
(අංජුල මහික වීරරත්න)
ප්‍රධාන සැලසුම් පහක් මූලික කර ගනිමින් රට දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරවෙල දී අද (31) පැවසීය.
ජීවන බර සැහැල්ලු කිරීම ,රැකියා ලබාදීම,බදු බර අඩු කිරීම,ආර්ථික ප්‍රවර්ධනයෙන් අපනයන ආර්ථිකයක් ඇති කිරීම මෙන්ම උරුමය අස්වැසුම වැඩසටහන් මගින් අයිතිය ලබාදීම තම මූලික සැලසුම බවද ජනාධිපතිවරයා කීය.
මේ වන විට ජීවන බර 2022ට වඩා අඩුවී ඇතත් එයින් සෑහීමකට පත් නොවන බව කී ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ක්‍රමයෙන් යහපත් කරමින් හැකි තරම් සහන ලබා දෙන බව සඳහන් කළේය.
බණ්ඩාරවල නගරයේ පැවති ජනපතිවරණ ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය. මා ස්වාධීන අපේක්ෂකයෙක් වුනේ මේ රට බේරගන්න .මා රට බාරගත් යුගයට වඩා අද වන විට බඩු මිල සැලකිය යුතු ගණනකින් අඩු වී තිබෙනවා.
අපි ගත් පියවර නිසා ජීවන බර පාලනය කර ආදායම වැඩි කරන්නට හැකි වී තිබෙනවා. එමෙන්ම අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම සහනය ලබා දුන්නා. අප මාස හයෙන් හයට අලුතින් අස්වැසුම ලබා දෙනවා.
සැප්තැම්බර් 22 වැනිදා සිට මගේ සැලසුම ක්‍රියාත්මක කරනවා.
අද වන විට 2022 ට වඩා ජීවන බර අඩු වුණත් එයින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. තවදුරටත් ජීවන වියදම මෙන්ම බඩු මිල අඩු කළ යුතුයි.
හැකි තරම් සහන දීම මගේ අරමුණයි. බඩු මිල අඩු කරන බව අනෙක් පක්ෂත් කියා තියනවා. මම එය කරන්නේ රුපියල ශක්තිමත් කිරීමෙන්.
එදා මා රට බාර ගන්නා විට ඩොලරයට 370 ක් ගෙව්වා .අද වන විට ඩොලරයට ගෙවිය යුත්තේ රුපියල් 300ක් පමණයි . සමෘද්ධිය අස්වැසුමට සම්බන්ධ කිරීම අපේ අරමුණ වී තිබෙනවා.ඒ නිසා සමෘද්ධි නිලධාරීන්ටත් ප්‍රශ්නයක් නැතුව මේ වැඩ කටයුත්තේ ඉදිරියට යන්න පුළුවන්. ඔවුන්ගේ අනාගතය අප ආරක්ෂිත කරනවා.
රුපියල ශක්තිමත් කරන්න නම් ආර්ථිකය ශක්තිමත් කර යුතුයි.
අනුර සජිත් බදු අඩු කරන බව කියනවා.බදු අඩුකර සහන දෙන්නේ කොහොමද? යම්කිසි ඉලක්කයකට මේ රටේ ආදායම් එකතු කළ යුතුව තිබෙනවා.
වතුකරයේ ජනතාවට පඩි වැඩි කිරීමට අපට හැකි වුණා. ඔවුන් සඳහා අප අස්වැසුමද අප ලබා ලබා දෙනවා. වෙන එක අපේක්ෂකයක්වත් රැකියා දෙන හැටි කියා නැහැ. අප රැකියා ලක්ෂයක් උත්පාදනය කරන්නට කටයුතු කරනවා.රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ද ස්වයං රැකියා අවස්ථාද අප බිහිකරනවා.නවීන කෘෂිකර්මය සඳහා අප පහසුකම් ලබා දෙනවා.
රැකියා බැංකුවක් ඇතිකර රටේ රැකියා ගැන දැනුවත් කරන බව ජවිපෙ කියනවා.රැකියා නැති නිසා ඒ බැංකුව බංකොලොත් වෙනවා.සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්තියේ රැකියා ගැන එක වචනයක්වත් නැහැ.ඡන්දය දෙන්න කියන්නේ මේ අයටද?
