IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


හැකිනම් මහ මැතිවරණයකට එන්න

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මැතිවරණයකට නොගොස් බලයේ රැදී සිටීමට දරණ උත්සහය මේ දිනවල පාර්ලිමෙන්තුවේ සිදුවන වැඩ වලින් පෙනෙන්නට ඇතැයි පැවසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක රාජ්‍ය භාෂා සහ සංහිදියා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හැකිනම් මහ මැතිවරණයකට මුහුණ දී පෙන්වන්නැයි එක්සත් ජාතික පක්‍ෂයට අභියෝගයක්ද කළේය.


‘ජනතා වරමකට ඉඩදෙමු’ යන තේමාව යටතේ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය හෙට (27)  වැනිදා කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ආරම්භ කරන උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් වාසුදේව නානායක්කාර මහතා එලෙස අභියෝගයක් කළේය.


වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය විසින් මරදාන ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මුලස්ථානයේදී අද  (25) මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන ලදී.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය භාෂා සහ සංහිදියා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඒකාබද්ධ වියරුවට එරෙහිව රංචු ගැසෙන බව කියමින් මේ දිනවල මුද්‍රිත මාධ්‍ය ආණ්ඩුව හංවඩු ගහනවා.


පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබීමට ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා එක්වරක් පාර්ලිමෙන්තුව කල් තැබු පසු ඒකට විරුද්ධව මහා කෑගැසිල්ලක් ඇති වුණා. ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගත් ලැබුණා. පාර්ලිමේන්තුව තවත් වරක් කල් තැබීමට ජනාධිපතිවරයාට හැකියාව ඇතත් ආපසු පාර්ලිමෙන්තුව කල් නොතබන බව  ජනාධිපතිවරයා කීවා.


යහපාලන ආන්ඩුවට මහජනතාවට සහන දෙන්න බැරි වුණත් මහින්ද රාජපක්‍ෂ මහතාට මුදල් ඇමතිකම ලැබී දින කිහිපයක් තුළ ඔහු මහජනතාවට සහන දුන්නා. පොහොර සහනාධාරය ලබාදෙමින් ගොවීන්ට සහන දුන්නා. 


මහජනතාවට සහන දෙන මේ පෙළ ගැස්මට කවුරු හරි විරුද්ධ නම් ඒ විරුද්ධවාදීකමට එරෙහිව ජනතාවගේ බලය පෙළගැස්වීමට අපි සුදානම්.


මධ්‍යම හා ඉහළ පන්තියේ ධනවතුන් ඇතුළුව පිරිසක් එයට විරුද්ධව කෑගසනවා. ඔවුන්ට මේ ආණ්ඩුවට එරෙහිව දිනපතා ජනතා කැඳවීම් කිරීමට හැකිනම් අපිට පැයෙන් පැයට ජනතා කැඳවීම් කරන්න පුළුවන්. ඒ සඳහා අපි සුදානම්. 


ජනතාවගේ බලය පෙන්විය හැක්කේ පාර්ලිමෙන්තු ඡන්දයකින්. මැතිවරණයකට නොගොස් බලයේ රැදී සිටීමට සමහරුන් දරණ උත්සහය මේ දිනවල පාර්ලිමේන්තුවේ සිදුවන වැඩ වලින් පෙනෙනවා. මේ අය ජනතාවට කොච්චර බයද? පාර්ලිමේන්තු ඡන්දයකට කොච්චර භයද? කියා ඔවුන්ගේ වැඩ වලින් පෙනෙනවා. ඔවුන්ගේ හඬින් මේ රට යට කරන්න දෙන්නේ නැහැ. ජනතාවගේ හඬි


මේ රට නඟා සිටුවීම ආරම්භ කරමින් ඒ සඳහා වන බලවේග ලබන 27 වැනිදා අපි කොළඹට කැඳවනවා.



අදහස් (0)

හැකිනම් මහ මැතිවරණයකට එන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site