
(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
අපිට උතුරේ දෙමළ අම්මා තාත්තා, තරුණ තරුණියන් ඡන්ද කාලයේදී රවට්ටලා වැඩක් නැහැ රවට්ටලා පලක් වෙන්නේ නෑ. අපිට පුළුවන් දේ අපිට පුළුවන් කියන්න ඕනේ. බැහැයි කියන දේ බැහැයි කියන්න ඕනේ. දමිළ අම්මේ තාත්තේ සහෝදර සහෝදරවරුනි අපි දමිළ සංස්කෘතිය රකින්නම් අපි භාෂාව රැකලා දෙන්නම්. හැබැයි අපිට උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමත් අපි කරන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් දේ පුළුවන් කියන බැහැයි කියන දේ බැහැයි කියනවා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජනරැළිය අමතමිනි. අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේදී අද එම රැස්වීම පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
"රජරට මගේ ආදරණීය මව්පියන් සහෝදර සහෝදරියන් මිත්‍රවරුනි, අපේ පක්ෂය මේ රටේ දේශපාලන සිතියම වෙනස් කරපු දේශපාලන බලවේගයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ මාතෘ මාතෘ භූමියේ මායිම් ගම්මාන කියන වචනය ශබ්ද කෝෂයෙන් අයින් කරා. ඒ වගේම තමයි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩ පිළිවෙල ආරම්භ කරා. ගමේ අම්මා තාත්තාගේ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න, හොඳ ආර්ථිකයක් ලබා දෙන්න එදා අපි කටයුතු කලා. 2015 දී අපි පරාජය වුණා. ගෝඨාභය ජනාධිපතිතුමාට බාර ගන්න සිද්ධ වුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා භාර දීපු රට නෙමෙයි. ආර්ථික වශයෙන් වැටිච්ච රටක් කොවිඩ් 19 වසංගතය ආවා. අපි ඒකට මුහුණ දුන්නා. එන්නත් ටික ගෙනල්ල දෙන්න කිව්වම අපි ඒ ටික ගෙනල්ලා දුන්නා. විශේෂඥයන්ගේ උපදෙස් අර ගෙන ගෝඨාභය මහත්තයා ජීවිත ටික බේර ගත්තා. අපිට තිබ්බෙ ආර්ථිකයද ජීවිතද කියන පිළිබඳවයි. එදා ගෝඨාභය රාජපක්ෂත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයත් තීන්දු කරා ජීවිත ටික බේර ගන්න ඕනේ කියලා. ඔබට මතක ඇති එදා තරුණයන් ටික එකතු වෙලා ඇඳන් දහදාහක් අපේ රටේ හැදුවා. මේ රටේ තරුණ පරම්පරාව නිරෝධායන මධ්‍යස්ථානවලට උදව් කරා,
පන්දහස ගානේ ජනතාවට බෙදලා දුන්නා පහළොස්දාහක් අපි එදා ජනතාවට බෙදලා දුන්නා. ජනතාවට මැරෙන්න දුන්නේ නැහැ. හැබැයි අවාසනාවකට අපි විශ්වාස කරනවා යම් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් අපිව පරාජය කරා. ආණ්ඩුව වැට්ටුවත් අපි රාජ්‍යය වැටෙන්න දුන්නේ නෑ. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආණ්ඩුව බාර දුන්නා.
හැබැයි පොහොට්ටුව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙන්න බැරි කාරණා තිබුණත්, මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන්, අවිහිංසාවාදය මුල් කරගත් දේශපාලන බල වේගයක් විදිහට අපි උපරිම සහයෝගය ලබා දුන්නා.
මිත්‍රවරුනි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගෙන කොට බණ්ඩාරනායක මහන්තයා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ආවේ ඒ පංච මහා බලවෙගය නියෝජනය කරන්න. අපේ හාමුදුරුවනේ අපේ රටේ රෙද්ද බැනියම ඇඳගෙන අපේ අම්මා තාත්ත නියෝජනය කරන්න දේශපාලන හඬක් අවශ්‍ය වෙච්ච නිසා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදෙන්නේ කොහොමද? 2015 වෙන් පස්සේ මේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය එක්සත් ජාති පක්ෂයත් එක්ක බද්ධ වීම නිසා, මේ රටේ ගමේ දුප්පත් අම්මා තාත්තා නියෝජනය කිරීමේ ජාතිකත්ව කඳවුර නියෝජනය කිරීමේ අවස්ථාව පැන නගිනවා.ඒ නිසා එදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩ.නැගුණා.
