(ජයන්ත සමරකෝන්)
එංගලන්තයේ සිට මෙරටට ආනයනය කර ඇති කසළ අඩංගු කන්ටේනර් 130ක් වසර එකහමාරක් තිස්සේ ප්‍රතිඅපනයනය නොකිරීම සම්බන්ධයෙන් හේලිස් පෞද්ගලික සමාගමට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත්, වහාම එම කසළ තොග ප්‍රතිඅපනයනය කිරීමටත් උපදෙස් දුන් බව, ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද(25) අරලියගහ මන්දිරයේ පවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ඒ සමඟම දැනට වරායේ රඳවා ඇති කසළ කන්ටේනර් 111ක්ද, ඉදිරි සති දෙක ඇතුළත වහාම ප්‍රතිඅපනයනය කරන ලෙසට ඒවා ගෙන්වූ තවත් සමාගමකට තදින් අවවාද කළ බවද මන්ත්‍රීවරයා කීය.
කෙසේ වෙතත් මෙරටට කසළ ආනයනය කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවද, මෙම කසළ අපද්‍රව්‍ය ගෙන්වීමට 2013 වසරේදී පසුගිය රජය නිකුත් කළ ගැසට් පත්‍රය හෝ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම යොදා ගෙන ඇති බවට ගෙනයන ප්‍රචාරය මුළුමණින්ම අසත්‍යයක් බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 04
754
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘කසළ කන්ටේනර් ප්‍රතිඅපනයනය නොකළාට නීතිය ක්‍රියාත්මක කරන්න’