IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


‘කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවූ නායකයෙක්‘

(නිමල කොඩිතුවක්කු)

කරූ ජයසූරිය මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවූ නායකයෙක් ලෙස ඔහු පිළිබ`ද විශ්වාසය තැබිය හැකි  බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර   මහතා පැවැසීය.
 
ඉදිරි ජනාධිපතිවරණයේදි යම් කිසි අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂය නොමැතිව ගමනක් යාමට සිතන්නේ නම් ඔහුට පොලේ ගිය නයාට සිදුවූ දෙයම වනු ඇති බවත් මන්ත‍්‍රිවරයා සදහන් කළේය.
 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර   මහතා මෙසේද කීය.
‘‘ලබන සතියේදී කෘත්‍යාධිකාරි මණ්ඩළය රැස්කිරීමට නියමිතයි. එහිදී අපේ අපේකෂකයා නම් කිරීමට නියමිතව තිබෙනවා. ජයග‍්‍රහණය කරන්න පුලූවන් සුදුසුම අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා.
 
අපේ පක්ෂයේ කිසිම ඝට්ඨනයක් සහ අරගලයක් නැහැ. අපි සුයලූදෙනාම බොහෝම සාමකාමීව සහ සුහදව කටයුතු කරනවා.
 
ඉදිරි ජනාධිපතිවරණය  සදහා ඉදිරිපත් වෙන්න කියලා  කරූ ජයසූරිය මහතාගෙනුත් සිවිල් සංවිධාන, මහානායක හිමිවරුන්  දේශපාලන සංවිධාන ඇතුලූ බොහෝ දෙනා ආරාධනා කර තිබෙනවා.
 
විධායක ජනාධිපතිධුරය සැබවින්ම ඉවත් කිරීමට එතුමා  එකඟ වෙලා මේ වගකීම භාර ගෙන තිබෙනවා. 1978 මේ විධායක  ජනාධිපතිධුරය ඇති කරයින් පස්සේ එතැන් සිට  සියලූම දේශපාලන පක්ෂ මේ විධායක  ජනාධිපතිධුරයට බැන්නා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සිට අද රටේ ජනාධිපතිධුරයේ ඉන්න ඉන්න මෛත‍්‍රීපාල සිරිසේන දක්වාම විධායක  ජනාධිපති ධුරය විවේචනය කළා.

මෛත‍්‍රිපාල සිරිසේන මහතාත් මෙතෙන්ට ආවේ  විධායක  ජනාධිපතිධුරය අතහරිනවා කියලා. හැබැයි ඔහු තවම ඒක බදාගෙන ඉන්නවා.  කරූ ජයසූරිය කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි ඔහු  කියූ දෙය කළ නායකයෙක්. ඒක අපිට බොහොම වගකීමෙන් කියන්න පුලූවන්.



අදහස් (0)

‘කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවූ නායකයෙක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 793 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site