IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


‘මැතිවරණ ප්‍රචාරණයට අභියෝග එන තරමට එජාපය ජයග්‍රහණය වෙත යනවා’

(රංජිත් රාජපක්ෂ)         
             
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට විපක්ෂයෙන් අභියෝග පැමිණෙන තරමට පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
 
රවි කරුණානායක මහතා ඒ බව කියාසිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන කේ.කේ.පියදාස, එස්.කේසවමුර්ති යන අපෙක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා (22) හැටන් නගරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ රවී කරුණානායක මහතා කියාසිටියේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඇති කළ තාවකාලික පක්ෂයට අධිකරණය හොඳ තීන්දුවක් ලබා දී ඇති බවයි.
 
ලබන මස 5 දින පැවැත්වෙන මහ මැතිවරණයෙන් තම පක්ෂයට අභියෝග කරන අයට හොඳ  විසඳුමක් ලබාදෙන බව රවි කරුණානායක මහතා පැවසීය.
 
මැතිවරණයක් ආසන්නයේ තම පක්ෂයට විරුද්ධ මත දරන අය බැඳුම්කර සිද්ධිය යලිත් කරලියට ගෙනවිත් මැතිවරණ වේදිකාවල කතා කරන බවත්, බැඳුම්කර සිද්ධියට වසර පහක් ගත වී තිබියදි එම සිද්ධියට අදාළ අයට එරෙහිව නීතිමය පියවර මෙතෙක් නොගැනීමට එම පිරිස කටයුතු නොකර ඇති බවද රවි කරුණානායක  මහතා පැවසීය.    



අදහස් (0)

‘මැතිවරණ ප්‍රචාරණයට අභියෝග එන තරමට එජාපය ජයග්‍රහණය වෙත යනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 955 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1020 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site