(නිමල කොඩිතුවක්කු)
කොරෝනා ගරානාවක් කරගත් ආණ්ඩුවේ ‘වැක්සීන් දේශපාලනය’ වහාම නවතන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමස්ථ පුරවැසියන් කෙරෙහි සමානව සැලකීම වෙනුවට තම පාක්ෂිකයාගේ ජීවිතය පමණක් ජීවිතය සේ සලකා කටයුතු කරන ගෝත්‍රික ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව සිකොරෝනා ගරානාවක් කරගත් ආණ්ඩුවේ ‘වැක්සීන් දේශපාලනය’ වහාම නවතන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම, මුල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදා හැරීම, සැලසුම් කිරීම සහ ප්‍රමුඛතාවය දිය යුත්තේ කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් ආණ්ඩුවට මුල සිටම නොතිබුණ බවත් විපක්ෂනායකවරයා සඳහන් කරයි.
"මෙරට පුරවැසියන්ට අවශ්‍ය එන්නත් ඇනවුම් කරන ලෙස අපි මීට මාස කිහිපයකට පෙර කිහිප අවස්ථාවක් ආණ්ඩුවට සිහිපත් කළද ඒ් සියල්ල සුපුරුදු උද්දච්ඡ සහ වගකීම් විරහිත ස්වරූපයෙන් බැහැර කළ ආණ්ඩුව කළේ අශ්වයා පලා යනතුරු බලා සිටීමය.
වර්තමාන ආණ්ඩුව යටතේ කලුකඩ රටාවට එන්නත් සොයා යාමේ තත්ත්වයට රට පත්ව තිබේ. එය ආණ්ඩුවේ ආශිර්වාදය මත කෙරෙන ‘වැක්සීන් දේශපාලනය’ ක් වී ඇති අතර සමස්ථ පුරවැසියන් කෙරෙහි සමානව සැලකීම වෙනුවට තම පාක්ෂිකයාගේ ජීවිතය පමණක් ජීවිතය සේ සලකා කටයුතු කරන ගෝත්‍රික ආණ්ඩුවක් බවට දවත්මන් ආණ්ඩුව පත්ව සිටී" යැයි ද එහි තවදුරටත් දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත් ලබාදෙන එකේ කිසිම පිළිවෙලක් නෑ. වෛද්‍ය සංගම් කාරයින් තොගපිටින් නෑදෑයින්ට සහ යාළුවන්ට පස්ස දොරෙන් එන්නත් විදිනවා. අර නර්ස් නෝනලාගේ වැඩ ගැන බලන ස්වාමීන් වහන්සේගේ පන්සලේදී යාලු හිතමිත්‍රාදීන්ට පොලිසියෙන් ඇවිත් එන්නත් ලබාදුන්නා. දැන් සේරම අනාගෙන කියලයි මිනිස්සු කියන්නේ...
පවතිනා ක්‍රමය ගැන අපගේ හා බොහෝ දෙනාගේ කිසිඳු විශ්වාසයක් නැහැයි කියමුකෝ..! ඒත්, ඔබතුමා කෙරෙහි නායකයෙකු ලෙස කෙසේ විශ්වාසය තබන්නෙමුද? ඒ මන්දයත්, රන්ජන් බේරාගැනීමට ජනපති ඉදිරියේ පිං සෙණුඩු වූ ඔබතුමා ඊට පසු දිනෙක ඒ අයට හොඳහැටි දොස් නැගුවා මතකයි. මෙවැනි දෙබිඩි පිළිවෙත්, හොඳ නායකයෙකුගේ ලක්ෂණ නොවෙයි. හරි, වැරැද්ද කුමක් වුවත්, ප්‍රේමදාස හිටපු ජනපතිගේ කිසියම් පෞරුෂයක් තිබුණා. දුර්වලකම් හා පරාජය කිරීමට හැකි බොහෝ දේ ඔබ ඉදිරියේ තිබියදීත්, වර්තමාන පාලනයට එරෙහිව දැනෙනා යමක් කිරීමට ඔබ තවමත් අපොහොසත්... එය තමයි සත්‍යය.
