IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි

 

(අංජුල මහික වීරරත්න)

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය.

විසිවන සංශෝධනයෙන් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසා දැන් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණ වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

විශේෂ ප්‍රකාශය කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

අද අපේ රටෙි ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ.ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා.යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්.ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21 වෙනි සංශෝධනය සකස් කරගෙන යනවා.

දෙවැනි ප්‍රශ්නය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ක්‍රියා කිරීම යි.ඒ කාල වකවානුවත් ක්‍රමවේදයත් පක්ෂ නායකයන් තීරණය කළ යුතුයි.මීට අමතරව තවත් ප්‍රශ්නයක් තිබෙන්නේ පාර්ලිමේන්තුව පිළිබඳවයි.

විසිවන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසාත් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණවී තිබෙනවා.ආර්ථික අර්බුදය නතර කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියා නොකිරීම අද තිබෙන ප්‍රධාන චෝදනාවක්.යෝජිත විසි එක් වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙනවා.නමුත් එයින් පමණක් අපට සෑහීමකට පත්වන්නට බැහැ.දැන් තිබෙන වෙස්මිනිස්ටර් කැබිනට් ක්‍රමය අනුව සියල්ලම කැබිනට් ඇමතිවරුන් පාලනය කළත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් තිබුන නිසා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අතපසු කළා යැයි කියාත් චෝදනාවක් තිබෙනවා. අතීතයේ සිදුවූ දේ දිහා අපට හැම වෙලේම විභාග කරගන්න උවමනා නැහැ.නමුත් මේ රටේ ආණ්ඩු පාලනයට පාර්ලිමේන්තුවත් එකතු කරන ක්‍රමයක් තිබිය යුතුයි.ඒ වගේම අපට විනිවිදභාවය තිබිය යුතුයි.සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් ඒ කොමිටි වලට රැස්වී ප්‍රතිපත්ති වැඩසටහන් අනුව ක්‍රියා කිරීමට අපි වාතාවරණයක් සකසනවා.මේ සඳහා එක උදාහරණයක් තිබෙනවා.

ලංකාව නිදහස ලබන්නට පෙර 1931 වසරේ සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවක් තිබුණා.ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රියා කළේ කාරක සභා ක්‍රමයකටයි.කාරක සභා හතකට එක් එක් විෂයන් බෙදා දී තිබුණා.ඒ කාරක සභාවේ සභාපතිවරුන් ඇමතිවරුන් වුණා. ඒ ඇමතිවරුන් හත් දෙනා එකතු වී ඇමති මණ්ඩලයක් සකස් කර තිබුණා.ඊට අමතරව ආණ්ඩුකාරතුමා පත් කළ නිලධාරීන් තුන් දෙනෙකුත් සිටියා.කාරක සභා වල අදහස් ලබාගෙන ඇමති මණ්ඩලය අයවැය සකස් කළේත් ප්‍රතිපත්ති ගැන තීරණය ගත්තේත් මෙතැනින්. මීට අමතරව මුදල් පාලනය සඳහා ගිණුම් කාරක සභාවක් තිබුණා.මේ ක්‍රමවේදය සාර්ථකව ගෙන යන්න ඒ කාලයේදී අපට අවස්ථාව ලැබුණා.

දැන් අප පාර්ලිමේන්තුවේ ව්‍යුහය වෙනස් කර දැන් තිබෙන පාර්ලිමේන්තු ක්‍රමය හෙවත් වෙස්මිනිස්ටර් ක්‍රමය සහ රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය යන දෙකම එකතු කර අලුත් ක්‍රමවේදයක් ඇති කරන්න අවශ්‍යයි.ඒ අවස්ථාවල දී පාර්ලිමේන්තුවට රටේ පාලනයට සහභාගී වෙන්න පුළුවන්.

පළමුවෙන්ම තිබෙන්නේ මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන් තිබෙන නීති ශක්තිමත් කළ යුතුයි.එසේ නම් දැන් තිබෙන මුදල් නීති දෙස බලා අප අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන්නට කටයුතු කරනවා. එක්සත් රාජධානිය, නවසීලන්තය,ඉන්දියාව වැනි රටවල් වල උදාහරණ ලබාගෙන මීට වඩා ශක්තිමත් සහ බලවත් නීතියක් අප ඉදිරිපත් කරනවා.

දැනට රජයේ මූල්‍ය කටයුතු පිළිබඳව කාරක සභා තුනක් තිබෙනවා.රජයේ මූල්‍ය කාරක සභාව,ගිණුම් කාරක සභාව,සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව එම කාරක සභා තුනයි.මේ කාරක සභා තුනේ බලතල ශක්තිමත් කරන්නට දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මීට අමතරව අප තවත් යෝජනා ගෙන එනවා.

