IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජනමාධ්‍ය නිදහස තහවුරු කරන්න

(බිඟුන් මේනක ගමගේ)

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය පිරිනැමීමෙන් පසුව දේශපාලන අර්බුදකාරීත්වයක් නිර්මාණය වී ඇතැයි ද එම තත්ත්වය මත ජනමාධ්‍ය නිදහස නැවතත් අභියෝගයට ලක්ව ඇතැයි ද ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනමාධ්‍යවේදීන්ට සිදුකළ හිංසන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරුණු පරීක්ෂණවල ප්‍රධාන කාර්යභාරයක් ඉසිලූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ සේවා මාරුවත් යළි එය අවලංගු කිරීමත් ගැන සඳහන් කරමින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙයට එරෙහිව පෙනී සිටින ජනමාධ්‍ය සංවිධාන නායකයන්ට හා ක්‍රියාකාරීත්වයට තර්ජිත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි අවධානයෙන් සිටින්නේ යැයි ද එහි සඳහන් වේ.

සිය හවුල්කාර පාර්ශ්වය වන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ සෙසු සියලු සහෝදර මාධ්‍ය සංවිධාන සමඟ ශ්‍රී ලංකා රජයට ජනමාධ්‍ය නිදහස හා කර්තෘ මණ්ඩල නිදහස තහවුරු කරන්නැයි බල කරන්නේ යැයිද ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය නිවේදනය මගින් අවධාරණය කරයි.

තවද ජනමාධ්‍යටත් ජනමාධ්‍යවේදීන්ටත් තර්ජනය කරනු ලබන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා රජයට බල කරන්නේ යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යනු රටවල් 140ක් පුරා පිහිටුවා ඇති ජනමාධ්‍ය වෘත්තීය සමිති 187 කින් සමන්විත ලක්ෂ හයකට අධික සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින ලොව විශාලතම ජනමාධ්‍ය සංවිධානයයි.



අදහස් (0)

ජනමාධ්‍ය නිදහස තහවුරු කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16833 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 654 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site