IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අනතුරකින් තරුණයෙක් මරුට

(  රංජිත් රාජපක්ෂ )      
              
හැටන් කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් අනතුරට පත්විමෙන් එම යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පොලිසිය පැවසිය.
 
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් විල්ප්‍රඩ්පුර පදිංචි මනොහරන් ගනේෂ් නැමති 29 හැවිරිදි තරුණයෙකි.
 
 හැටන් නුවරඑළය ප්‍රධාන මාර්ගයේ කොටගල රොසිටා ලොග්ගිල් වත්ත ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇත.
 
 කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදිකරු එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි යතුරුපැදිය ලිස්සාගොස් යතුරුපැදිකරුගේ හිස ප්‍රධාන මාර්ගය අභියස පිහිටි සැතපුම් කණුවක ගැටි මෙම අනතුර සිදු වි ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.
 
 අනතුරෙන් දැඩි ලෙස තුවාල ලැබු යතුරුපැදිකරු ප්‍රදේශවාසින් විසින් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරන අවස්තාවේදිත් මිය ගොස් සිටි බව දිඹුල පොලිසිය කියා සිටියේය.
 
 අනතුරෙන් යතුරුපැදියට දැඩි අලාභ හානි සිදු වි ඇත.යතුරුපැදිකරුගේ අධික වේගය සහ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බවයි අනතුර පිළිබදව පරික්ෂණ පවත්වන  දිඹුල පොලිසිය කියා සිටියේ.
 
ජිවිතක්ෂයට පත් තරුණයාගේ හිසට බරපතල ලෙස හානි සිදු වි ඇති බවත්  සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.
 
 ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයත් , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් ලිස්සන සුළු බැවින් එම මාර්ග රිය ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

අනතුරකින් තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site