IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘‘එ.ජා.ප නිසි තැනට ගෙන රට ජයග්‍රහණය කරා ගෙන යනවා‘‘

(අංජුල මහික වීරරත්න සහ මීරිගම පුෂ්පකුමාර මල්ලව ආරච්චි)

ඩී.එස් සේනානායක යුගයේ ලංකාව බ්‍රිතාන්‍යයට පවා ණය දුන්න ද වර්තමානයේ ලංකාව සෑම බලවත් රටකටම ණය වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඩී.එස් සේනානායක ගුණ සමරු උළෙලේ දී පැවසීය.

සේනානායක ප්‍රතිපත්ති අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂය නිසි තැනට ගෙන රට ජයග්‍රහණය කරා ගෙන යන බවට ප්‍රතිඥා ලබාදෙන බවද විජයවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කීය.

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 69වන ගුණානුස්මරණ උත්සවය මීරිගම ඓතිහාසික බෝතලේ වලව්ව ඉදිරිපිට සේනානායක සමාධිය අසලදී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.

"ඩී .එස් සේනානායක යනු අපේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මුදාගත් යුග පුරුෂයායි. එහිදී එතුමා තීරණාත්මක නායකත්වයක් දුන්නා. ලංකාවට මොන නිදහසක් දැයි එදා බ්‍රිතාන්‍ය පාලකයන් කිව්වා.ලංකාවෙි ජාතීන් භේද භින්න වී සිටින බවත් නිදහස දුන්නොත් ඔවුන් ගහමරා ගනු ඇති බවත් එදා බ්‍රිතාන්‍ය පාලකයන් පැවසුවා. එවැනි තත්වයක් හමුවේ දී ඩී.එස් සේනානායක මහතා රටේ සියලු ජාතීන් එකතු කරන්න වැඩ කටයුතු කළා .සිංහල මහා සභාව ,දමිළ කොංග්‍රසය ,මුස්ලිම් ලීගය එකතු කරගෙන සියලු ජාතීන් නියෝජනය වන පරිදි එක්සත් ජාතික පක්ෂය හැදුවා .එක්සත් ජාතික පක්ෂයට අලියා යන ලාංඡනය දුන්නෙත් සුමන සමන් දෙවියන්ගේ වාහනය නිසයි. මෙරට කෘෂිකර්මයට හා පරිසරයට ඇති ලැදියාව නිසා එතුමා එක්සත් ජාතික පක්ෂයට කොළපාට ගත්තා. එතුමා නායකත්වය දෙන විට ලංකාව කිසිම විදේශ රටකට ණය නැහැ .ගල්ඔය ව්‍යාපාරය පටන් ගත්තේ විදේශ ණය ගෙන නොවේ.

ඩී . එස් සේනානායක මහතා ලෝකයේ සියලු විදේශ රටවල් සමඟ මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. බ්‍රිතාන්‍ය මෙන්ම බටහිර රටවල් සමඟත් චීනය, ඉන්දියාව සමඟත් ඉතා සමීපව වැඩ කළා. එකල ලංකාවෙන් බ්‍රිතාන්‍යයට පවා ණය දී තිබෙනවා. නමුත් අද අප සෑම බලවත් රටකටම ණය වෙමින් සිටිනවා යනුවෙන් රුවන් විජයවර්ධන මහතා පැවසීය.

 



අදහස් (3)

‘‘එ.ජා.ප නිසි තැනට ගෙන රට ජයග්‍රහණය කරා ගෙන යනවා‘‘

Senarath Tuesday, 23 March 2021 06:05 AM

ඔයා මැරිලා ඉපදුණාද? පසුගිය රජය 2015 සිට 2019 දක්වා කාලයේ තමයි වැඩිපුරම ණය ගත්තේ.. ඒ වුණාට කරපු වැඩකුත් නැහැ. ඒ මදිවට හම්බන්තොට වරායත් වික්කා. තවමත් කිසිම වැඩපිළිවෙළක් වත් පෙන්වන්නේ නැතිව ජනතාව රවටන්න බොරු කියනවා. දැන්වත් ඉගෙන ගන්න ඩී.එස්. මහත්තයාලා රටට කළා වගේ වැඩ කරන්න.

:       5       43

kapila Tuesday, 23 March 2021 10:25 AM

ඔය කියන කාලේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ, රබර්, පොල් වෙළඳාමයි. ඒ ව්‍යාපාර සුද්දන් සතුව තිබුණු අතර, පිටරට වලට ණය දුන්නේ ඒවායින් ලැබුණු විදේශ විනිමයයි.

:       1       6

Bamunuarachchi Thursday, 25 March 2021 05:39 AM

ලංකාව බ්‍රිතාන්‍යයට දීපු ණය වෙන්න ඇති ඔහෙලා 2015-2020 කාලේ ආපසු ණයට ගෙන කාර් ගෙන්නුවේ දීමනා වැඩිකර ගත්තා නේද? හලෝ අපි ඒ කාලේ යැපුණේ තේ, පොල්, රබර් වලින් මිනිරන් ටිකක් රට යැව්වා. නැතුව කාටවත් ණය දෙන්න තියා පාරවල් දියුණුකර ගන්නවත් මුදලක් ඉතිරිවුනේ නැහැ. ඕවා අහන මිනිස්සු නැහැ කියලා ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් හිතාගන්න. දැනුයි ලොක්කට සිංහලකම බුද්ධාගම මතක් වෙලා තිබෙන්නේ... දෙන්නම් බලාගෙන ඉන්නවා.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 868 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 976 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site