පහතින් දැක්වෙන්නේ සංඛ්‍යා ලේඛන හා පවතින දේශපාලන ප්‍රවණතා සැලකිල්ලට ගෙන ගොඩනඟන ලද උපකල්පනයකි. (Hypothesis) එම නිසා මෙම තර්කනය සත්‍ය ලෙස නොසැලකිය යුතුව තිබේ. එසේම සංඛ්‍යා ඉදිරිපත් කිරීමේදී සියයට 3+/- තක්සේරු වරද තිබිය හැක.
මෙම උපකල්පනවල තර්ක ගණනාවක් ගොඩනඟනු ලබයි. ඉන් පළමු තර්කය වන්නේඉදිරි මැතිවරණය තුළ අනුර හෝ සජිත් හෝ රනිල්ට නිශ්චිතවම පළමු මනාපයෙන් ජයගන්නට නොහැකි වනු ඇති බවයි. දෙවැනි තර්කය වන්නේ 2024 ජනාධිපති මැතිවරණයේ ජයග්‍රහණය තීරණය වන්නේ දෙවැනි මනාපයෙන් වීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බවය.
ඉහත කී තර්කන දෙක ගොඩනඟන්නේ පහත සඳහන් දත්තමය විශ්ලේශනය මත පිහිටමිණි. රටේ ලියාපදිංචි සිංහල ඡන්ද මුළු ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 75 කි.
ඒ අනුව බලන කල ලියා පදිංචි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 171 නම් ඉන් සියයට 75 ක් යනු මෙවර සිංහල ඡන්දය ලක්ෂ 128 ට ආසන්න වන්නේය.
ඉහත සංඛ්‍යා දත්තවලට අනුව රටේ දෙමළ (උ/නැ/උඩරට) හා මුස්ලිම් ඡන්දය ලක්ෂ 43 ක් පමණ විය හැකිව තිබේ. (මේ පිළිබඳ නිශ්චිත සංගණනයක් නැත).
මෙවර ලියා පදිංචි ඡන්දදායකයන් ගෙන් සියයට80 ක් වලංගු ඡන්දය භාවිතා කළහැකි යයි උපකල්පනය කළහොත් එම මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 140පමණ වියහැකි යයි අනුමාන කළහැකිව තිබේ.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී පළමු වටයෙදීම දිනන අපේක්ෂකයාට ලක්ෂ 70 ක අවම ඡන්දයක් ලබාගැනීමට සිදුවනු ඇත.
ඒ අනුව බලන කල සියයට 80 ක් වලංගු ඡන්දය තුළ සිංහල ඡන්දය විය හැක්කේ දළ වශයෙන් ලක්ෂ 112 ක ඡන්දයකි. එසේම සියයට 80 ක වලංගු ඡන්දය තුළ දෙමළ-මුස්ලිම් ඡන්දය විය හැක්කේ ලක්ෂ 34ක ඡන්දයකි.
එකී පසුබිමක මෙවර ඡන්දයේ දී අනුරට, සජිත්ට හා රනිල්ට තිබෙන ඡන්ද විභවය සලකා බැලිය හැක,
මේ සඳහා ආධාරක වන පළමු දත්ත සමූහය වන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ලක්ෂ 69 සහ 2018 ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පොහොට්ටු පක්ෂය ලැබූ ඡන්ද ලක්ෂ 40 ත් ය.
ඒ අනුව ගෝඨාභය මහතා ලැබූ ඡන්දයෙන් ලක්ෂ 29 ක් පාවෙන ඡන්ද ලෙසත් හතළිස් ලක්ෂය පොහොට්ටු ඡන්ද ලෙසත් අනුමාන කරමින් ඉදිරියට ගියහොත් පහත ලෙස උපකල්පන ගොඩනඟන්ට හැකි වන්නේය.
ගෝඨාභය මහතාට ලැබුණු පාවෙන ඡන්දවලින් සියයට 90 ක් මාලිමාවට යනු ඇත යන්න පළමු උපකල්පනයයි.
