
(යොහාන් භාසුර)
සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්‍ෂක දිලිත් ජයවීර මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී අද (27) පෙරවරුවේ පැවැත්විණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයෝ මෙම හමුවට සහභාගි වූහ.
එහිදී දිලිත් ජයවීර මහතාට දොළොස්වැදෑම් යෝජනාවලියක් ඉදිරිපත් කළ බවත් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් ඒ මහතා අවදානය යොමු කළ බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසීය.
වෛද්‍යවරු රට හැර යෑම වැලැක්වීමේ පියවරක් ලෙස වෛද්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී වැටුප් ක්‍රමයක් යෝජනා කළ බවත් ඒ පිළිබඳව ජයවීර මහතා දැඩි අවදානය යොමු කළ බවත් සුගතපාල මහතා වැඩි දුරත් සඳහන් කළේය.
එම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මහතා ද සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොටියක් සමග තමන්ගේ වාසියට ලෙඩ්ඩු මරන් කනවා. පාට කළ වතුර මිනිස්සුන්ට විදිද්දී සද්දයක් නෑ.
බත්තරමුල්ලේ සීලරතන හිමිව හම්බවෙන්න යන්නේ කවදාද?
එකම වල්ලේ යහපාලන තුන් දෙනෙක් අතර තමා තරගය තියෙන්නේ... ඒ නිසා කවුරු දිනනවාද මට අදාල නැහැ. ඒ නිසා ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ දිහා බලලා මේ පාර තරුවට ඡන්දය දෙන්න හිතාගෙන ඉන්නේ...!
කෝවිඩ් දවස්වල ඇන්ටිජන් කිට්වලින් ගහපු එක එනවා රට හදන්න.
ඡන්දේ දෙනවා නම් දෙන්නේ රටට වින කළ ත්‍රස්තවාදී සංගම් රටෙන් අතුගාලා දාන කෙනෙකුට...!
දොස්තර මහත්වරුන්ටත් නයා නටවන්න වගේ හදන්නේ?
වැටුප් පරිමාණ සැකසීම මගින් කිසිම සේවයක ප්‍රශ්න විසදීමට හැකියාව නැහැ .ලංකාවෙ සියලුම ආදායම් දොස්තරලා වෙනුවෙන් හෝ සෞඛ්‍ය සේවයේ අයට දුන්නා වුනත් ඔවුන්ගේ ප්‍රශ්න නම් කිසිදාක විසදීමට හැකියාව නැහැ. එනිසා රටේ සංවර්ධනය වේගවත් කර පෞද්ගලික අංශයේ සේවකයින් සදහා දොස්තරලාට වඩා හත් අට ගුණයක් වැටුප් ගෙවීමට හා පහසුකම් ලැබීමට කටයුතු කලොත් සියලු ප්‍රශ්න විසදීමට හැකියාව තියෙනවා
දැන් මේ වෙලාවේ ජනාධිපතිවරණයෙන් දිලිත් දිනන්නේ නැහැ කියල ඉරහඳ වගේ තේරෙනවනේ ඕනෑම පොඩි දරුවෙකුට... එතකොට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය නමින් දිලිත් ව එන්ඩොර්ස් කරලා දිලිත්ව ප්‍රමෝට් කළා කියල වැඩක් වෙන්නේ නැහැනේ.. ඕන නම් දිලිත් ඊලග මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ල සෞඛ්‍ය ඇමති වෙනවා කිව්වා නම් මේකෙන් වැඩක් වෙයි... ජනතාව මීහරක් නෙමෙයිය්නේ.. මේකත් එක්තරා විදියක අන්දිල්ලක්නේ.. කෙලින් .කියන්න. විමල් කියනවා වගේ මම ඉන්දියානු ඇමරිකානු IMF කඳවුරට විරුද්ධයි චීනය සහ රුසියාව ඉරානය වගේ කඳවුර ක තමයි අපි ඉන්නේ මේ ජනාධිපතිවරණයට අපි එන්නේ අපේ ප්‍රතිපත්තිය සහ අදහස් සමාජගත කරන්න මිසක් ජනාධිපති වෙන්න නෙමෙයි... ඊලග මහා මැතිවරණයේදී අපි පාර්ලිමේන්තුවට එන්න අදහස් කරනවා එහෙම ඇවිල්ල පත්වන අපේ ප්‍රතිපත්තිවලට ගැලපෙන ආන්දුවක් ආවොත් අපි යම් යම් ක්ෂේත්‍ර වල ඇමතිකම් වගකීම් ගන්න ඉදිරිපත් .වෙනවා.. නැත්නම් අපි අපේ පර්තිපත්ති සහ පක්ෂ යාන්ත්‍රනය ගොඩ නගනවා..නැත්නම් වෙනත් දේශපාලනික උපක්‍රමික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා.. නැත්නම් අපේ මතවාදය, ප්‍රතිපත්ති වලට (වාම ජාතිකවාදී සංකල්ප ය ) තැනක් පිළිගනිමක් එනකල් අපි කොට කොට
බෙහෙත් ටිකක් ගන්න ගිහින් වෙන්න ඇති.ඇපත් නැතිව පරාද වෙනව කියල දැන දැනත් ඉල්ලන්නෙ මොලේ අමාරුව හැදුනාමනෙ. රාජපක්ෂ පරපුරට ඇතිවෙන්න කඩේ ගිහින් ඒ අනුහසින්ම බිස්නස් ගොඩදාගත්තෙ අන්තිමට කැලනියේ මුචලින්ද මැව්වෙත් මේ මිනිහා
කොවිඩ් කාලේ එකට හිටපු පාදෙණිය නැතෙයි ඔතන ?
මොකක් හරි රෝගයක් වෙන්න ඇති...!