IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


19ටත් 20ටත් උඩින් යන වැඩපිළිවෙළක් ගේනවා

(*** අංජුල මහික වීරරත්න)

ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්වූ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට දහ නව වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළොන්නාවේදී පැවැසීය.

දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහිවූ ආයතන  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන ආයතන බවට පත්කර විධායකය-ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එකිනෙකා ආරක්ෂා කරගෙන පාලනය මෙහයවීමේ ක්‍රමවේදය සකස් කරනවැයිද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළොන්නාව පුරාණ විහාරස්ථානය වැඳපුදා ගෙන මහා සංඝ රත්නයේ ආශීර්වාදය ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශය කරමින් මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.

සමගි ජනබලවේගයේ අප බෞද්ධ සිද්ධස්ථාන පුනරුදය කිරීමේ ගමන ක්‍රියාත්මක කරනවා. කොළොන්නාව ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාසයෙහි විහාරස්ථාන ගණනාවකට අද දිනයේ පැමිණියේ ඒ අනුවයි.

මහා සංඝරත්නයේ අවවාද-අනුශාසනා ගෙන බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා විහාරස්ථාන පද්ධතිය ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ මරු පහරබව කිව යුතුයි. මෙම යෝජනාවට පාර්ලිමේන්තුවේ දී විරුද්ධ වනවා සේම සම්ප්‍රදායෙන් පිටට පැන දහ නවවැනි සංශෝධනය තවත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරිමට අප බලාපොරොත්තු වෙනවා. එමගින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ජාතික ආරක්ෂක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ දහ නවයෙන් ඉදිරියට වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

යහපත් රාජ්‍ය පාලනය සඳහා නිර්මාණයවූ දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදනවලින් බිහිවූ ආයතන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන ආයතන බවට ස්ථාපිත කිරීම අපගේ අරමුණයි. ඒ ආයතනවලට දේශපාලන හෝ වෙන යම් බලපෑම් කිරීමට ඉඩ ප්‍රස්ථා හෝ දෙන්නේ නැතිව ඒ ආයතනවල ස්වාධීන බව සහ ශක්ති සම්පන්න බව තහවුරු කිරීම අපගේ අරමුණයි.

එමෙන්ම යහපත් රාජ්‍ය පාලනය සඳහා බිහි වූ ආයතනවලට ප්‍රමාණවත් ප්‍රතිපාදන දිය යුතුයි. භෞතික මෙන්ම මානව සම්පත්ද දියයුතුයි. දහ නව වැනි ව්‍යවස්ථාවේ තිබෙන දුර්වලතා ඉවත් කර වඩා ප්‍රශස්ත සංශෝධනය ක්‍රියාත්මක කරන්නට අප බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩ පිළිවෙළ අනුව විධායකය, ව්‍යවස්ථාදායකය එමෙන්ම අධිකරණය තම-තමන්ට හිමිවන බලය තුළින් යහපත් පාලනයට තුඩු දෙන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඒ ඒ ආයතන වලින් එකිනෙකා ආරක්ෂා කිරීමේ මෙන්ම සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. ඒ අනුව නැවුම් වැඩපිළිවෙළ ඔස්සේ දහනවයෙන් ඔබ්බට යන වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා යැයිද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (7)

19ටත් 20ටත් උඩින් යන වැඩපිළිවෙළක් ගේනවා

kamal Wednesday, 16 September 2020 08:06 AM

19ටත් 20ටත් ඉහළින් යන්න? ඒ කියන්නේ 18 වෙන්න ඇති..

:       0       19

Raveendra Wednesday, 16 September 2020 02:14 PM

අම්මපා සජි .. අපි නම් හිතුවේ 19 නම් කම්කරු 20 නම් සිකුරිටි කියලා.. මොකද 19 ට 20 ජේෂ්ඨයිනේ...

:       0       48

isuru Wednesday, 16 September 2020 02:30 PM

ගමත් කාලා, පක්ෂයත් කාලා, රටත් තන්න වගෙයි යන්නේ...

:       0       155

nimalWednesday, 16 September 2020 11:23 PM

ඉවසීමක් නොමැතිව ඉක්මන් වෙලා, තණ්හාවට, බලයට මුල්තැන දී යථාර්තය අවබෝධ කරනොගෙන උඩින් ගියාම පේනවා නේද වෙන දේවල්...? අවසානයේ යන එන මන් නැතිවෙන එක තමයි වෙන්නේ. දේශපාලනයට අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුත්තේම ඉවසීම සහ බුද්ධිය මිස ඉක්මන් වීම නොවේ.

:       0       8

chandima Wednesday, 16 September 2020 05:13 PM

ඔයා මෙහෙ උඩින් යන්න දඟලනවා. අන්න අරගොල්ලෝ කරඬුව වඩම්මන්නේ වෙන අලියෙක් දාලා.. ඔලුව අතගාලා උඩින්ම යැව්වා වගේ පේන්නේ...

:       0       8

Chandima Wednesday, 16 September 2020 11:45 PM

මෙයා උඩින් යද්දි අරයා කනෙන් රින්ගා ඉවරයි.

:       0       7

Bamunuarachchi Friday, 18 September 2020 03:58 PM

මොන කෙංගෙඩිය කරන්නත් රටේ බලය ලැබෙන්න ඕනේ නේද? ඉස්සෙල්ලා බලයට එන්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site