IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අත්තනෝමතිකව ඉඩම් ලබා දුන්නැයි වැලිමඩ ප්‍රා.සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාරට බසිති

(ඩී .කේ.රත්න )

වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරු අද ( 16 ) වැලිමඩ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම ආසන්නයේ හේමපාල මුණිදාස මාවත අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

වැලිමඩ දඹවින්න ප‍්‍රදේශයේ පවතින ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩමක් වත්මන් ආණ්ඩුවේ කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා විසින් අත්තනෝමතික ආකාරයෙන් බෙදා පුද්ගලයින් කිහිප දෙනෙකුට ලබා දී ඇති බව පවසමින් පොදුජන පෙරමුනේ මන්ත‍්‍රිවරු මෙම විරෝධතාවය පැවැත්විය. 

විරෝධතාවයට එක්වු මන්ත‍්‍රිවරු ප‍්‍රකාශ කර සිටියේ වැලිමඩ ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයක් මෙම ඉඩමේ ස්ථාපිත කිරීමට සැළසුම් සකස් කර තිබියදී අමාත්‍යවරයා සිය හිතවතුන්ට මෙම ඉඩම කට්ටිකර දී ඇති බවයි.

ඔවුන් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියේ මේ පිළිබදව රජය මැදිහත්ව විසදුමක් ලබා නොදුනහොත් ප‍්‍රදේශයේ ජනතාව එක්ව දැඩි විරෝධතා ව්‍යාපාරයකට එළබෙන බවයි.

ප‍්‍රධාන මාර්ගය හරස් කර පැවති විරෝධතාවයෙන් පසු අද ( 16 )  පැවැත්වෙන ප‍්‍රාදේශිය සභා මාසික රැස්විම සදහාද සඨන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන ගිය පොදුජන පෙරමුනේ මන්ත‍්‍රී වරු සභා ගැබේදීද විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් නොසන්සුන් කාරි ලෙස හැසිරුණ අතර ඉන් පසු වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතාට සිය ඉල්ලිම් සහිත ලිපියක්ද භාර දෙන ලදී. 

එම කටයුතු වලින් පසු පොදුජන පෙරමුණේදී මන්ත‍්‍රිවරු විරෝධතාව නිමා කර ප‍්‍රාදේශීය සභා මාසික රැස්විම සදහා සහභාගි විය.



අදහස් (0)

අත්තනෝමතිකව ඉඩම් ලබා දුන්නැයි වැලිමඩ ප්‍රා.සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site