(අංජුල මහික වීරරත්න)
රජය රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල වගකීමක් ගෙන කටයුතු කරන බැවින් අයවැයෙන් වෙන් කර තිබෙන සියලූ මුදල් සංවර්ධන වැඩසටහන් සඳහා නිසියාකාරව වියදම් කර අවසන් කිරීම ප්‍රමුඛ කාර්යය විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) දින අරලියගහ මන්දිරයේදී පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ උතුරු නැගෙනහිර සංවර්ධන කාර්යයන් වේගවත් කිරීම සඳහා තල් සංවර්ධන අරමුදල ස්ථාපිත කිරීම වෙනුවෙන් පැවති සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
මෙම අරමුදල යටතේ උතුරු නැනෙහිර යටිතල පහසුකම් දියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු වේගවත්ව සිදු කිරීමට සැලසුම් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
‘‘උතුරු නැගෙනහිර යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ දියුණු කිරීම සඳහා අපි මෙම අරමුදල ආරම්භ කළා. එම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන්කර දෙන්න යැයි විශේෂයෙන් ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව එම ප්‍රදේශවල සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යතුමා අයවැය මගින් මෙම අරමුදලට මුදල් වෙන් කර දීමට කටයුතු කර තිබෙනවා. ඒ ඒ ප්‍රදේශවල මන්ත්‍රීතුමන්ලා සංවර්ධනය සඳහා වන තම තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන විට ඒවාට අනුව මුදල් ලබාදීමට මේ අරමුදල හරහා අපට හැකියාව ලැබෙනවා.
මෙම අරමුදලට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ රුපියල් බිලියන 7ක් අපි ලබා දෙනවා.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවිර, දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. සම්බන්ධන්, ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස් අඩෙක්කලනාදන්, ඩී. ශ්‍රීධරන්, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිව ඥානසෝති යන මහත්ම මහත්මීහු ඇතුළු දේශපාලන නියෝජිතවරු සහ රාජ්‍ය නිලධාරීහු රැසක් ද සහභාගි වී සිටියහ.
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තල් සංවර්ධන අරමුදල අරඹයි