පොහොට්ටුව ලැබූ ලක්ෂ 40 න් ලක්ෂ 15 පමණ පොහොට්ටුවෙන් කැඩුණු විවිධ පුද්ගලයන් හා කණ්ඩායම්වලට යනු ඇත යන්න දෙවැනි උපකල්පනය වන්නේය. මෙලෙස පොහොට්ටු ඡන්ද ලබාගත හැකි දේශපාලනික කණ්ඩායම් විය හැක්කේ විමල්-ගම්මන්පිල කණ්ඩායම -කොප(මාතර), ලන්සා-අනුර කණ්ඩායම සහ නිමල්-අමරවීර-දුමින්ද නායකත්වය දෙන කණ්ඩායම්ය. මෙහිදී දයාසිරි හැර සජබයට පැමිණෙන පොහොට්ටු සාමාජිකයන්ට පොහොට්ටුවේ වාම-ජාතිකවාදී ඡන්දය උරාගත නොහැකි බවට ද උපකල්පනය කරනු ලබයි.
ඒ අනුව පොහොට්ටු පක්ෂයට ලක්ෂ 25 ඉතිරි වන අතර රනිල්ගේ ආරම්භක ඡන්දය වන්නේ පොහොට්ටුවෙන් ලැබෙන එම ලක්ෂ 25 යි.
ඊට අමතරව ලන්සාගෙන් හා නිමල්-අමරවීර පිලෙන් ලැබෙන ඡන්දයත් එකතුවුවහොත් ඒ අනුව රනිල් තරග බිමට පිවිසෙන්නේ දළ වශයෙන් ලක්ෂ 30 ක් අතැතිවය.
මෙහිදී පොහොට්ටුව වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ ද රනිල්ට පොහොට්ටුවෙන් ලැබෙන ඡන්දයෙන් සියයට 5 වඩා අඩු නොවනු ඇතැයි උපකල්පනය කරන්නේය. එහිදී ගම්පහ- ප්‍රසන්න, නුවර-අළුත්ගමගේ, ගාල්ල- පතිරණ වැනි ජනප්‍රිය පොහොට්ටු ප්‍රාදේශීය නායකයන් පොහොට්ටුව සතු ඡන්ද රනිල්ට හරවාදීමට සමත් වනු ඇතැයි ද උපකල්පනය කළ හැකිය.
මෙවර ඡන්දයේදී අනුරට ලැබිය හැකි ආරම්භක ඡන්දය දළ වශයෙන් ලක්ෂ 35 කි. එය ගොඩනැගෙන්නේ ජවිපෙ ඵෙතිහාසිකව සතුවන සියයට 3 ක ඡන්දය හා ගෝඨාභයට ලැබුණ ලක්ෂ 29 ක පාවෙන ඡන්දයෙන් සියයට 90 ක ප්‍රමාණයෙනි.
සජිත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දකුණේ ඡන්ද ලක්ෂ 27 ලබා ගන්නා ලදී. එහි බහුතරය සිංහල ඡන්දයි.
ඉහතින් සඳහන් කරනු ලැබු ගණන් බැලීම් අනුව සිංහල ඡන්ද සියයට 80 එනම් ඡන්ද ලක්ෂ 112 න් රනිල්ට ආරම්භයේදී ලැබෙන ලක්ෂ 30 හා අනුරට ලැබෙන ලක්ෂ 35 අඩුකළ විට ඉතිරි වන ඡන්දය වන්නේ ලක්ෂ 47 කි.
ඉන් තවත් ලක්ෂ 15 ක් රනිල්ට ලැබෙන්නේ යයි උපකල්පනය කළ හැකිය. එනම් පසුගිය මහමැතිවරණයේදී ඡන්දය භාවිතා නොකළ ලක්ෂ 10 කට ආසන්න එජාප ඡන්දදායකයන් හා අර්බුදයෙන් රට ගොඩගැනීම වෙනුවෙන් රනිල්ට ලබාදෙන දෙන ලක්ෂ 5 ක ඡන්දදායකයන්ය. ඒ අනුව රනිල්ගේ සිංහල ඡන්ද පදනම ලක්ෂ 45 දක්වා ඉහළ යනු ඇත.
ඒ අනුව බලන කල රනිල්ට ලැබිය හැකි මුළු සිංහල ඡන්දය විය හැක්කේ ලක්ෂ 45 කි.
