
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක සගවා තිබූ අධිබල ධාරිතාවකින් යුත් වටිනා යතුරු පැදි දෙකක් අත් අඩංගුවට ගත් බව ගම්පහ දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
එහි වටිනා කම ලක්ෂ රුපියල් ලක්ෂ 90 ක් පමණ බව පොලිසිය කියයි.
මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ එන්ජින් ධාරිතාවය ඝන සෙන්ටිමීටර් දහසක් වන ඉතාලියේ හා ජර්මනියේ නිෂ්පාදිත යතුරුපැදි දෙකකි.
මෙම යතුරුපැදි කුමන ආකාරයෙන් මෙරටට ගෙන ආවා ද කුමක් සඳහා භාවිතා කළාද එමෙන්ම යතුරු පැදි ආනයනයේදී තීරුබදු ගෙවා ඇත්දැයි හෙලිකර ගැනීමට පරීක්ෂණ පැවැත්වේ .
අත්අඩංගුවට ගත් එම යතුරු පැදි වැඩිදුර විමර්ශනය සඳහා පල්ලෙවෙල පොලිසියට බාරදී ඇත.
COMMENTS
මේක මාර වැඩක්නේ.. රටේ පුරවැසියන්ට වාහනයක් තිබුණත් අත් අඩංගුවට ගන්නවා. රජාගේ පුත්තුන්ට ලැම්බොගිනි තිබිලා අහුවුණු වෙලාවේමේ අය කොහේද හිටියේ? අනික යතුරුපැදිවලට තීරුබදු ගෙවලා නැතිනම් ඒක පරීක්ෂා කරන්න වෙනමම ආයතන තියෙනවා. වස්සෝ කොස්සෝ වුණාම ඔහොම වෙනවා. බයිසිකලයක් තියා ගැනීම මහා අපරාධයක් නිසා වෙන්න ඇති අපරාධ කොට්ඨාශයෙන් යන්න ඇත්තේ..
අපරාදේ. ඔය වගේ යතුරුපැදි පදින්න හැකි ධාවන පථ සකස් කර තරුණයින්ට එම ස්ථානවල පුහුණු වීමට අවස්ථාව සලසා දිය යුතුයි.
හමුදා පාලනයක්, හිට්ලර් පාලනයක් නේද ඉල්ලුවෙ සමහරු... දැන් හමුදාව පාලනය කරන මියන්මාරයේ අධිබල යතුරුපැදි පදිනවද තරුණයෝ ...? නෑනේ.. අන්න ඒක තමයි. අනික හිට්ලර් ගේ කාලේ තරුණයෝ ඔවා පැද්දා කියලා අහලවත් නෑනේ...