IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


’’මුළු රටම එකතු කරගෙන ආණ්ඩුවට රිදෙන්න වෘර්තිය ක්‍රියාමාර්ග ගන්නවා

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී 

වසන්ත සමරසිංහය

පෙරට ආ වැඩවර්ජන රැල්ල ක්‍රමයෙන් බැස යාම ඇතුළු කාලීන දේශපාලනය පිළිබඳ  කතාබහකට මෙසේ එකතුවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහය.


?වැඩවර්ජන රැල්ලක් දියත් කරල ආණ්ඩුව දණගස්සනව කියපු කට්ටිය මොකද දැන් සද්ද වහල...


වැඩ කරන ජනතාව විවිධ අවස්ථාවල විවිධ ඉල්ලීම් පදනම් කරගෙන විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නව. ඒ වෘත්තීය ක්‍රියාමාර්ග සමහර විට අවසන් වෙන්නෙ ජයග්‍රහණය කරල. සමහර අවස්ථා තියෙනව ඒ වැඩවර්ජන ජනතාවට බලපාන ආකාරය ගැන සලකා බලා ඒව තාවකාලිකව ආපස්සට ගන්න සහ අවසන් කරන. දැන් වැඩ කරන ජනතාව විශේෂයෙන් සැලකිලිමත් වෙනව ජනතාව පීඩාවට පත් නොකර ජනතාව සමග එකතුවෙලා ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග අරගන්නෙ කොහොමද කියල. ආණ්ඩුව අද ජනතාව අසීමිතව පීඩාවට පත්කරනව. අද රෝගීන්ට බෙහෙත් නෑ. රටේ ප්‍රවාහන පහසුකම් හරියාකාරව දෙන්න ආණ්ඩුවට බෑ. ජනතා සුබසාධන වැඩපිළිවෙලවල් අර්බුදයට ගිහින්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නොවිසඳුණු ප්‍රශ්න එමටයි. ගොවිය අමාරුවෙ වැටිල. බැංකු⁣වල තියෙන සල්ලිවලට ආරක්ෂාව දෙන්න බැරිවෙලා. අඩුම තරමෙ තුන්වේලට කන්න බැරි තත්ත්වයට රට ඇදල දාල ඉවරයි. මිනිස්සු සීඝ්‍රයෙන් රට දාලා යනව. එහෙම තත්ත්වයක් උඩ අපි තීරණය කරල තියෙනව මුළු රටම එකතු කරගෙන ආණ්ඩුවට රිදෙන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න. ඒක ජනතාවගෙන් ඈත්වුණු එකක් නෙවෙයි ජනතාව එකතු කරගෙන යන වැඩක්.


?ඉස්සරහට කරන වැඩවර්ජන කලින් කරපු වැඩවර්ජනවලට වඩා වෙනස් වෙනව වගේම ආණ්ඩුවට ඇත්තටම දැනේවිද?


ආණ්ඩුවට මේක දැනෙනවද රිදෙනවද කියල හොඳින් බලාගන්න පුළුවන් ඉදිරියෙ අපි කරන වෘත්තීය ක්‍රියාමාර්ග එක්ක. කලින් සෞඛ්‍ය සේවකයෝ වැඩවර්ජන කළාම ප්‍රවෘත්තිය වුණෙ බෙහෙත් නැති එකවත් සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ අර්බුද ටිකවත් නෙවෙයි සෞඛ්‍ය සේවකයො වැඩවර්ජනය කරනව කියන එක විතරයි. වැඩවර්ජන නිසා රෝගීන් අපහසුතාවයට පත්වෙනව කියන එක විතරයි. ඇත්ත ප්‍රශ්නෙ අමතකයි. අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ප්‍රශ්නවලට ගුරුවරු කතා කළාම ඒ ගැන වගක් නෑ. ඒ ගොල්ලන්ගෙ වැටුප් විෂමතා ගැන පාරට බැස්සම ළමයින්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල ලොකු සද්දයක් දානව. අනිත් හැම ප්‍රශ්නයකදිමත් එහෙමයි. ආණ්ඩුව රටේ ඇත්ත ප්‍රශ්න ගැන සංවේදී නෑ. ප්‍රශ්න ගැන කතා කරන අය මර්දනය කරන්න තමයි ක්‍රියා කරන්නේ.