ඒ ගොඩනැගුණ පොදු ජන පෙරමුණ තමයි මේ රටේ දැවැන්තම මැතිවරණය ජනගහනය කළේ. වර්තමානයේත් අපට තීන්දුවක් ගන්න සිදු වුණා. අපි කෙටි කාලින අරමුණු සඳහා අපේ සංස්කෘතිය ආගම දහම අපි ගොඩ නැගිච්ච ඓතිහාසික බල වේගය අපි අතාරිනවාද එහෙමත් නැත්නම් නූතන පරම්පරාවේ දේශපාලන බල වේගයක් විදියට ඒ ඓතිහාසික වගකීම ආරක්ෂා කර ගනිමින් චින්තනය රැක ගනිමින් මේ මාතෘ භූමියේ ජීවිත පූජා කරපු, ලේ හලපු, රණවිරුවන්ගේ ජීවිත වලට ගෞරවයක් ලබා දෙමින් අපි විශ්වාස කරන්න ප්‍රතිපත්තිවලට අපි සටන් කරනවද කාරණාව, ඒ නිසා තමයි මිත්‍රවරුනි මගේ අම්මේ තාත්තේ, අපේ හාමුදුරුවනේ ශ්‍රි ලංකා පොදු ජනය පෙරමුණ තීන්දු කරේ, නෑ අපිට අවස්ථාවාදී දේශපාලනය අවශ්‍යයේ නෑ කියලා අපිට කෙටිකාලීන වරදාන වරප්‍රසාද අපට අවශ්‍ය නෑ කියලා අපි ගොඩ නැගිච්ච දේශීය චින්තනය පදනම් කරගත් වැඩපිළිවෙලක් අපිට තියෙනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්ට විතරයි කොන්දක් තියෙන්නේ.
බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිත පවුල් පාලනේ උන්ට කරන්ඩ පුලුවන් එකම දේ ජනතාව රවට්ටන්ඩ ටොම්පච කියන එක..මහින්ද චින්තනය ,තාරුණ්‍යයට හෙටක් ,දැනුමේ කේන්ද්‍රස්ථානය ,ආසියාවේ ආශ්චර්යය සෞබාග්‍යයේ දැක්ම කියල ජනතාව රවට්ටපු උන්ට බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ .
කියපු දේවල් හරියට නොකරපු හින්දනේ ජනතාව අරගල කරලා පැන්නුවේ? හොර පෙරකදෝරුවට ඒ ටිකවත් තේරුම් ගන්ඩ බැහැ.
ආර්ථික ගාතකයෝ කියලා අදිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි උන්. හරිනම් හිරේ ඉන්ඩ ඕන අය ..දේසපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු එවුන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ .
කිව්වොත් කවුරු පිළිගනීද ?
සිංහල බෞද්ධ නායකයෙක් රටට ඕන. ජාතිකත්වක් තියෙන තරුණ නයෙකත්වය අගය කරනවා. පරණ හොරු ලංකරගන්නෙ නැතිව රටට දැයට ආදරය ඇති තරුණ කොටස් ලංකරගැනීම වඩා සුදුසුයි. මෙවර නැතත් දිනෙක ජනාධිපති වනවා.
2004 සුනාමි ආධාර ලෙසට ලැබුණු දේවල් වංචාකිරීමේ සිට අප්පලා මහප්පලා බාප්පලා උන්ගේ දරුවෝ කරපුදේ රටේ බුද්ධිමත් ජනතාව හොදින්ම දැක්කා මන්ද බුද්ධිකලා දකින්න නැතුව ඇති
අනික් අය විවාදය මග අරින්නේ 13 ගැන හරි උත්තරයක් දීගන්න බැරි නිසයි.
