(මොහොමඩ් ආසික්)
2015 ජනවාරි අට වැනිදා අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරුක්කාලක් පමණක් බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය.
මහනුවර මහයියාව ක්‍රීඩාංගණයේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රචාරක රැළියක් අමතමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
‘‘2015 ජනාවාරි අට වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරුක්කාලයි. රාජ්‍ය බලයට අයත්ව තියෙනවා ආණ්ඩු බලට, පළාත් සභා බලය, පළාත් පාලන ආයතන බලය ඒ වගේම ජනාධිපති බලය. අපට පළාත් සභාව තිබුණේ නෑ ,අපට නගර සභාව තිබුණේ නෑ .එදා අපි අපේ ප්‍රජාතාන්ත්‍රවාදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ රාජ්‍ය බලයෙන් අරුක්කාලක් තියාගෙනයි.
නමුත් මේ සැරේ 16 වනදා ඡන්දය තියෙනවා. 17 වනදා ප්‍රතිඵල නිකුත් වෙනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා. ලබන මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවලා පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා.
ඒ වගේම පළාත් සභා ඡන්ද තියන්නත් බැරි වෙලා තියෙනවා. අපි පත් කර ගන්නා පාර්ලිමේන්තුවේ පළමු කාර්ය ලෙස පළාත් සභා ක්‍රමය සම්මත කර ගෙන පළාත් සභා නවයේම මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වන කොට මේ පළාත් සභා නවයේම ජය නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණට ලැබෙනවා.
ඉන් පස්සේ අවුරුදු පහකට ඡන්ද නෑ එතැන් පටන් මේ රට නව සංවර්ධන මාවතකට ගෙන යනවා. අපි ප්‍රජාතාන්ත්‍රවාදී වෙනස කරන ගමන් අපිට මේ රටේ සැලකිය යුතු වැඩපිළිවෙළක් දියත් කරන්න පුළුවන් වුණා.
අරුක්කාලක බලයෙන් රජයේ සේවකයින්ට වැටුප් වැඩි කළා. විශ්‍රාම වැටුප සියයට පණහකින් වැඩි කළා. මම එදා ඛණිජ තෙල් ඇමතිවරයා හැටයට ඉතිහාසයේ පළමු වතාවට තෙල් මිළ අඩු කළා.
අදටත් භූමිතෙල් , පෙට්‍රල්, ඩීසල් මිල 2015 ට වඩා අඩුයි. අපි සමෘද්ධි සහනාධාරය වැඩි කළා. සමෘද්ධිය දෙන පිරිස වැඩි කළා.‘‘ යැයිද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙහිදී කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘‘2015 දී අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරුක්කාලයි‘‘