මුදල් පිලිබද අලුත් කාරක සභා දෙකක් ඇති කිරීමට අප කටයුතු කරනවා.මෙරට රජයේ ආදායම අඩුවී තිබෙනවා.ඊළඟ දශකය තුළ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18 ත් 20 ත් අතර අගයකට ගෙන යාමට තිබෙනවා.මූලික වශයෙන් සියයට සියයට 14 ක අගයකට වැඩි කරන්නට තිබෙනවා.මේ කටයුත්ත සඳහා අප ක්‍රම සහ විධි කාරක සභාවක් පත් කරනවා.රජයේ තිබෙන ආදායම් එක් රැස් කිරීමෙි සහ ආදායම වැඩි කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කරන කොමිටිය ලෙස මෙය හැඳින්වෙනවා.

දෙවැනිව අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ බැංකු වල සහ ෆිනෑන්ස් ආයතන වල තිබෙන මූල්‍ය තත්ත්වයයි.ඒ ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.ඒවා දුර්වල වී තිබෙනවා.එය ශක්තිමත් කරනවා නම් ඒ පිළිබඳව වාර්තා කරන්නත් වෙනම කොමිටියක් අවශ්‍යයි.ඒ නිසා බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවක් යෝජනා කරනවා.

අපේ ස්ථාවර නියෝග 111 යටතේ අපට අධීක්ෂණ කොමිටි පත් කරන්න පුළුවන්.මීට පෙර අධීක්ෂණ කමිටු පත්කර තිබුණේ නැහැ.ඒනිසා අධීක්ෂණ කොමිටි දහයක් පත් කිරීමට අප යෝජනා කරනවා.එම අධීක්ෂණ කොමිටි දහයට ආණ්ඩුවේ තිබෙන විෂයන් බෙදා දෙන්න පුළුවන්.එම අධීක්ෂණ කොමිටි වලින් වාර්තා ලබා දෙනවා.එමෙන්ම ඔවුන් ප්‍රතිපත්ති ගැනත් පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.ඒ පිළිබඳව පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතුයි.

එමෙන්ම මෙම මූල්‍ය කාරක සභා පහේ සහ අධීක්ෂක කාරක සභා දහයේ සභාපතිවරුන් ලෙස පත් කරන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් බව කිව යුතුයි.ඒවාට පත්කරන්නේ ඇමතිවරුන් නොවේ. ඒ නිසා ඇමතිවරයාගෙන් ස්වාධීනවත්,ඇමතිවරයා සමගත් යන අංශ දෙකෙන්ම වැඩ කරන්නට ක්‍රමවේදයක් සැකසීම සඳහා අපට අවස්ථාව තිබෙනවා.මෙහිදී අප විශේෂ කාරණයක් ගැන අවධානය යොමු කළ යුතුයි.

දැන් තිබෙන ක්‍රමවේද මාරු කරන්නැයි තරුණයන් කියනවා.එමෙන්ම දැන් තිබෙන ප්‍රශ්න දැනගැනීමට අවශ්‍යයි.ඒ නිසා මෙම කාරක සභා 15 ට ම තරුණ නියෝජිතයන් හතර දෙනෙක් පත් කරන ලෙස යෝජනා කරනවා.එයින් එක්කෙනෙක් යොවුන් පාර්ලිමේන්තුවෙන් පත් කරනවා.අනිත් තුන් දෙනා විරෝධය පළ කරන කණ්ඩායම් වලින් සහ අනෙක් කණ්ඩායම් වලින් තෝරා ගන්නවා.ඒ තෝරා ගන්නා ක්‍රමවේදය තරුණ සංවිධානවලින් ම තීරණය කරන්න පුළුවන්.

මීට අමතරව අප බලාපොරොත්තු වන්නේ මේ පිළිබඳව විශේෂඥ දැනුම තිබෙන පුද්ගලයන් සහ අනෙක් පුද්ගලයන් වැඩකටයුතු සඳහා සහභාගී කර ගැනීමටයි.මේ වැඩ කටයුතු නිසා තරුණයන්ට ප්‍රශ්න ගැන දැන ගැනීමටත් ඒවාට තමන්ගේ විසඳුම් ලබා දීමටත් හැකියාව ලැබෙනවා.ඒ අනුව වගකිවයුතු තරුණ නායකයන් අපට පුහුණු කරන්න පුළුවන්.ඒ අනුව ඔවුන්ට මැතිවරණ වලට තමන් කැමති විදියට තරඟ කරන්න හැකියාව ලැබෙනවා.

එමෙන්ම අප ජාතික සභාවක් යෝජනා කරනවා.කතානායක ,අගමැති ,විපක්ෂ නායක,ඇතුළු ප්‍රධාන පක්ෂ නායකයින්ගෙන් යුත් කොමිටියක් ජාතික සභාව ලෙස හැඳින්වෙනවා. ජාතික සභාව ඉතා වැදගත් බව කිව යුතුයි.රටේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නට ජාතික සභාවට පුළුවන්.එමෙන්ම කැබිනට් මණ්ඩලයේ තීරණ ගැන කතා කරන්නත් එයට හැකියාව තිබෙනවා.එමෙන්ම මෙරට පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන කතා කරන්නත් ජාතික සභාවට හැකියි.එසේ නම් එය දේශපාලන මණ්ඩලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයත් ,කාරක සභා සභාපතිවරුනුත් කැඳවීමට ජාතික සභාවට අයිතිය තිබෙනවා.ඊට වෙනම පත් කළ තරුණ නියෝජිතයින් ඉන්නවා නම් මේ ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ අය ගැනත් අපට සලකා බලන්න පුලුවන්.

