IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජාතික ආණ්ඩු යෝජනාව නිසැකවම පරදවනවා

(ඩයනා උදයංගනී)
 
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාව නිසැක වශයෙන්ම පරාජය කරවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
 
වත්මන් රජය ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරන්නේ රට සංවර්ධනය කිරීමට, ජාතික අවශ්‍යතාවයක් ඉටුකිරීමට හෝ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් නොවන බව කී ශාන්ත බණ්ඩාර මහතා ඔවුන්ගේ එකම අරමුණ අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර ප‍්‍රමාණය වැඩිකරගැනීම බව ද සඳහන් කළේය.
               
එක්සත් ජාතික පෙරමුණේ  සාමාජික පක්‍ෂයක් වන මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරයෙක් පෙන්වා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නීත්‍යානුකූල නොවන මෙන්ම සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවක් බව ද මන්ත‍්‍රීවරයා සඳහන්  කළේය.          
               
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (6 ) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලීසිය තමන් යටතට පවරා ගන්නා අවස්ථාවේ දී එතුමාට විවිධ චෝදනා එල්ල වුවද ජනාධිපතිවරයා කළ කටයුත්තේ අගය මේ වන විට සියලූ දෙනාට වැටහෙමින් තිබෙන බව ද මන්ත‍්‍රීවරයා සඳහන්  කළේය.
 
ජනාධිපතිවරයා පොලීසිය තමන් යටතට පවරා ගනිමිනි බලාපොරොත්තු වූ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම හා පාතාලය මැඩලීම යන කටයුතු මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතින බව ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
 
ජනාධිපතිවරයා සියලූ තීරණ ගනු ලබන්නේ රට වෙනුවෙන් බව කී ශාන්ත බණ්ඩාර මහතා එතුමා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් ගෙනයනු ලබන වැඩපිළිවෙල පිළිබඳව සතුටු වන බව ද ප‍්‍රකාශ කළේය.
                 



අදහස් (0)

ජාතික ආණ්ඩු යෝජනාව නිසැකවම පරදවනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16884 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site