එවිට සිංහල ඡන්ද ලෙස ඉතිරි වන්නේ ලක්ෂ 32 කි. එම ඡන්දය සජිත් හා අනුර අතර සම සමව බෙදී ගියද සජිත්ට ලැබෙන්නේ ලක්ෂ 43 කි. අනුරට ලැබෙන්නේ ලක්ෂ 51 කි.
මෙවර ලියාපදිංචි වී ඇති ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 80 ඡන්දය භාවිතා කරනු ඇතැයි උපකල්පනය කරනු ලැබුවහොත් පළමු වටයේදීම මෙවර ජයග්‍රාහකයා වීමට අවැසි සියයට 50+1 ඡන්දය යනු ඡන්ද ලක්ෂ 70 කි.
ඒ අනුව ඡන්දයේ පළමු වටයේ ජයග්‍රාහකත්වය කවරකුට හෝ ලබා ගන්නට නම් එය හිමි කරගත යුත්තේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ලක්ෂ 34 මගිනි.
එම ඡන්දයට උරුමකම් කීමේ සම්භාවිතාව ඉහළින්ම ලැබෙන්නේ රනිල්ට හා සජිත්ට වන අතර ඒ අනුව පළමු වටයෙන්ම ජයග්‍රහණය කිරීම සඳහා සම්භාවිතාව හිමිවන්නේ ලක්ෂ 44 සිංහල ඡන්ද ලබන සජිත්ට සහ ලක්ෂ 45 ක් ලබා ගන්නා රනිල්ය.
දෙමළ - මුස්ලිම් ඡන්ද ලක්ෂ 34 ක් නම් ඉන් සියයට 11 වූ උ/නැ දෙමළ ලෙසත් , සියයට 9 වූ මුස්ලිම් ලෙසත් සියයට 4 වූ උඩරට දෙමළ ලෙස ගිණිය හැකි වන්නේය. ඒ අනුව ලක්ෂ 25 ක් උ/නැ දෙමළ ඡන්දයක්ද, 6ක් මුස්ලිම් ඡන්දයක්ද ලක්ෂ 4 ක උඩරට ඡන්දයක් තිබේ.
මේ ලක්ෂ 34 මුළුමනින්ම රනිල්ට හෝ සජිත්ට වැටෙනවා නම් සටන අවසන්ය. එහෙත් එසේ වෙන්නෙ නැත.නැගෙනහිර හා වන්නියේ මුස්ලිම් ඡන්දවල වැඩි වාසිය හිමිව තිබෙන්නෙ රනිල්ට බව පෙනේ. එහිදී මුස්ලිම් හා උඩරට දෙමළ ඡන්දය දෙකට බෙදුණේ වුවද ලක්ෂ 3 හා 2 බැගින් වූ මුස්ලිම් හා උඩරට දෙමළ ඡන්ද රනිල්ට සහ සජිත්ට ලැබුණද දෙදෙනාටම ලක්ෂ 70 ට ආසන්න වෙන්නට හැකි වන්නේ නැත.
එවිට තීරණාත්මක ඡන්දය බවට පත් වෙන්නෙ උ/නැ දෙමළ ඡන්දයයි. එය ලක්ෂ 25 කි. පවතින තත්වය යටතේ එකී දෙමළ ඡන්ද ලක්ෂ 25 ම ගෙඩි පිටින් රනිල්ට හෝ සජිත්ට ලැබුණ ද රනිල්ට හෝ සජිත්ට ඡන්ද 70 සීමාවට පැමිණෙන්නේ නැත. ඒ අනුව ජනාධිපතිවරණය තුළ දෙවන මනාපය ගැණීමට සිදුවේ.
මෙවර දෙමළ අපේක්ෂකයකු ද තරග බිමට පිවිසෙනු ඇත. එම අපේක්ෂකයාට ඉලන්කෙයි තමිල් අරුස කච්චි පක්ෂයේ සහාය ඍජුව නොලැබුණ ද එම පක්ෂයේ අනුග්‍රහයෙන් පළමු මනාපය පසුගිය මැතිවරණවලදී මෙන් විශාල වශයෙන් දකුණේ අපේක්ෂකයකුට ලැබීමට ඉඩකඩ අවම වන්නේය. දෙමළ අපේක්ෂකයාට ද ඉහළ ඡන්දයක් ලබා ගත හැකි යයි අනුමාන කළ හැකි වන්නේ නැත. මෙවර දෙමළ ඡන්දය දකුණට වැදගත් වන්නේ ඔවුන් භාවිතා කරනු ලබන දෙවන මනාපයයි.
