(නිමල කොඩිතුවක්කු)
කාර්යාල නිල ඇඳුම් පිළිබද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක‍්‍රලේඛයට අනුකූලව කටයුතු කිරිමේ අවශ්‍යතාවයක් නැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම චක‍්‍රලේඛය සංශෝධනයට අවශය පියවර ගනිමින් සිටින බවත් අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
රාජ්‍ය ආයතනවල සේවය කිරීමේදි කාන්තාවන්ට සාරිය සහ ඔසරිය පමණක් අනිවාර්ය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් පසුගියදා මෙම චක‍්‍රලේකය නිකුත් කරනු ලැබීය.
මෙම චක‍්‍රලේඛනය මගින් කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වන බවට පවසමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් වාර්තාවක් නිතුත් කරනු ලැබීය.
මෙම වාර්තාව සහ තවත් කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් එම චක‍්‍රලේකය ක‍්‍රියාත්මක නොකරන ලෙසත් ඒ සදහා වහාම සංශෝධන ඉදිරිපත් කරන ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුලූ අමාත්‍යාංශ කිහිපයකින්ද මෙම චක‍්‍රලේඛනය ක‍්‍රියාත්මක කිරීමේදි ගැටලූ පැන නගින බවට කරුණු දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයට වාර්තා ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘කාර්යාල නිල ඇඳුම් චක්‍රලේඛයට අනුව වැඩ කරන්න ඕනෑ නැහැ‘