IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සේවය ස්ථිර කිරීමේ ගැටලුවට විසඳුම් දෙන්නැයි පරිපාලන ඇමැතිට ලිපියක්

(බිඟුන් මේනක ගමගේ)

අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරේ ස්ථීර කිරීමේදී පත්වීම් බලාත්මක වන දිනයේ වරදක් හේතුවෙන් මාස හතරක සේවා කාලයක් ඔවුන්ට අහිමිව ඇතැයි ද එය නිවැරැදි කර දෙන්නැයි ඉල්ලමින් සංවර්ධන නිලධාරි සේවා සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලිපියක් යොමු කර ඇත.

අභ්‍යාසලාභී පත්වීම් 2018.08.20 දින ලැබූ උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරේ ස්ථීර කිරීම සඳහා පත්වීම් දිනය ලෙස රාජ්‍ය සේවා කොමිසම 2020.01.01 දින තීරණය කිරීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසයි.

අභ්‍යාසලාභී පදනම යටතට  2018.08. 20 දින ඇතුළත් වූ උපාධිධාරීන්ගේ පත්වීම් දිනය බවට පත්විය යුත්තේ 2019.08.21 හෝ ඊට ආසන්න දිනයක් යැයි ද මෙම තීරණය ගැනීමත් සමඟ 2019 අගෝස්තු 21 සිට 2019 දෙසැම්බර් 31 දක්වා මාස හතරකට වැඩි කාලයක් ස්ථීර පත්වීම් කාලයක් ඔවුන්ට අහිමි වන්නේ යැයි සංවර්ධන නිලධාරි සේවා සංගමය චෝදනා කරයි.

අභ්‍යාසලාභී පුහුණු කාලය මාස 12 ක් වන බැවින් අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර කිරීමේදී 2019.09.01 පත්වීම් දිනය හැටියට යොදන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද සංවර්ධන නිලධාරි සේවා සංගමය සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.



අදහස් (0)

සේවය ස්ථිර කිරීමේ ගැටලුවට විසඳුම් දෙන්නැයි පරිපාලන ඇමැතිට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site