විනීතා එම් ගමගේ
විවිධ පක්ෂ හා කණ්ඩායම් තම ප්‍රකාශයක් ගැන දිගින් දිගටම විවේචනය කරන නමුත් තමන් කිසි සේත්ම සිල්වත් මහා සඟරුවනට අපහාස වන කිසිදු ප්‍රකාශයක් නොකළ බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.
මේ ගැටුමට මුල සිල් රෙදි නඩුවේ වැරදිකරුවන් වෙනුවෙන් දඩ ගෙවීම සඳහා පිණ්ඩපාතයේ වඩින්නට මහා සංඝරත්නය තීරණය කිරීම යැයි කී ඒ මහතා වස් සමයේ පිඬු සිඟා වැඩීම දහමට අනුව වැරදි නොවේදැයි ප්‍රශ්න කළේය.
වස් කාලය නොවුනත් පි`ඩු සිඟා වැඩිය හැක්කේ ආහාර හා ඖෂධ පමණක් නොවේ දැයි හෙතෙම තව දුරටත් ප්‍රශ්න කළේය.
බුදු හිමියන්ගේ අනුගාමිකයකු වන තමන් කිසිසේත්ම මහා සංඝ රත්නයට අගෞරව නොකරන අතර සියලූ ප්‍රකාශ දුශ්ෂීල භික්ෂුන් අරභයා කළ බව ද ඔහු සඳහන් කළේය. හැම මොහොතකම පිරිසිදු බුදු දහම රැක ගැනීමට පෙනී සිටින තමන් එම ප්‍රකාශය කළේ ද ඒ සඳහාම බවත් බුදු හිමියන්ටත් මහා සංඝ රත්නයටත් පසඟ පිහිටුවා වඳින බවත් කීවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාදිවෙල පිහිටි ඔහුගේ නිල නිවාසයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන්, ඔබ දරන අදහසම තමයි මැදිහත් ඕනෑම පුද්ගලයෙක් දරන්නේ. ඔබ ප්‍රකාශ කල දෙයින් මහා සංඝ රත්නයට කිසිම අපහාසයක් වුනේ නැති බව මධ්‍යස්තව හිතන ඕනෑම කෙනෙකුට තේරෙනවා.
"කිතුලට නැග්ගේ තණකොළ කපන්නලු"රන්ජන් බොලද තර්ක එපා.තමුන්ගේ කටට බ්රේක් නැතුවට ජනතාව අවදියෙන්.
දේශපාලනය කරන හාමුදුරුවරු කරන්න තියෙන තරම් පහත් වැඩකරලා බලාපොරොත්තු වෙන්නේ සිල්වත් හාමුදුරුවරුන්ට වගේ ගෞරවයක්. මෙය කවදාවත් බලෙන් ලබාගන්න බැහැ අපේ හාමුදුරුවනේ. පෘතග්ජන දේශපාලඥයාට වඩා කැතයිනේ සමහර හාමුදුරුවරු කතා කරන විධිය.
BMW තියෙන, සිවුරක්දාගෙන එයට නිගාදෙන විධියට හැසිරෙන හාමුදුරුවරු ලංකාවේ ඇත්තෙම නැද්ද? ඒඅයගැනයි මේ කියන්නේ.
පන්සලේ අලිපැටව් දාලා ගියයි කියපු චීවරධාරින් සිටින රටක් මේක...
හාමුදුරුවරු සහ අනෙකුත් පූජකවරු දේශපාලනයට සම්බන්ධ වීමේ සීමාවක් තිබිය යුතුය. දැන් එම සීමාව ඉක්මවාගොස් ඇත. රජකාලෙත් හාමුදුරුවරු රජවරුන්ට අවවාද අනුශාසනා කලත් අැමැතිවරු වශයෙන් රාජසභාවේ අසුන් ගැනීම කලේ නැත. දුටුගැමුණු රජසමයේ සිටි සමහර හාමුදුරුවරු යුද්ධයට ගියත් එහෙම කලේ සිවුර අතහැර ගිහි බවට පත්වීමෙන් පසුව මිසක් සිවුර දරමින් නොවේ. යුද්ධය ඉවරවුණාට පස්සේ ඔවුන් නැවත පැවිදි බවට පත්විය.
