(නිමල කොඩිතුවක්කු)
රාජපක්ෂවරුන්ගේ කර මතින් යළි ජනාධිපති ධූරයට පත්වීමේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම දුටු සිහිනය අද වනවිට පුස්සක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවැසීය.
මැතිවරණය ආසන්න වනවිට බෝලෙට පයින් ගහනවා මෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායමට රාජපක්ෂ කඳවුර පයින් ගසා එලවා දමනු ඇති බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (8) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා මෙසේද කීය.
‘‘මේ රටේ ජනතාව මිරිකිලා ඉන්න ආරථිකයෙන් ගොඩ ගන්න ජාත්‍යන්තරයත් එක්ක එකතුවෙලා මේ ආණ්ඩුව ගෙන යන ක‍්‍රියාදාමය කිසිදු පදනමකින් තොරව විවේචනයට ලක් වෙනවා අපි දකිනවා. මේ බොරුව ඉදිරියටත් ගෙන යමින් දෙශපාලන මාෆියාවක් ගොඩනගාගෙන තමන් කරලා තියෙන ජඩ වැඩ ටික වහ ගන්න විපක්ෂයේ සිටින සමහර කුහක දේශපාලඥයන් අද උත්සාහ කරනවා.
මේ අය සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම වැනි ගිවිසුම් ගැන බොරු බිල්ලන් මවමින් ජනතාව භීතියට පත් කරමින් සිටිනවා. සිංගප්පූරු ගිවිසුම මගින් එරට තිබෙන කුණු කසල මෙරටට ගෙන එනවා කියලා මේ අය මීට මාස කිහිපයකට පෙර පැවසුවා. ඉන්පසු ඉන්දියානු ගිලන් රථ සේවය හඳුන්වා දුන් අවස්ථාවේ රෝ ඔත්තු සේවය එනවා කියලා කිව්වා. දැන් මේ උදය ගම්මන්පිල, විමල් වීරවංශලා මවපු බිල්ලො අද පුස්සක් වෙලා තියෙනවා.
මේ ඇක්සා ගිවිසුම අත්සන් කලේ මෙයට අවුරුදු 10කට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනුයි. අවුරුදු දහයක් තිස්සේ මේ ගැන කතා නොකළ පිරිස් අද මේ ගිවිසුම් ගැන කතා කරනවා. මේ රට නිවැරදි දිශාවකට යොමු කරන ගේම් ගහන්න එපා කියලා කොට කුහක දේශපාලනඥයින්ට අපි කියනවා.
වාණිජ මණ්ඩල ගැන අද කතා කරනවා. වාණිජ මණ්ඩලය කියන්නේ ස්වාධින ආයතනයක්. එම ආයතනය කාගේ හරි දේශපාලන වූවමනාවක් වෙනුවෙන් පරිවර්තනය වෙන්න උත්සාහ කරනවනම් ඒක එළිපිට කරන්න. බොරුවට යටින් ගේම් ගහන්න එපා කියලා අපි ඒ අයට කියනවා.
බන්ධුල ගුණවර්ධන මහතා පසුගිය දිනවල මේ රටේ ආර්ථිකය පිළිබඳ විශාල කතාකාවක් ගොඩ නැගුවා. රටේ ආර්ථිකය විනාශ වෙයි කිව්වා. මාස කිහිපයකින් ඇමෙරිකානු ඩොලරය රුපියල් දෙසීයට නගීවි කිව්වා.
මහ බැංකු වාර්තා වලට අනුව මේ වනවිට ඩොලරයේ අගය රුපියල් 183 සිට 176 දක්වා අඩු වෙලා තියෙනවා. ස්ටලින් පවුමට සාපේක්ෂව රුපියල 3.3% වර්ධනය වෙලා තියෙනවා.
ඒ වගේම ජපානයෙන් එකට සාපේක්ෂව 0.4%, යුරෝ වලට සාපේක්ෂව 4.7% නුත් ඉන්දියානු රුපියලට සාපේක්ෂව 5.7% කින් රුපියල ශක්තිමත් වෙලා තියෙනවා කියලා අපි බන්දුල ගුණවර්ධන මහතාගේ ආර්ථික පර්යේෂණ ඒකකයට දැනුම් දෙනවා’’ යැයි ද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ජනපති දුටු සිහිනය පුස්සක් වෙලා’