IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘‘ජනතා පැවැත්ම, සමෘද්ධිය වෙනුවෙන් විධායකය ගන්නා තීරණ වලට අධිකරණයෙන් බාධා එපා‘‘

ජනතාවගේ යහපැවැත්ම සහ සමෟද්ධිය වෙනුවෙන් විධායකය විසින් ගනු ලබන සංවර්ධන ප්‍රයත්නයන් සඳහා අධිකරණයට බාධා නොකිරීම වැදගත් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිකුරාදා (14) පැවැසීය.

එබැවින් සමෟද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීමට රජය ගෙන යන ක්‍රියාවලියට නීති ප්‍රජාවේ සාමාජිකයන්ගෙන් පූර්ණ සහය අපේක්‍ෂා කරන බවද ඔහු කීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම සමුළුව මීගමුවේදී ඉකුත්දා (14) පැවැත්විණි.

‘ශ්‍රී ලංකාව, මූල්‍ය සහ වාණිජ කේන්ද්‍රය, දැක්ම, අභියෝග සහ ඉඩ ප්‍රස්ථා’ මැයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

මේ වනවිට පුළුල් ක්‍ෂේත්‍ර රැසක් ඔස්සේ වේගයෙන් දියුණු වන තාක්‍ෂණික ක්‍රමවේද ගෝලීය වාණිජ සහ කර්මාන්තවල විශාල පරිවර්තනයක් ඇති කරමින් තිබෙනවා. එම පරිවර්තනය සමඟ ශ්‍රී ලංකාවද ඉදිරියට ගමන් කළයුතුයි. ඒ අනුව වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා නව වෙනස්කම් මගින් ලබාදෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට අප උත්සුක විය යුතුයි.

ඇති වෙමින් තිබෙන වේගවත් තාක්‍ෂණික විපර්යාසයන් සමග ලොව වඩාත් වැදගත් වෙළඳපොළ වශයෙන් ආසියාව කේන්ද්‍රගත වී තිබෙනවා. ආසියාවේ නැගී සිටීම අප රටේ ආර්ථික සංවර්ධනය අත්කරගැනීමට ද උපරිම වශයෙන් ඉවහල් කරගත යුතුයි. ඒ සඳහා කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ක්‍රමවේද සකසා ගැනීමේ අවශ්‍යතාවන් ඉටුකර ගන්න රජය කැපවී ක්‍රියා කරනවා.

විශේෂයෙන්ම තොරතුරු තාක්‍ෂණ අංශයේ සමාගම්වලට සැලකිය යුතු බදු සහන මේ වනවිට ලබාදී තිබෙනවා. ක්‍ෂේත්‍රයේ ආයෝජනයට සහ වැඩි රැකියා අවස්ථා නිර්මාණයට දේශීය සහ විදේශීය සමාගම් දිරි ගැන්වීමට රජය ක්‍රියාකරනවා. ජාතික සංවර්ධනය වේගවත් කිරීමට සහ ආර්ථිකයේ පූර්ණ ශක්‍යතාවට අවශ්‍ය සංශෝධන කිරීමට රජය අදහස් කරනවා. එමෙන්ම ව්‍යාපාරික රෙගුලාසි පද්ධතිය වැඩිදියුණු කිරීමටත් අවශ්‍යයි. එමගින් ව්‍යාපාර කිරීමේ පහසුව සැලසෙනවා මෙන්ම අක්‍රමිකතා සහ අයතා භාවිතය වළක්වා ගන්න පුළුවන් වෙනවා.

එමෙන්ම යුක්තිය පසිඳලීම ප්‍රමාදවීම යුක්තිය ප්‍රතික්‍ෂේප වීමක් ලෙස සැලකෙනවා. රටේ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ආරවුල් කඩිනමින් පහසුවෙන් දැරිය හැකි මිලකට විසඳා ගන්න අවස්ථාවක් තිබිය යුතුයි. එබැවින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ කාර්ක්‍ෂමතාව සහ නීතියේ පිහිට පැතීමේදී දැරිය හැකි මිල පිළිබඳව සැලකිල්ලට ගතයුතු කාලය එළැඹිලා තිබෙනෙවා.

විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ප්‍රතික්‍ෂේපවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවන පුද්ගලයන් කලකිරීමට පත්වෙනවා. ඒ නිසා මෙරට නීති පද්ධතිය ලෝකයේ වඩාත් හොඳ ස්ථානයකට ගෙන ඒමට අධිකරණය සහ නීති ක්‍ෂේත්‍රය එක්ව පූර්ණ විසඳුමක් ඉදිරිපත් කිරීමට කාලය එළැඹ තිබෙනවා.

