IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මුහුණු ආවරණ සහිත ඇඳුම් - හිස් ආවරණ ගැන පාසල් ප්‍රධානීන්ට ලිපියක්

(ඩයනා උදයංගනී)
            

මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් නියෝග ඇතුළත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් ප‍්‍රධානීන් වෙත යොමු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම ලිපිය යොමු කර ඇත.
 
මුහුණු ආවරණය සහිත ඇඳුම් හෝ ආරක්ෂිත හිස් ආවරණ පැළඳ පාසලකට කිසිවකු පැමිණි අවස්ථාවකදී පාසල් ප‍්‍රධානීන් මැදිහත් විය යුතු ආකාරය ද එහි ඇතුළත් වේ.

මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම නිසා ඇතැම් පුද්ගලයින් මෙන්ම සමහර ගුරුවරියන් ද මුහුණු ආවරණ සහිත ඇඳුමෙන් සැරසී පැමිණීම හේතුවෙන් පසුගිය දිනවල පාසල් කිහිපයක ගැටලූ සහගත තත්ත්වයක් ඇති වූ බැවින් මෙම පියවර ගෙන තිබේ.

හදිසි නීති රෙගුලාසි යටතේ සම්පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධව නිකුත් කර ඇති රජයේ අති විශේෂ ගැසට් නිවේදනයන් හි දැක්වෙන නියෝගයට අනුව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට මුහුණු ආවරණය පිළිබඳව යොමු කර ඇති චිත‍්‍රණයක් ද මෙම ලිපිය සමඟ ඇමුණුමක් ලෙස පාසල් ප‍්‍රධානීන්ට යොමු කර ඇත.



අදහස් (0)

මුහුණු ආවරණ සහිත ඇඳුම් - හිස් ආවරණ ගැන පාසල් ප්‍රධානීන්ට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site