
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය යනු ඉතිහාසයේ සිට පෝලිම් යුග තුරන් කළ පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් රුවන් විජයවර්ධන මහතා පැවසූයේ එක්සත් ජාතික පක්ෂය නැමැති දැවැන්ත පක්ෂය මෙරටට දැවැන්ත නායකයින් මේ රටට බිහිකළ පක්ෂයක් බවයි. "එක්සත් ජාතික පක්ෂය කවදාවත් අභියෝගයට බයේ පැනලා ගියේ නැහැ. ඉතිහාසය ඊට සාක්ෂි දරනවා. සුද්දගෙන් මේ රටේ නිදහස් කර ගත්තේ ඩී.එස්.සේනානායක මහතායි. පළවෙනි පෝලිම් යුගය නිමා කළේ පළවෙනි විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතායි. මේ රටේ කර්මාන්ත පුනරුදය ඇති කළේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මීට වසරක් දෙකකට පෙර තිබුණු දෙවන පෝලිම් යුගය නැති කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එසේ බැලූ විට එක්සත් ජාතික පාක්ෂික නායකයින් මේ රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටද කටයුතු කර තිබෙනවා යනුවෙන් ද විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය අරගෙන පෝලිම් නැතිකරල වැඩක් නැහැ, එකෙ ප්‍රතිපල තමුන්ගෙ ආණ්ඩුව කාලෙම නාවට වෙන පාලනයක් යටතෙ හරි එනව, ඕව සදහටම නැති කරන්න රටේ නිශ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි. ඒක නැති කලේ තමුන්නැහැලා තමයි. පැලැස්තර විසඳුම් වැඩක් නැහැ, පිිනට දෙන ක්‍රමය නැති කරල හරි ආර්ථික දැක්මකට යන්න මෙදාපාර වෙනසක් කරමු...
ජේවීපී එක සහ කොටි ත්‍රස්තවාදීන් මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 200ක පමණ හානියක් සිදුකොට තියෙද්දී, රට බංකොලොත් වෙලා තියෙද්දී ඒක බාරගෙන ණය නැතුව පෝලිම් නැතිකරපු එකම නායකයා රනිල්. පෝලිම් නැති කළා විතරක් නෙවෙයි මේ අවුරුදු දෙකට රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6ට ගෙනාවා. ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් ගත්තු ණයත් ගෙවා අවසන් කළා. මේවා මැජික්...