝ පවසති.
 
ත්‍රීරෝද රථය තවත් මෝටර් රථයකට වේගයෙන් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි  ටිපර් රථයේ  මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
 
එම  අනතුරින් යුද හමුදා සෙබළුන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් තිබෙන බවත්  තුවාල ලැබූ ඔවුන්ගේ මිතුරා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරු කර යවා තිබිණි.
 
අනෙක්  අනතුර වූ යතුරුපැදිය වේගය  පාලනය කරගැනීමට නොහැකිව වීදුලි කණුවක ගැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ද ප්‍රදේශවාසීන් ගලේවෙල රෝහලට  ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
 
ටිපර් රථය පැදවූ රියැදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.   අනතුරු දෙකටම හේතුව නොසැලකිලිමත් රිය ධාවනය  බව ගලේවෙල පොලිසිය කියයි.



අදහස් (0)

අනතුරු දෙකකින් තිදෙනෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site