දෙවැනි මනාපය පදනම්වූ තර්කය:
ඉහත දත්ත විශ්ලේෂණයට අනුව මෙවර දෙවන මනාපය සඳහා අභිමුඛ විය හැක්කේ රනිල් පළමුවැනියා ලෙසත් සජිත් දෙවැනියා ලෙසටත් බවත් උපකල්පනය කළ හැකිව තිබේ.
ව්‍යවස්ථාවට අනුව තුන්වැනි හතරවැනි අපේක්ෂකයන් දෙවැනි මනාප ගණන් කිරීමේ තරගයෙන් ඉවත් කරනු ලබයි.
ඒ අනුව අනුර තුන්වැනියා වුවහොත් ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවන්නේය.
එවැනි ඡන්දයක බහුතර දෙවැනි මනාපයක් සලකුණු කරන්නට ඉහළ සම්භාවිතාවක් ඇත්තේ දෙමළ හා මුස්ලිම් ඡන්දදායකයාගෙනි. සජිත්ගේ ඡන්දදායකයා රනිල්ට හෝ රනිල්ගේ ඡන්දදායකයා සජිත්ට තම දෙවැනි මනාපය භාවිතා නොකරනු ඇත. මාලිමාවේ ඡන්දදායකයාද රනිල් හෝ සජිත්ට තම දෙවැනි මනාපය භාවිතා නොකරනු ඇත.
ඉන් වාසිය ලැබෙන්නේ රනිල්ටය. එසේ වන්නට නම් රනිල් පළමු වටයේදී පළමු අපේක්ෂකයන් දෙදෙනා අතරට පැමිණිය යුතුව තිබේ. එහෙත් පවතින සන්දර්භය තුළ රනිල්ට පළමු වටයෙදී පළමුවැන්නාවීමට ඇති සම්භාවිතාව පහළය. එහෙත් දෙමළ හා මුස්ලිම් සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් පළමු වටයේදීම රනිල්ට ලබා ගත හැකි නම් ඔහු පළමු වැනි තැනට පත්වනු ඇත.
එසේම රනිල්ට පළමු වටයේ දී දෙවැනියා වී දෙවැනි වටයේ දී ජයග්‍රහණය ලැබීමට නම් පළමු තරගකරුවන් දෙදෙනා අතර වැඩි ඡන්ද සංඛ්‍යාවේ පරතරය අවම මට්ටමක පවත්වා ගත යුතුව තිබේ.
දෙවැනි මනාපයෙන් ජයග්‍රාහකයා තෝරා ගන්නේ පළමු හා දෙවැනි අපේක්ෂකයන් අතරින් බහුතර ඡන්දයක් ලබාගන්නා අපේක්ෂකයා වන නිසා පළමු වටයේදී ඉහළ ඡන්දයක් ලැබූ අපේක්ෂකයා අභිබවා යාමේ හැකියාවක් දෙවැනි අපේක්ෂකයාට නොලැබෙන්නේය. ඉහත කී සියලු අනුමාන ව්‍යර්ථවිය හැකි උපකල්පනයක්ද පවතී.
එනම් ගෝඨාභය මුහුණදුන් ඡන්දයෙදී මෙන් අනුරට සිංහල දිස්ත්‍රික්ක 12 ක ඡන්දදායකයා සියයට 55 ලෙස ඡන්දය භාවිතා කළහොත් තත්වය සම්පූර්ණයෙන් වෙනස්වී දෙමළ හා මුස්ලිම් බහුතර ඡන්දයෙන් තොරව අනුර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වනු ඇත. එවැන්නක් අපට හැඳින්විය හැක්කේ sea change එකක් ලෙසටය. එය මෙවර ඡන්දය තුළ සිදුවන්නටද අවකාශ නැතුවා නොවේ.
නීතිඥ ශිරාල් ලක්තිලක |
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මෙවර ඡන්ද කොහොම බෙදෙයිද?