(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ ඉලක්ක කරමින් කටයුතු කරනවා වෙනුවට වත්මන් ආණ්ඩුවේ ධූර කාලය අවසන් වන තෙක්ම රටත් ජනතාවත් වෙනුවෙන් සිදුකළ හැකි සියල්ල ඉටු කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කොළඹ දී පැවසීය.
ඇතැම් පිරිස් මැතිවරණ ඉලක්ක කරමින් ක්‍රියා කරමින් සිටියත් රට වෙනුවෙන් සිදුකළ කිසිවක් නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේ්ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙසේ ද කීවේය.
‘‘විද්‍යාව, තාක්ෂණය සහ පර්යේෂණ කියන මේ අමාත්‍යාංශය දියුණු රටක නම් ප්‍රධාන අමාත්‍යාංශ තුනෙන් එකක් බවට පත්වෙනවා. මෙතන තමයි රටේ අනාගතය රැඳී තිබෙන්නේ.
අමාත්‍යංශයක් විදියට අපි ජනතාව බලාපොරොත්තු වන ලස්සන රට බිහිකිරීමට කැපවී ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් අපි මේ වනවිට විශාල පියවර රැසක් ගෙන තිබෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් රටේ ඉදිරි ගමනට විශාල හානියක් සිදුවුණා. අපි දැන් ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මර්දනය කරමින් රට යථා තත්වයට පත්කරමින් තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වාර්තා ගත ලෙස ආර්ථික, සංවර්ධන අංශයෙන් රට ඉදිරියට ගෙනවිත් තිබෙනවා.
නැවතත් වාර්තාගත ලෙස සංචාරකයන් දිවයිනට පැමිණෙමින් සිටිනවා. මෙවැනි ත්‍රස්තවාදි ප්‍රහාරයකින් පසු ඉතා ඉක්මණින්ම නැවත සන තත්වයට පත්වූ එකම රට බවට අද අපේ රට පත්ව තිබෙනවා.
අපේ අමාත්‍යංශය ඇතුළු සියලුම අමාත්‍යංශ ඒ වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ක්‍රියා කරගෙන යනවා. එහි ප්‍රතිඵල අද වනවිට අපේ ජනතාවට ලැබෙමින් පවතිනවා.
අපේ රජය කිසි වැඩක් නැහැ කියලා විපක්ෂය ඇතුළු පිරිස් අද චෝදනා කරනවා. අපි මේ වසර හතරහමාරක කාලය තුළ විශාල වැඩකොටසක් කරලා තියෙනවා. ඉදිරි කාලයත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරලා තියෙනවා" යැයි ඒ මහතා පැවසීය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’ආණ්ඩුවේ ධූර කාලය අවසන් වන තෙක්ම ජනතාව වෙනුවෙන් සියල්ල ඉටු කරනවා’