IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මිනිස් ජාවාරම නතර කිරීමට ඇමතිගෙන් උපදෙස්

නීතී විරෝධි මිනිස් ජාවාරම් වැළැක්වීම  සඳහා  අරඹා ඇති  වැඩ  කටයුතු තව දුරටත් උසස් තත්ත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  උපදෙස් ලබා දී තිබේ.

 මේ සම්බන්ධයෙන් විදේශ  රැකියා නියුක්ති කාර්යාංශයේ  පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ  නිලධාරීන් අතර පැවිති විශේෂ හමුවකදී  අමාත්‍යවරයා නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවට ආධාර, ණය ලබාදීම, ප්‍රතිරූපය සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර කටයුතුවලදී ද මෙම තත්වයන් ආරක්ෂා කර ගෙන කටයුතු කර තිබීම වැදගත් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

2019 වසරේදි ද ශ්‍රී ලංකාව ලබා ඇති උසස් තත්වය ආරක්ෂා කර ගෙන ඉදිරියට යාම සදහා සියලු ආයතනවල අවධානය යොමු විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

 2019 මාර්තු 31 වන දින වන විට ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු මිනිස් ජාවාරමට අදාළ ප්‍රගති වාර්තාව පිළිබදව සාකච්ඡා කිරීම මෙම හමුවේ මුලික අරමුණ වී තිබේ.

2017 වර්ෂයේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව  ඉහළ ස්ථානයක් හිමි වී තිබු අතර  එම උසස් තත්වය 2018 වර්ෂයේදී ද ආරක්ෂා කර ගැනීම සදහා ශ්‍රී ලංකාව සමත්වු බව අමාත්‍යාංශය  පවසයි. 

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවට අනුව  2017 වර්ෂයට පෙර නීති විරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් වු කටයුතු වලදී ශ්‍රී ලංකාව අවදානම් තත්වයේ පසුවු  බව  ද අමාත්‍යංශය සඳහන් කළේය.

36698



අදහස් (0)

මිනිස් ජාවාරම නතර කිරීමට ඇමතිගෙන් උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16833 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 654 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site