විධායකය හෝ ව්‍යවස්ථාදායකයේ නීතිමය ක්‍රියාවලියට සහ අධිකරණයට මැදිහත් වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරයි. ඒ හා සමානව විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරීත්වයට අධිකරණය අනවශ්‍ය ලෙස මැදිහත් නොවිය යුතුයි.

විධායකය හා ව්‍යවස්ථාදායකය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඔස්සේ ජනතාව විසින් තෝරාපත් කරගන්නවා. විශේෂයෙන් විධායකයට ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට අපිට ජනවරම ලැබී තිබෙනවා. එබැවින් ජනතාවගේ යහපැවැත්ම සහ සමෟද්ධිය වෙනුවෙන් විධායකය ගනු  ලබන සංවර්ධන ප්‍රයත්නය සඳහා අධිකරණය බාධා නොකිරීම වැදගත්. සමෟද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීමට රජය ගෙන යන ක්‍රියාවලියට නීති ප්‍රජාවේ සාමාජිකයන්ගෙන් පූර්ණ සහය අපේක්‍ෂා කරනවා යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කතානායක කරු ජයසූරිය, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, නීතිපති දප්පුල ලිවේරා යන මහත්වරු ද  නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (4)

‘‘ජනතා පැවැත්ම, සමෘද්ධිය වෙනුවෙන් විධායකය ගන්නා තීරණ වලට අධිකරණයෙන් බාධා එපා‘‘

Chathuri Monday, 17 February 2020 03:45 PM

ජනාධිපති වෙලා ඉන්නකොට හිටපු විදියයි දැන් ඉන්න විදියයි සම්පුර්ණ වෙනස්.

:       0       0

Rata Perata Wednesday, 19 February 2020 07:47 AM

දැනටත් එහෙම තමා කොහොමත් තියෙන්නේ. බලය නැති කාලෙත් නඩු කාරයෝ බය වෙලා නඩු අහන්නේ නැතුව හිටියා අපිට මතකයි.

:       0       27

රණවක Thursday, 20 February 2020 01:57 AM

විධායක බලතල නොමැති සහ පාර්ලිමේන්තුවේ බහුතරයද නොමැතිව අදිකරණයට පසුගියදා සිට රටේ නායකයාගෙන් සියුම් ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ. එයට මුලික හේතුව නම් මිග් යානා ගනුදෙනුවේ සහ ගුවන් යන මිලදී ගැනීම් වලදී ඔවුන්ගේ පවුලේ සමීප තමයන් එම ගනුදෙනුවල ප්‍රධාන කොටස් කරුවන් වී සිටි නිසා ඔවුන්ව බේරාගැනීමට මෙසේ අධිකරණයට වක්‍රාකාරව පීඩනයක් එල්ල කරමින් සිටිනවාදෝ කියා සැකයක් මතුවේ. ජනතා පැවැත්ම, සමෘද්ධිය වෙනුවෙන් අධිකරණය ගන්නා තීරණ වලට විධායකයෙන් බාධා එපා කියා වෙනස් විය යුතුය. 2005 සිට 2014 දක්වා සිදුවූ එසේය. එම ක්‍රියා දාමය වෙනස් වුයේ 19 වන සංසෝධනය නිසා බව කිව යුතුවේ.

:       0       2

vidya Thursday, 20 February 2020 06:00 AM

ජනාධිපතිතුමනි , කරුණාකරලා ඔය වටේ ඉන්න පිරිසට කියන්න අවශ්‍යදෙත් අනවශ්‍යදේත් ගැන ඕනෙවට එපාවට කියවන්න ගිහින් වැඩ කාලා දැම්මොත් ඔබතුමා කරන්න යන වැඩ පිළිවෙලට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අනිත් එක පරණ ආණ්ඩුවට දොස් කීමේ කිසිම ප්‍රතිපලයක් නැත . අද ඉන්න තරුණ පිරිස උගත් පිරිසක් . එම දරුවෝ මහ ඡන්දය එනකම් බලාගෙන ඉන්නවා. අලුත් ක්‍රමවේදයක් කිරීමට අලුත් උගත් , බුද්දිමත් පිරිසක් සමග යා යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 675 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1195 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 373 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 97 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site