සමන් පාලිත නානායක්කාර
අකුණු සැර වැදීමෙන් අද 12 සවස පස්සර ජයන්තිපුර ප්‍රදේශයේ නිවාස 6 කට දැඩි හානි සිදුවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි .
එම නිවාසවල විදුලි පද්ධති, විද්‍යුත් උපකරණ හා ගෘහ උපකරණ රැසකට ද හානි සිදුවී ඇති බවත් ජීවිත හානි සිදු වී නොමැති බවත් එම මධ්‍යස්ථානය කියයි .
පස්සර ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරී හා ආපදා සහන නිලධාරීන් එක්ව හානිය තක්සේරු කර අවශ්‍ය සහන ලබාදීමට කටයුතු යොදා ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ දිනවල පවතින ගිගුරුම් සහිත වැසි සමග අකුණු අවදානම ඉහළ ගොස් ඇති බැවින් අකුණු වලින් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්.උදයකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අකුණු සැර වැදීමෙන් පස්සර නිවාස 6 කට දැඩි හානි
රොෂාන් Tuesday, 12 May 2020 08:31 PM
හැබැයි සුපුරුදු ලෙස වැඩේ යන්නේ පිනටම තමයි. අර ගොබ්බයින්ගේ සල්ලි අපරාදේ. ප්‍රංශෙත් කාලා තමයි ලංකාවට යන්නේ.