දළදා මාලිගාවේ පාරවල් වහගෙන තාත්තාගේ බලය ඇඟට අරන් කාර් රේස් පදිනකොට ඔයා ඔය කියනදේවල් කිව්වේ කොහොමද. දැන් ඔයාලට අපිව රවටන්න බෑ. අපි රැවටුනා කියලා හිතලා එයාලා රැවටිලා ඉන්නේ. ලබන මාසේ බලාගමු කවුද දිනුම් කියලා. එතකම් ඔය බයිලා අහමු.
මෙතන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිනිස්සු කවුරුත් නෑ වගේ
හොඳට මතක තියාගනිල්ලා නැවත මේ සසරේදී නම් රාජපක්ෂ පවුලේ ගෑවුනු එකෙකුටවත් චන්දෙ දෙන්න එපා. මුන් මේ රටට කරපු හෙනය ඇති . අතනින් මෙතනින් බස් වලින් ගෙනාවත් මෙතන ඇති සෙනගක් නැහැ . අනුරාධපුරේ ටියුෂන් පන්ති වලත් මිට වඩා සෙනග ඉන්නවා .
2019 වනවිට රටේ තිබුන අයහපත් තත්වය තේරුම් ගන්න බැරි ලක්ෂ හැටනවයක් පිරිසගෙන් මොළයක් ගෑවිලාවත් නැතිම පිරිසක් ඉන්නවා කියලා ඩිස්ලයික් වලින් පේනවා
සුනාමි ආධාරත් හොරාකලා ,ජාතික ධනයත් හොරාකාපු ජරාපක්ෂලා කීයටවත් විශ්වාස කරන්න එපා
දූෂිත පවුල් පාලනේ හැතිකරේම රටට සාපයක් .බල තණ්හාව ඉහවහා ගිය උන් හිතාගෙන හිටියේ අපේ රට උන්ගේ බූදලේ කියලා .දූෂිතයන්ගේ මුහුණු දකින එකත් අපිට හරිම පිළිකුල් .රටට කරපු විනාසෙට ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා .
මේ ඉඳගෙන ඉන්න මිනිස්සු. හිනාවීගෙන ඉන්නේ. දන්නවා දිනන්නේ නැහැ කියලා. අප්පලා පුත්තු කපුටෝ එකතු වෙලා ජාතිවාදය අවුස්සලා. දැන් ගොන් පාට් දානවා. නාකිමයිනාගේ වශි මුද්දර දුන්නේ නැත්ද?. වයසක ආච්චිලා ඇවිත් ඔඩොක්කුවේ ඉඳ ගනීයි, අප්පගේ ඔඩොක්කුවේ පවිත්‍රා වාඩිවුණා. කොන්ද පණ නැති වුණු ගමන් සජිත්ට කිට්ටු වුණා. නාමල් බේබි ජනාධිපති කරන්න රටේ මිනිස්සු අන්ධ, බිහිරි, ගොලු, අබ්බගාත නැහැ පවුලේ කට්ටිය එහෙමනේ...!
කොල්ලෝ අපි කියන්නේ කරන්න පුළුවන් දේවල් කියලා නොකියා අපි කළේ අපිට පුළුවන් දේවල් විතරයි කිව්වොත් තමයි ඉතාමත් නිවැරදි වෙන්නේ... අතීතයේ ඔහෙලාම කරපු දේ දැක්ක අපිට අනාගතයේ වෙනසක් වේවි කියලා හිතන්න අමාරුයි. ඔබේ තාත්තා 1970 ලාබාලම මන්ත්‍රී හැටියට ඇවිල්ලා සිරිමාවෝ මැතිණිය කරපු දේ දැක්කා. එතුමිය වැසිකිළි හැර සෑම දෙයක්ම බණ්ඩාරනායක නමින් නම්කළා. ඒක පූර්වාදර්ශයක් කරගත් නුඹේ පියා ඔහු ඇතිකළ සෑම සියලු දෙයක්ම මහින්ද නමින් නම්කළා. ඉතින් එහෙම අයව මොනවා කිව්වත් අපි ඒවා සිහිබුද්ධියෙන් අහන්න ඕන කොහොම වුණත් ලංකාවේ නම් කිසිවකු පිය උරුමයෙන් රාජ්‍ය නායකයා වෙන්නේ නැහැ.. ඒකත් අමතක කරන්න එපා...