හෝටල් සහ ආපන ශාලා වලින් ආහාර ලබා ගන්නා ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම සදහා නව නීතිරීති කඩිනමින් ගෙන එන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
“පසු ගිය කාලයේදී දිවයින පුරා පිහිටි හෝටල් ශ්‍රේණිගත කිරිම් සිදු වු බවත් , ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීම සදහා හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති සෞඛ්‍ය අමාත්‍යංශය සකස් කරමින් සිටින බවද සඳහන් කළේය.
ඉදිරියේදී සෑම හෝටලයක්ම වසරක් පාසා ලියාපදිංචි කළ යුතු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වා දෙන නව රෙගුලාසි වලට ද අනුකූල විය යුතුයි.
මේ යටතේ ආහාර අතින් අල්ලා පාරිභෝගිකයාට අලෙවි කිරිම ද තහනම් කරන අතර ජනතාව බෝනොවන රෝග වලින් ආරක්ෂා කර ගැනීම සදහා පියවර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර අමාත්‍යාංශ 14 ක් ඒකාබද්ධව බෝනොවන රෝග කවුන්සිලය ස්ථාපිත කර විවිධ ක්‍රියාමාර්ග සාකච්ඡා කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
(36698)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති