IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රටේ එදා මෙදා පෝලිම් නැති කලේ එජාපයයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය යනු ඉතිහාසයේ සිට පෝලිම් යුග තුරන් කළ පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් රුවන් විජයවර්ධන මහතා පැවසූයේ එක්සත් ජාතික පක්ෂය නැමැති දැවැන්ත පක්ෂය මෙරටට දැවැන්ත නායකයින් මේ රටට බිහිකළ පක්ෂයක් බවයි. "එක්සත් ජාතික පක්ෂය කවදාවත් අභියෝගයට බයේ පැනලා ගියේ නැහැ. ඉතිහාසය ඊට සාක්ෂි දරනවා. සුද්දගෙන් මේ රටේ නිදහස් කර ගත්තේ ඩී.එස්.සේනානායක මහතායි. පළවෙනි පෝලිම් යුගය නිමා කළේ පළවෙනි විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතායි. මේ රටේ කර්මාන්ත පුනරුදය ඇති කළේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මීට වසරක් දෙකකට පෙර තිබුණු දෙවන පෝලිම් යුගය නැති කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එසේ බැලූ විට එක්සත් ජාතික පාක්ෂික නායකයින් මේ රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටද කටයුතු කර තිබෙනවා යනුවෙන් ද විජයවර්ධන මහතා පැවසීය.

 



අදහස් (2)

රටේ එදා මෙදා පෝලිම් නැති කලේ එජාපයයි

සෙනෙවිරත්න Tuesday, 27 August 2024 06:19 AM

ණය අරගෙන පෝලිම් නැතිකරල වැඩක් නැහැ, එකෙ ප්‍රතිපල තමුන්ගෙ ආණ්ඩුව කාලෙම නාවට වෙන පාලනයක් යටතෙ හරි එනව, ඕව සදහටම නැති කරන්න රටේ නිශ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි. ඒක නැති කලේ තමුන්නැහැලා තමයි. පැලැස්තර විසඳුම් වැඩක් නැහැ, පිිනට දෙන ක්‍රමය නැති කරල හරි ආර්ථික දැක්මකට යන්න මෙදාපාර වෙනසක් කරමු...

:       1       2

Nishan Thursday, 29 August 2024 06:49 AM

ජේවීපී එක සහ කොටි ත්‍රස්තවාදීන් මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 200ක පමණ හානියක් සිදුකොට තියෙද්දී, රට බංකොලොත් වෙලා තියෙද්දී ඒක බාරගෙන ණය නැතුව පෝලිම් නැතිකරපු එකම නායකයා රනිල්. පෝලිම් නැති කළා විතරක් නෙවෙයි මේ අවුරුදු දෙකට රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6ට ගෙනාවා. ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් ගත්තු ණයත් ගෙවා අවසන් කළා. මේවා මැජික්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site