දේශපාලනය කරන අය හදන්න කලින් නරකද සඟ සමාජය විනයක් ඇතිව හදාගත්තා නම් හාමුදුරුවනේ..
පෘතග්ජන දේශපාලඥයාට වඩා හොඳ මදි සමහර හාමුදුරුවරු කතා කරන විදිය නම්....
ආගමික නායකයන් හෝ පුජ්‍ය පක්ෂයට පොදුවේ එල්ල වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම නොකළයුතු දෙයක්. එසේම තමුන් එම ආගමට අයත් අයකු නොවන අවස්ථාවේ එයින් අතුරුඵල ලෙස ආගමික සහජීවනය බිඳීයාම පවා ඇතිවීමට හෝ ආගමිකයන් අතර සිත් රිදවීම් ඇතිවීමටද එය තුඩුදිය හැකියි. අන්න එ් නිසයි පරිනත දේශපාලකයන් මෙවැනි ආගමිකව සංවේදී කාරණාවලදී මෙවැනි ප්‍රකාශ නිකුත් නොකරන්නේ. රන්ජන් රාමනායක දිගින් දිගටම තම ප්‍රකාශයන් සාධාරණීකරණය කිරීමට යාමෙන් තව තවත් ඔහු ජනතාවගේ සිත් රිදවනවා.
දේශපාලනේට කඩේ යන්න එපා... චීවරයේ ගරුත්වය ආරක්ෂා කරගන්න... රටේ ඉන්න අහිංසක මිනිසුන් වෙනුවන් ඔබලා පෙනී සිටින්න.
සිල් රෙදි බෙදීම කලේ තම පාක්ෂිකයන් තොරා බේරා නොව. රජයේ මුදල්වලින් සිල් රෙදි මිලදී ගෙන පන්සල් වලට ලබාදුන්නේ උපාසක අම්මලට බෙදාදීම සඳහා ජනාදිපතිවරණයට නාම යෝජනා බාර දීමටත් පෙරය. මෙම මුදල් වියදම් කලේ රටේ ජනතාව වෙනුවෙන්මය... වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු රජයේ මුදල් රුපියල් බිලියන ගණන් වලින් සැප වාහන ගෙන්වනකොට, රුපියල් මිලියන ගණන් වලින් තම නිල නිවාස අලුත්වැඩියා කරගන්න කොට බිම බලාගෙන ඔලුව කසන මිනිසුන් රජයේ මුදල් වලින් තමන්ගේ මව් වරුන්ට පියවරුන්ට සිල්රෙද්දක් ලබාදීපු එක අසාධාරණයක් කියන්න තරම් කුහක වී ඇත.
වස් සමයේ පිණ්ඩපාතයේ නොවඩින්නේ බුද්ධ ශාසනයේ ස්වාමින් වහන්සේලා. මේ පිරිසට ගෝතම බුදුන් දෙසු කිසිම විනය නීතියක් බලපාන්නේ නැහැ. පිළිපදින එකම විනය නීතිය "හොරු වෙනුවෙන් අපි , අපි වෙනුවෙන් හොරු "යන්නයි... දුටුගැමුණු රජ කාලේ එළාරටත් චීවර ධාරීන් ලෙසින් ගිය පිරිසක් හිටපු එකේ මේවා පුදුම වැඩ නොවේ .
මේ ප්රශ්නයේදී රංජන් රාමනායක හරි. සිල්වත් හාමුදුරුවරු අද කාලේ අඩුයි. අනෙක, ලංකාවේ දේශපාලකයෝ තමයි හාමුදුරුවරුන්ගේ තත්වය නැති කරන්න පාර හැදුවේ. හාමුදුරුවරුන්ට රජයේ රැකියා ඉස්සර වෙලාම දුන්නේ කවුද කියල දානවා නේ.
ඇත්තටම මෙතනදී ස්වාමීන් වහන්සේලාගේ අතින් වැරැද්දක් සිද්ධවෙලා තියෙන්න පුළුවන්, නමුත් පරිණත දේශපාලනඥයින් විදිහට අපි දැනගන්න ඕන ඒ වගේ වෙලාවල්වලදී තමන්ව පාලනය කරගෙන හැසිරෙන සහ වචන භාවිතා කරන ආකාරය.... නැත්නම් වෙන්නේ ප්රශ්නය මේ වගේ තව තවත් සංකීර්ණ වීමයි.