අපි ඔබලාට බලේ දුන්නා. කරපු දේවලුත් දැක්කා. දැන් ඉතින් නියරේ ඉඳන් සීසාන්න.
කලබල වෙන්න එපා සජිත් මහත්තයෝ.. රාජපක්ෂ පැටිකිරිය ජනතාවට හොඳින් හඳුනාගන්න අවස්ථාවක් දෙන්න...
එන්නත් දේශපාලනේ කරන්නේ ආණ්ඩුවද? නැතිනම් ඔහේලද? එන්නත්වල එල්ලිලා පණ ගැට ගහගන්න හදන අමන අවස්ථාවාදී දේශපාලඥයෝ. ඔව්වාට හුරේ දාන හරක් ඉන්නකල් අපේ රට වැලේ තමයි..
මෙයා යටිගිරිය කඩාගෙන බොරුවට කෑගහනවා. එපා කියද්දී පිකටින් කරලා කොරෝනාත් හදාගත්තා. බයට බෙහෙත් විදගත්තෙත් නැහැ. ජාතියට ආදරයක් තිබේ නම් වැරැදි පෙන්නලා දීලා උදව්වක් කරන්න.. දේශපාලන වාසි ගන්නේ නැතිව...
උසනම් ඇස්ට්‍රා සෙනෙකා, මිටිනම් ෆයිසර් දෙන්න.
මුලින් එන්නත විදගත්තේ නෑ. මැරෙයි කියලා බයේ. ඊට පස්සේ තව මිනිස්සුන්ටත් බෝකළා. ඒ මදිවාට පෞද්ගලික රෝහල්වල සැප විඳිනවා ලක්ෂ ගණන් වියදම් කරලා. උස නම් සිකුරිටි මිටි නම් කම්කරු දීපු මොලකාරයනේ මේ...
මොකේ හරි එල්ලිලා වෙස්සන්තර වෙන්නමයි බලන්නේ...!!!
ඒකම නේද අවුරු 70 ක් කළේ
කිලි මහරජාගේ පුස්කොලේ.., අපේ රනිල් සර් පාර්ලිමේන්තු ඇවිල්ලා පයින් ගහලා එළවයි.
දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු බවට විවාදයක් නැත. කෙසේවුවද ජනතාවගේ අවශ්‍යතා සපිරෙන අන්දමට, ඔවුන්ට සිදුවන පීඩාව හැකිතරම් අවම කරගනිමින් එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම රජයේද වගකීමක් බවත් පෙන්වාදීමට කැමැත්තෙමු...
හිටපු කාලේ කරපු හරිය අපි දන්නවනේ. ඔයාලා හිටියත් ඔච්චරයි.
ශවේන්ද්‍ර සිල්වා මහතා ද පසුගියදා රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේ එන්නත්කරණ වැඩපිළිවෙළට සහාය ලබාදීම මිස එයට බාධා සිදුවන කිසිඳු කටයුත්තක් නොකළ යුතු බව නේද..? එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථාවලදී ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු නොකළහොත් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි බවද ඔහු පෙන්වා දී තිබුණා. යුද හමුදාපතිවරයා මේ බව කියා තිබුණේ පසුගිය දිනවල එන්නත්කරණ වැඩපිළිවෙළට බාධා ඇතිකළ සිදුවීම් ගණනාවක් සැලකිල්ලට ගනිමින් බව පැහැදිලියි. සෑම දේටම හරස් නොවී, එක්ව රට බේරාගැනීම නොවේද කළ යුත්තේ..? මෙයින් මහඡනතාවගේ සුලු කැමැත්තක් ඔබ කෙරෙහි හෝ තිබුණා නම්, එයද නැතිවී යන බවත් හිතන්න...