IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා’

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි මැතිවරණවලින් පසු විධායක ජනාධිපතිධූරය අහෝසි කර පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කරමින් රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව සංවර්ධන  උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා පැවැසීය.

රටටත් ජනතාවටත් හිතැති නව ව්‍යවස්ථාවක් තුළින් වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් නිර්මාණය කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවත්  නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ දී  අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා මෙසේ ද කීය.

‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ  පුද්ගලයින් සිව් දෙනෙකුට  මරණ දඩුවම ලබාදිමට එකඟතාවය පළ කරලා තියෙනවා.  මම දන්නේ නැහැ ජනාධිපතිතුමා කුමන අරමුණකින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරනවාද කියලා. නමුත් එක්සත්  ජාතික පක්ෂය විදියට අපි මරණ දඬුවමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

විශේෂයෙන්ම මේ  වන විට ලෝකයේ දියුණු රටවල මරණ දඬුවම ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි.  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි. නමුත් සමාජ සම්මතයන්ට අනුව අපි කටයුතු කළ යුතුයි.

19 සම්මත කරද්දි එවකට පාර්ලිමේන්තුවේ  හිටපු එක මන්ත‍්‍රීවරයෙක් හැර සියලූ දෙනාම මේ සදහා තමන්ගේ අනුමැතිය පළ කළා.

අපි එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාව  ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළේ මේ ඒකාධිපති බලතල අඩු කරන්නත් එතුමාගෙන්  පසුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට  අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමටයි.

අද වනවිට කවුරු හරි කියනවා නම් 19 හරියට දැක්කේ නැහැ දන්නේ නැතුව සම්මත  වුණා කියලා ඒක තමන් තමන්වම හෑල්ලුවට ලක් කිරීමක් හැටියට මම දකිනවා.   කවුරුහරි කියනවා නම් අපිව අන්දලා  තමයි මේක ගෙනාවේ කියලා ඒ වගේ පුද්ගලයෙක්  මේ රටේ කිසිදු තනතුරකට සුදුසු නැහැ කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ.

මේ ව්‍යවස්ථාව  තුළින් තව මාස කිහිපයක්වත් ජනාධිපතිතුමාව බලයේ තියාගන්නේ කියලා අපි දැක්කා  පහුගිය ටිකේ දයාසිරි ජයසේකර මහතා එහෙම ගොඩාක් මහන්සි වෙනවා. මේ ප‍්‍රශ්නය තමයි මේ අයට  අද තියෙන්නේ.

අපි පක්ෂයක් විදියට  එක්සත් ජාතික පක්ෂය බලන්නේ 19න් එහා ගිහින්  මේ ඉදිරි මැතිවරණ වලින් පස්සේ කොහොමද  ජනාධිපතිධූරය අහෝසි කරන  තැන දක්වා අරගෙන යන්නේ කියලා. ජනාධිපති ධූරය  අහෝසි කරලා පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කරමින් රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපි කටයුතු කරනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට යලි ස්ථාවර වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. ආයෝජකයින් රටට පැමිණෙමින් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමේ අරමුණින් සංචාරක ආකර්ෂණය කිරිමේ වැඩපිළිළෙක් කඩිනම් කිරීමටත් අපි කටයුතු කරනවා’’යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (0)

‘අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site