ඒ නිසා දැන් අපි ආණ්ඩුවෙ මේ තක්කඩි පිළිවෙතට විරුද්ධව ජනතාව සමග ජනතාවට හිරිහැරයක් නොවෙන පරිදි ප්‍රබල විරෝධතාවක් ගොඩනගනව. ආණ්ඩුවට තව දුරටත් හොරට නිදාගන්න ඉඩ දෙන්නෙ නෑ. ජනතාවට බලපාන පොදු කාරණාවලදී ජනතාවත් ඒකාබද්ධ කරගත් වෘත්තීය ක්‍රියාමාර්ග තමයි ඉදිරියේ එන්න නියමිත. ආණ්ඩුවට එතනදි සෙල්ලම් කරන්න බැරිවෙයි වෙනද වගේ. එළඹෙන 22 වෙනිද රෝහල් කාර්ය මණ්ඩලත් රෝහල්වල රෝගීනුත් ඒකාබද්ධව තමයි උද්ඝෝෂණ කරන්නේ. ඒකට දැඩි සත්කාර ඒකකවල ඉන්න අය වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ගන්න අය සම්බන්ධ වෙන්නෙ නෑ. බාහිර රෝගී ආංශවලට බෙහෙත් ගන්න එන අය වගේ මේකට දායක වෙන්න පුළුවන් මේ ප්‍රශ්නවලින් බැට කන ජනතාව මේකට එකතු කරගන්න. ඊට පස්සෙ පාසල්වල ගුරුවරු දෙමව්පියන් ඇතුළු අධ්‍යාපන ගැටලුවලින් පීඩා විඳින සියලු දෙනා එකට එකතු වෙලා උද්ඝෝෂණ කරනවා. ප්‍රවාහන ක්ෂෙත්‍රයේ ප්‍රශ්නවලින් පීඩා විඳින සේවකයොයි මගීනුයි එකට එකතුවෙලා ආණ්ඩුවට විරෝධය දක්වනව. ආණ්ඩුවට එරෙහිව පොදු ජනතාවත් වැඩ කරන පංතියත් ඒකාබද්ධ විරෝධතා රැල්ලක් නිර්මාණය වෙන්න නියමිතයි.


?මොන විරෝධතා කළත් ආණ්ඩුව ඒව ගණන් ගන්නෙවත් නෑනෙ. කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිට ගෙනා විශ්වාසභංගය පුස්සක් වුණා. එයා ඒකෙන් පස්සෙ හැසිරුණේ කෝ මට කෙරුවද වගේ විලාසෙකින්. මේ වැඩවල ප්‍රතිඵලයක් තියෙනවද ඉතිං?


මේ අද තියෙන පාර්ලිමේන්තුව මහජනතාව නියෝජනය කරන ජනතාවට වගකියන එකක් නෙවෙයි. මේක විකෘති පාර්ලිමේන්තුවක්. ජනතාව ගහල එලවපු සෙට් එකක් ආණ්ඩු බලයෙ බලෙන් එල්ලිල ඉන්නෙ. එයාල පත්කරගත්ත ජනබලයක් නැති ජනාධිපති කෙනෙක් රටේ ඉන්නෙ. මේ වගේ සෙට් එකක් රටේ ජනතාවගෙ ප්‍රශ්න විසඳන්නෙ නෑ. ඒක ගැන වාදයක් නෑ. ජනතාවට රටට නරකට බලපාන ඕනැ පනතකට මේ සෙට් එක අත උස්සනව. මෙයාලට රට වැඩක් නෑ. ජනතාවට මොනව වුණත් කමක් නෑ.