මා නියෝජනය කරන්නේ ඩී.එස්.සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාස පක්ෂය කඩා දැමුවත් පසුව මම ජේ.ආර්. ජයවර්ධන සේම ආර්ථිකය භාර ගෙන වසර දෙකෙන් ආපහු හැරෙව්වා. ඒ බව මතක තියාගන්න.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් බලය තියෙන කාලෙ එව්වා කන්න එපැයි. නහින දෙහින කාලේ වෙනකම් උන්නේ...!
5 තමයි හොඳම ගණන. 4ත් අමාරුයි. 6ත් අමාරුයි. මම කැමතිම චක්කරෙත් පස්වරක් චක්කරේ.
ගම්සභාවක්වත් ඡන්දෙකින් දිනන්න බැරි උද්දච්ච මානසික රෝගියෙක්. තව දවස් 20 ක් ඔය සිහින ලෝකයේ පැද්දී පැද්දී පාවී පාවී සැරිසරන්න. ඡන්ද දායකයින්ගේ සෙනෙහස පුපුරලා සිහිනය මියගිය පසු ඔබව අංගොඩ ගෙනියන්නවත් යමක් හොයාගන්න බැරිවේවි...!
මෙතුවක් කල් මේ සැලසුම් කොහේද තිබුණේ?
දැන් තමයි ඔක්කොම... අවුරුදු 40ක් පොල් ගෑවද?
හැමදා ඇමැති සිරිපාල ෆොටෝ එකේ සුපුරුදු විදියට නිදි...
පොහොට්ටුවද?
වටේ set එක... රට දියුණු වෙයි සට සට ගාලා...
අවුරුදු 47ක් හැදුවානේ... අනේ ඔයා හදන රට...!
සැලසුම් 5 මතක් වුනේ දැන්ද? 2022 ජූලි 20 වැනිදා ඉඳලා අද වෙනකං පොල් ගෑවාද?
අවුරුදු 47ක් තිස්සේ කරපු කෙහෙල් මලක් නෑ. දැන්ද රට දියුණු කරන්න මතක් වුණේ..?
මෙගා පොලිස් නගර හදනවා කියපු එකා අද කියන දේවල්. නාකි වෙනකල් පාර්ලිමේන්තුවේ ඉඳලාත් තාමත් රට හදනවා. නෑ අවශ්‍ය නෑ. අපි මාලිමාව ගෙනැල්ලා ඒ ගොල්ලන්ට කියලා අපේ රට හදා ගන්නම්. ඔබලාට මතු ආත්ම භාවයන්වලදී මිනිස්සුන්ට කරපුවා පටිසන්දෙයි. එහෙම නොවුණොත් බුද්ධාගම ඇතුලු අනිකුත් ආගම් සියල්ල බොරු...!
මම කිසිම බයක් නැතිව අත් දැකීමෙන් ජනතාවට කියනවා... ඉල්ලා සිටිනවා ඔහුව විශ්වාස කරන්න කියලා. ඔහු තරම් අත් දැකීම්, හැකියාව සහ දක්‍ෂතාවයෙන් පිරි, වෙනත් නායකයෙක් තවත් අවුරුදු පනහකටවත් බිහි නොවන අතර, හැඟීම් වලට වහල් වී වෙනත් අය විස්වාස කළොත් අමාරුවේ වැටෙන එක නියතයි...
නිකන් දෙනවා කිව්වාම ඌරු කොටුවේ ඉන්න ඌරන් වගේ සත්තු වුණු පරම්පරාව දැන් නෑ සීයේ... ඒක නිසා දැන් ගෙදර යන්න. දශක ගාණක් පාර්ලිමේන්තුවේ ඉඳලත් කරපු කෙන්ගෙඩියක් නෑ කියලා හැමෝම දන්නවා. කරපු එකම දේ ලංකාවේ පළමු පක්ෂයට මන්ත්‍රීවරයෙක්වත් නැති කරපු එක විතරයි.
කලින් ලියපු විභාගය පාස්නම් තමයි ඊලඟ විභාගය ලියන්න සුදුසුකම් ලබන්නේ. රනිල් කලින් විභාගය සමත් දැයි බලමු. 1977 ඉදන් ලියලා එක ප්‍රශ්න පත්‍රයක් වත් සමත් නොවුන බව ප්‍රතිඵල ලේඛනයෙන් ඔප්පුවෙනවා. දැන් අපි විභාගය නොලියපූ හොදටම පාඩම් කරලා බව පේන අපේක්ෂකයා විභාගයට යවමු.
තව තව ඡන්දෙ ළං වෙද්දී ඔය සැලසුම් ගන්න බැරි වෙයිද?