(විනීතා එම් ගමගේ)
සමෘද්ධි ප‍්‍රතිලාභ තවත් පවුල් හය ලක්ෂයකට ලබා දීම (30) වැනිදා සිට ආරම්භ වන බව ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව සමෘද්ධි ලාභින් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් 30 වැනිදා සිට ලබල මස 15 වැනිදා දක්වා දිවයින පුරා ක‍්‍රියාත්මක වන බව ද හෙතෙම කියා සිටියේය.
මේ සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කර ඇතැයි කී අමාත්‍යවරයා ඉකුත් වසරේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කළ සමීක්ෂණයක් අනුව සමෘද්ධි ලැබිය යුතු තවත් 850,000 ක් සිටින බව හෙළි වී ඇති බවත් ඒ අනුව තෝරාගත් ලක්ෂ හයක් දෙනාට මෙම ප‍්‍රතිලාභ හිමි වන බවත් සඳහන් කළේය.
මෙම වැඩ පිළිවෙල අලුතින් සිතමු දිරියෙන් නැගිටිමු යනුවෙන් නම් කර ඇති බවත් සමෘද්ධී ලබා දීමට පෙර ඔවුන් දැනුවත් කිරීමට තීරණය කළ බවත් කියා සිටි අමාත්‍යවරයා අම්පාර සිට දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීම සිදුකරන බව ද සඳහන් කළේය.
මේ සමඟම ප‍්‍රාදේශීය සභාවල දී ද දැනුවත් කිරීම් සිදුකරන බවත් දුගී දුප්පත් කියන සියලු දෙනාට තනිව නැගිටිය හැකි ලෙස ව්‍යාපෘති 59 ක් සකස් කරන බවත් ඒ සඳහා රජයේ මුදල් ලබා නොගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
27,000ක් වන සමෘද්ධි නිලධාරීන්ගෙන් අති බහුතරයෙන් මේ සඳහා සහය නොලැබෙන අතර කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවත් පැවසූ දයා ගමගේ මහතා ඉදිරියේ දී සමෘද්ධි බැංකු වලට ගිණුම් ලක්ෂ හයක් ලබා දෙන බැවින් බැංකු විසින් එක් අයෙකුට රුපයල් පන්සියයක් වැය කරන බව ද කීය.
මේ පවුල් ලක්ෂ හය පමණක් නොව ගිය රජයෙන් වහලුන් මෙන් වැඩ කරගත් ලක්ෂ 20ක් දෙනා සවිබල ගන්වන අතර සැමදා සමෘද්ධියෙන් ජීවත් වීමේ මානසිකත්වය ඉවත් කරන්නට කටයුතු කරන බව ද කියා සිටියේය.
දයා ගමගේ මහතා මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති මාධ්‍ය හමුවකදීය.
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ප‍්‍රතිලාභ