රනිල් වික්‍රමසිංහල මහ බැංකුව හොරකම් කළා කියල පොළොවෙ පස් කාපු සෙට් එක මේ. ඒකට රනිල් හිරේ දානකම් නින්ද යන්නෙ නෑ කියල කියපු මහින්දානන්දල වගේ අය එකතු වෙලා රනිල් ජනාධිපති කරල ඉන්නෙ දැන්. මේගොල්ලන්ට කොහේද සදාචාරාත්මක අයිතියක් රටේ ප්‍රශ්න ගැන කතා කරන්න. ජනතාව පාවා දීල හොර තක්කඩි නායකයො කරපු මේ පොහොට්ටුවෙ සෙට් එක ජනතාවාදී වැඩකට අත උස්සයි කියල හිතන්න තරම් අපට පිස්සු නෑ. මේ පාර්ලිමේන්තුව රටේ සැබෑ මහජන විරෝධතාවකට සහයෝගය දෙන්නෙ නෑ. මේ විකෘති පාර්ලිමේන්තුව වෙනස් නොකර ජනතාවට තමන්ගෙ අයිතිවාසිකම් ජයග්‍රහණ ලබා ගන්න බෑ.


ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතක යන්නේ. ඡන්ද තියන්නෙ නෑ. ඡන්දවලට බයයි. ඡන්ද තියන්න කියල අධිකරණය කිව්වටවත් ඡන්ද තියෙන්නෙ නෑ. රනිල්ල රාජපක්ෂල ඡන්දවලට බයයි. ඡන්දයක් තිබ්බොත් අකුලගෙන යන්න වෙන බව දන්න නිසා තමයි ඡන්ද නොතිය කට්ටි පනින්නෙ. රනිල් වික්‍රමසිංහට තව උපරිම මාස දහයයි මේ සෙල්ලම කරන්න පුළුවන්. ඊට පස්සෙ එයාගෙ සෙල්ලම් ඉවරයි. රනිල්ගෙ හුළං බහිනව. ඊට පස්ස ජනාධිපතිවරණය තියන්න වෙනව. රනිල්ට වෙන්නෙ ගෝඨාභයටත් වඩා අන්ත අසරණ පරාජයකට මුහුණ දෙන්න.


?දුම්රිය රියැදුරන් වර්ජන කළා. එයාල දොට්ට දානව කිව්ව. වැඩවර්ජනේ ඉවර වුණා. ආණ්ඩුව එහෙමනෙ ප්‍රතිචාර දක්වමින් ඉන්නෙ මේවට.


දුම්රිය රියැදුරන්ගේ වර්ජනය ගැන විවිධ කතා තියෙනව. දුම්රිය රියැදුරන් මේ අවුල ඉස්සෙල්ලම විසඳන්න ඕනැ. දුම්රිය රියදුරන්ගෙ සංගමේ සභාපති වැඩ. ලේකම් වර්ජනේ. මේක සැක සහිතයි. බැසිල් රාජපක්ෂගෙ දුම්රිය රියදුරන්ගෙ සංගමේ ලේකම් වැඩවර්ජනය කරද්දී ඒකෙ සභාපති වැඩ කරන්නේ දෙගොල්ලන්ගෙම එකඟතාවයෙන්ද කියල අපි දැනගන්න ඕනැ. වෘත්තීය සමිතිවලට අයිතියක් නෑ ජනතාව පීඩාවට පත්කරමින් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වර්ජන කරන්න. අපි වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියට එක එක දේශපාලන තක්කඩින්ගෙ ඕනැ එපාකම් වෙනුවෙන් වැඩ කරන අය වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ. මේව පිටිපස්සෙ තියෙන තක්කඩි දේශපාලන ව්‍යාපෘති ගැන ජනතාව දැනගන්න ඕනැ. ආණ්ඩුව වැඩ කරන ජනතාව භේද කරවල වෙන වෙන ගේම් ගහන්න හදනව නම් ඒකට විරුද්ධවත් අපි ක්‍රියාත්මක වෙනව.


