(නාලක සංජීව දහනායක)
මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහයට විරුද්ධව නැවැත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉකුත්දා (21) පැවසීය.
එමෙන්ම මැතිවරණ නොපැවැත්වීමේ රජයේ උත්සාහයට එරෙහිව කළ හැකි හැම දෙයක්ම කරන බවද කීය.
බොරැුල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්ෂය (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේද පැවසීය.
අද අපේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය ලෝකයේ කිසිම රටක නැහැ. කිසිම රටක් පළාත් පාලන මැතිවරණ වසර දෙකහමාරක් කල්දමන්නේ නැහැ. දැන් ඒ තත්ත්වයම පළාත් සභා සඳහාත් ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරනවා. අද අපේ රටේ මැතිවරණ පවත්වන දිනය පිළිබඳව දන්නේ සක‍්‍රයා පමණයි.
මේ රජයට මැතිවරණ පැවැත්වීමට කිසිම අවශ්‍යතාවක් නැහැ. රජය ජනමතයට බයයි. ඒ නිසා නොයෙකුත් ව්‍යාජ හේතූන් ඉදිරිපත් කරමින් මැතිවරණ කල් දැමීමට රජය උත්සාහ ගන්නවා.
කල්දමන පළාත් සභා තුනේ මැතිවරණ මාස හතරක කාලයක් ඇතුළතදී පවත්වන බව අගමැතිවරයා ප‍්‍රකාශ කළා. මාස හතරක් ඇතුළතදී මැතිවරණය පැවැත්වීමට නොහැකි වුණොත් කුමන හෝ ක‍්‍රමයක් යටතේ මැතිවරණ පැවැත්විය යුතු බව නාමල් රාජපක්ෂ මහතා යෝජනා කළා. නමුත් ඒ යෝජනාව රජය ප‍්‍රතික්ෂේප කළා.
ලෝකයේ කිසිම රටක් පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වා නැහැ. අපේ රටේ සිටි විධායක ජනාධිපතිවරයෙක් එලෙස ක‍්‍රියාකර නැහැ. එකම දිනයකදී පළාත් සභා මැතිවරණ පැවැත්වීම ප‍්‍රායෝගික නැහැ.
පළාත් සභා සඳහා කාන්තා නියෝජනය කිරීමට රජයට වුවමනාවක් නැහැ. පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමටත් රජයට කිසිම වුවමනාවක් නැහැ. මෙම පනත සම්මත වීමත් සමග සර්වජන ඡුන්ද බලයට මරු පහරක් එල්ල වුණා.
ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන රාශියක් තිබෙනවා. ඒ අනුව කිසියම් පනතක් ගැසට් කළ පමණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැහැ. ගැසට් කිරීම හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අතර අවම වශයෙන් සති දෙකක පරතරයක් තිබිය යුතුයි. ජනතාව ඒ යෝජිත පනත පිළිබඳව දැනුවත් විය යුතුයි. අදාළ පනතින් ජනතාවට අගතියක් සිදුවෙනවාදැයි දැනගත යුතුයි. ඒ පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය කාලය ලබාගැනීම සඳහායි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම එවැනි නිර්දේශයක් කර තිබෙන්නේ.
පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් තවත් සතියක කාලයක් ලබාදී තිබෙනවා. ඒ අදාළ පනත සම්බන්ධයෙන් අවශ්‍ය අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමටයි. නමුත් ඒ අවස්ථාව ඊයේ දිනයේදී අහෝසි වුණා.
පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීමේ පනතට ආණ්ඩුව විසින් පිටු 32 සංශෝධන 41 ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන්ම අලූත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නව පනතක් සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක‍්‍රියාමාර්ගවලට යොමුවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.
ජනාධිපතිවරයා සංහිඳියාව, මානව අයිතිවාසිකම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතා කළා. නමුත් ඒ මොහොතේදීම එතුමාගේ රජය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක් එල්ල කළා. එය දෛවයේ සරදමක් වගෙයි.
මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව අපිට කළ හැකි හැමදෙයක්ම කරනවා. මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව අප මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් වටිනා නඩු තීන්දුවක් දුන්නා. රජය ඒ නඩු තීන්දුව නිශේධ කිරීමට උත්සාහ ගන්නවා. අප ඒ උත්සාහයට විරුද්ධව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම හරහා ආණ්ඩුව දේශපාලනිකව මරණීය වැරදි කිහිපයක් සිදුකරගත්තා. මෙම පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් අමතරව ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබුණා. නමුත් මෙම පනත සම්මත කරගත් ආකාරයෙන් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨත්වය අහිමි කරා. මේක නංගි පෙන්නල මීආච්චි දුන්නා වගේ වැඩක්.
මින්පසුව රටේ පාලනය භාරගන්නා ඒකාධිපති චේතනාවෙන් කටයුතු කරන පාලකයන් සඳහා මේ හරහා විසකුරු මාවතක් ආණ්ඩුව විවරකර දුන්නා. මින් පසුව පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තිබෙන ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ අභිමතය පරිදි රටේ නීතිය වෙනස් කිරීමට හැකියාව තිබෙනවා.
මේ ආණ්ඩුව බලය බෙදාහැරීම සම්බන්ධව දිගින් දිගටම කතා කරනවා. එසේ කතා කරමින් පළාත් සභා සඳහා තිබූ බලයත් අහිමි කර ස්ථාවර පළාත් සභාවක් වෙනුවට එල්ලෙන පළාත් සභාවක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ සම්බන්ධ විවාදයට ආණ්ඩුව විසින් නම් කර තිබූ කථිකයන් වෙනුවට වෙනත් කථිකයන් ආදේශ කරමින් විවාදය වුවමනාවෙන් දිග්ගැස්සුවා.
ආණ්ඩුවේ මෙම උත්සාහය හරහා නීතිපති දෙපාර්තමේන්තුව හා මැතිවරණ කොමිසම හෑල්ලූවට ලක්වුණා. ආණ්ඩුවේ මෙම සියලූ උත්සාහයන් අවසානයේදී උත්තරීතර පාර්ලිමේන්තුව වියපත් ගණිකාවක් බවට පත්වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වශයෙන් මට ඒ ගැන ලැජ්ජයි. මට දැනුණු ඒ ලැජ්ජාව ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ටත් දැනෙන්න ඇති.
ආණ්ඩු පක්ෂය නියෝජනය කළ අරුන්දික ප‍්‍රනාන්දු හා ප‍්‍රියංකර ජයරත්න මන්ත‍්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමත් සමගම ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ තිබූ තුනෙන් දෙකක බහුතර බලය අහිමි වුණා. ඒ නිසා පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත කරගැනීම සඳහා රජයට ද්‍රවිඩ ජාතික සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සහය ලැබුණා.
එමෙන්ම මෙම පනතට සහය දීමට නම් කොට්ඨාස ක‍්‍රමයෙන් සියයට 60 ක් හා සමානුපාතික ක‍්‍රමයෙන් ලැයිස්තුවෙන් සියයට 40 මන්ත‍්‍රීවරුන් පත්කර ගැනීමේ ක‍්‍රමය 50/50 කරන ලෙසට මුස්ලිම් කොන්ග‍්‍රසය, රිෂාඞ් බදියුදීන් හා මනෝගනේෂන් රජයට දැනුම්දී තිබුණා. ඒ වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් 12 දෙනකු සභා ගැබෙන් ඉවතට ගියා. ඒ ගනුදෙනුව අවසන් කර ගැනීමට අවශ්‍ය නිසා පාර්ලිමේන්තු රැුස්වීම නියමිත කාලයටත් වඩා ඇදගෙන ගියා යැයි පැවසීය.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පනතින් ඡන්ද බලයට මරු පහරක් එල්ලවුණා
shan saudi Monday, 25 September 2017 02:30 PM
මෙයාල වගේ රටට වැඩක් නැති සුදු අලි මේ චදෙන් එලියට විසිවෙනවා එකයි කෑගහන්නේ