අප ඇතිකර තිබෙන අලුත් ක්‍රමය අනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්න අවශ්‍යයි.එමෙන්ම ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.ජාතික සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.කාරක සභා සහ අධීක්ෂණ කාරක සභා පහළොවත් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.එවිට මේ හැම එකකම සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.

ඇමති මණ්ඩලය තුළින් ආණ්ඩුව පාලනය කිරීමත්, ජනාධිපතිතුමාගේ වැඩකටයුතු පරික්ෂා කිරීමත් ජාතික සභාව තුළින් දේශපාලන වැඩ කටයුතු පිළිබඳ බලතලත් අනෙක් කොමිටි කාරක සභා පහළොවෙන් මූල්‍ය කටයුතු හා අනෙක් විෂයයන් අධීක්ෂණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් මෙහි තිබෙනවා.මේ කාරණය ගැන සකස් කළ ලිපි තිබෙනවා.සියලු දෙනාම මෙය සලකා බලනවා නම් මම කැමතියි. තවත් සංවිධාන ගණනාවක් මෙවැනිම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ යෝජනාත් සලකා බලා පාර්ලිමේන්තුවේ බලතල අනාගතයේ දී ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි කියා අප එකඟත්වයකට පැමිණෙමු.

 



අදහස් (5)

නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි

chandima Wednesday, 22 June 2022 09:22 PM

තවමත් බලයට කෑදරකමින් දඟලනවනේ... මතු ආත්මෙක කොහෙ ඉපදෙයිද මන්දා..?

:       1       8

AB Tuesday, 02 August 2022 05:53 AM

රනිල් වික්‍රමසිංහ මහතාට ජනතවගේ චෝදනා එල්ලඋවද, කොපමණ විවේචන ඇති උවද රටේ අනාගතය වෙනුවෙන් එතුමා නව ක්‍රමවේද පාර්ලිමේන්තුවට හදුන්වා දීම පිලිබදව සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගරු කරනාවූ සහ වියවස්ත්ව අනුව ක්‍රියා කරනාවූ පළපුරුදු නායකයකු පාර්ලිමේන්තුවේ සිටීම පිලිබදව අප අගය කරමු. කතානායක ,අගමැති ,විපක්ෂ නායක,ඇතුළු ප්‍රධාන පක්ෂ නායකයින්ගෙන් යුත් කොමිටියක් ජාතික සභාව ලෙස හදුන්වාදීම අගයකල යුතු අතර සහ අදිකරණ සහ දුෂිත චෝදනා නොමැති තරුණයන් සදහා අවස්ථව සැලසිය යුතුවේ. අප ඇතිකර තිබෙන අලුත් ක්‍රමය අනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්න අවශ්‍යයි.එමෙන්ම ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.ජාතික සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.කාරක සභා සහ අධීක්ෂණ කාරක සභා පහළොවත් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.එවිට මේ හැම එකකම සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි යනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රකාශය තවදුරටත් පැහැදිලිවිය යුතුය යන්න මගේ මතය වේ. පාර්ලිමේන්තුවේ වෙනත් කමිටුවක් තිබේද ? එසේ නොමැති නම් වියවස්තාව අනුව සියල්ලෝම වියවස්ත්වට යටත් කර වියවස්ත්ව සහ නිතිය අනුව කටයුතු කල යුතුබවද ?

:       0       4

vinivida Tuesday, 02 August 2022 06:30 AM

තරුණ නායකයන් පුහුණු කරන්න සහ පුහුණු වීමට අවස්තවක් සලසා ගැනීම ( දේශපාලන වේදිකාවේ icebreaker speech සහ ජනතව ඉදිරියේ අදහස් වීම පිලිබදව ) ඒ අනුව ඔවුන්ට මැතිවරණ වලට තමන් කැමති විදියට තරඟ කරන්න හැකියාව ලබාදීමටත් අගය කලයුතුවෙමු.

:       0       3

chandima Monday, 17 October 2022 09:05 PM

රටට මෙහෙම වුනේ විසිවෙනි සංසෝධනය නිසා නොවෙයි. ජේ. ආර්. රටේ පාර්ලිමේන්තු ක්‍රමේ වෙනසක් කරලා විධායක ජනාධිපති ක්‍රමය ඇති කල නිසා.

:       0       3

chandima Tuesday, 01 November 2022 11:38 PM

ඒ වගේමේ ඡන්දෙන් කිසිම අපේක්ෂකයෙකුට වැඩි ඡන්ද ලැබුනේ නැතිනම් පින් ජනාධිපතිකමේ දිගටම ඉන්න පුළුවන් වෙන විදියටත් සංශෝධන තියනවලු නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1148 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 876 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2294 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2144 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3676 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1594 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1483 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site