IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විදුහල්පති පුරප්පාඩු ගැන ගුරු සේවා සංගමයෙන් ආණ්ඩුවට චෝදනාවක්

(නිමල කොඩිතුවක්කු)

         ජාතික පාසල් 354 න් 303 කම පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා නුසුදුස්සන් පත් කිරීමට ආණ්ඩුව රාජ්‍ය සේවා කොමිසන් සභාවට බලපෑම් එල්ල කරමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දෙවන වතාවටත් රාජ්‍ය සේවා කොමිසන් සභා නිලධාරීන් කැඳවීමට පියවර ගෙන  ඇතැයිද ඔහු සඳහන් කළේය.

ලංකා ගුරු සේවා සංගමය මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේදී අද (21) කැඳවූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එම පුරප්පාඩු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව සඳහා විදුහල්පතිවරුන් නම් කර යවා  ඇත්තේ  සේවා පලපරුද්ද, දක්ෂතාවය ආදිය සඳහා සැලකිල්ලට ගන්නවා  වෙනුවට තොරතුරු සන්නිවේදන තාක්ෂණය, ඉංග‍්‍රීසි ආදි විෂයන් සඳහා ලබාගෙන ඇති උපාධි සැලකිල්ලට ගනිමින් බවද ජයසිංහ මහතා පැවැසීය.

මේ හේතුවෙන් ඇතැම් ජාතික පාසල් සඳහා පළවෙනි ශ්‍රේණියේ නිලධාරින් වෙනුවට තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරීන් පවා නිර්දේශ වී ඇතැයිද ඔහු කීය.

තම හිතවතුන් ඉහළට ගෙන ඒමේ අරමුණින් එම ක‍්‍රියාමාර්ගය ගෙන ඇතැයිද  මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව මෙම ලැයිස්තු ප‍්‍රතික්ෂේප කර ඇති නිසා අග‍්‍රාමාත්‍යවරයා  විසින් පසුගිය 18 වනදා එම නිලධාරීන් කැඳවා ඇති බවත් එහි සභාපතිවරයා නොමැති වීම හේතුවෙන් යළිත් හෙට (22) දිනයේද ඔවුන් කැඳවා ඇතියිද ජයසිංහ මහතා පැවැසීය.

රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව සිදුකරන බලපෑම් නතර කරන ලෙසට ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් හෙතෙම කීය.

තම පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් තොරව විදුහල්පති පුරප්පාඩු තනතුරු සඳහා විධිමත් ක‍්‍රමවේදයකට අනුව සුදුස්සන් පත් කරන ලෙසද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් රජයෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

විදුහල්පති පුරප්පාඩු ගැන ගුරු සේවා සංගමයෙන් ආණ්ඩුවට චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site