?වසන්ත කිව්වට මාස දහයකින් රනිල්ගෙ හුළං බහිනව කියල, අන්න රනිල් කියුබාවෙත් ගිහින්. ජේ.වී.පී. එකේ අතේ තියෙනව කියන රටවල්නෙ රනිල්⁣ගෙ කරට දැන් අතදාගෙන ඉන්නෙ...


රට රටවල්වල සංචාරය කරන්න ඕනැ කෙනෙකුට පුළුවන්. ජනාධිපතිල රටවල්වල යනව ඕනැ තරම්. ඒකෙන් අපේ රටට මොකද්ද තියෙන ප්‍රයෝජනය කියන එකයි වැදගත්. ණය ගෙවන්න බෑ කියල නාහෙන් අඬන්න පිටරට ගියාට වැඩක් නෑ. ණය හිඟාකන්න පිටරට ගියාට වැඩක් නෑ. රට ණය නොවී දියුණු කරන්නේ කොහොමද කියල ඔය රට සවාරිවලදි ඒරටවල් ඉදිරියෙ බය නැතුව කොන්ද කෙළින් තියාගෙන කියල එන්න පුළුවන් නම් කමක් නෑ. රනිල් රටවල් ගාණෙ ගියා කියල අපට ප්‍රශ්නයක් නෑ. එච්චර ජාත්‍යන්තරව කීර්තියක් තියෙනව නම් මේ රටේ එක ඡන්දයක් තියන්න කියන්නකො. ජාත්‍යන්තරය දිනාගත්ත කියන්නේ යාළු මිත්‍රයො පිරිවරාගෙන රට සවාරි යන එක නෙවෙයි. රනිල් ජනාධිපති වෙලා දැන් මාස දාහතරක්. මොන රටෙන්ද ආයෝජකයෙක් ආවෙ ලංකාවට. ලෝකෙ දන්නව රනිල් කියන්නේ කවුද, මොනවද කරන්නේ කියල. එයාට තියෙන චෝදනා ගැනත් ජාත්‍යන්තරය දන්නව. පාස්කු දින ප්‍රහාරය වෙද්දී අගමැති රනිල්. මහබැංකු හොරකම වෙද්දී අගමැති රනිල්. මේව ගැන ජාත්‍යන්තරය අවධානයෙන් ඉන්නෙ.


?සමාජ මාධ්‍ය නියාමනයට ගේන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පණත් කෙටුම්පත” ගැන මොකද්ද අදහස...


ජනවරමක් නැති ජනතා කැමැත්තක් නැති නිරන්තර ජනතා විරෝධයට ලක්වෙන ඕනෑම පාලකයෙක් කරන්නේ මර්දනය තමයි. අදහස් ප්‍රකාශනයේ නිදහසට වැට බඳින එක අලුත් දෙයක් නෙවෙයි. රනිල් රාජපක්ෂලට ඒක කොහොමත් අලුත් දෙයක් නෙවෙයි. මාධ්‍ය මර්දනය, මාධ්‍යවේදීන් ඝාතනය, බියවැද්දීම, මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම, මේ ආණ්ඩුවට අමුතු දෙයක් නෙවෙයි. ඒක තමයි මෙයාලගෙ ක්‍රමය. රනිල් වික්‍රමසිංහල උද්ඝෝෂණ මර්දනය කරනව. රටේ ප්‍රශ්න ගැන කතා කරන්න පාරට බහිනකොට පහර දෙනව. මේ වගේ පණත් හරහා කරන්නේත් ඒකම තමයි. මේක පරාජය කළ යුතුයි.

 

 

■ ප්‍රියන්ත කොඩිප්පිලි 



අදහස් (0)

’’මුළු රටම එකතු කරගෙන ආණ්ඩුවට රිදෙන්න වෘර්තිය ක්‍රියාමාර්ග ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 3553 31

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 1057 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 2192 11

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 984 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1219 24

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1009 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1439 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site