IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අගුණකොළපැලැස්සේ නිධන් හාරමින් සිටි 8 ක් අත්අඩංගුවට



අනීෂා මානගේ      

                                 
අගුණකොළපැලැස්ස ජදුර ප්‍රදේශයේ නිධන් හෑරීමේ නිරතව සිටි යකැදුරු කාන්තාවක ඇතුළු අට දෙනෙකු අද (27) අගුණකොළපැලැස්ස පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි යකැදුරු කාන්තාවක ඇතුළු හය දෙනෙකු හා අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි තවත් දෙදෙනෙකි. ඉඩම හිමි පුද්ගලයා හා ජේසීබී යන්ත්‍රයේ රියදුරු ද සැකකරුවන් අතර වේ. 


අගුණකොළපැලැස්ස ජදුර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ජේසීබී යන්ත්‍රයක් ආධාරයෙන් නිධන් හෑරීම සිදුකරමින් සිටියදී පොලිස් නිළධාරින් වැටලීම සිදුකර තිබේ.


නිධන් හෑරීම සඳහා යොදා ගත් ජේසීබී යන්ත්‍රයක්, පහන් පැල් හතරක්, කපන ලද දෙහි, බුලත්, බුලත්වල ඔතන ලද පඩුරු, ගිනි කබලක්, බිත්තර, සුවඳ වතුරු, පැදුරක් කපුරු, වක් පිහියක්, කුකුළු පැටවෙක්, නෙළුම් පොහොට්ටු, තැඹිලි, රතු රෙදි, පැන් බෝතලයක්, කළු දුරු හා මල් වට්ටි කිහිපයක් පොලිස් නිළධාරින් විසින් සිය බාරයට ගෙන තිබේ. 


අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිළධාරින්ගේ තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.



අදහස් (0)

අගුණකොළපැලැස්සේ නිධන් හාරමින් සිටි 8 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31770 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14227 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11146 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 214 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 320 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site