(විනීතා එම් ගමගේ)
මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සේවා සුරක්ෂිතතාවය ඇතිකරන බවට පොරොන්දු වන සජිත් පේ‍්‍රමදාස මහතාට කිව යුතුව ඇත්තේ සිදුවිය යුත්තේ තව තවත් අපේ කාන්තාවන්ට වහල් සේවයට යන්නට පාර කැපීම නොව මැදපෙරදිග නොගොස් මේ රටේ ජීවත් වෙන්නට ආර්ථික ශක්තිය සකසා දීමට කටයුතු කිරීම යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සම්මේලනයේ ලේකම් සුභානි අල්මේදා මහත්මිය පැවැසුවාය.
ජනගහනයෙන් වැඩි ප‍්‍රතිශතය වන කාන්තාවන්ට අවශ්‍ය වන්නේ කවර දේ දැයි නිවැරදිව හඳුනාගත හැකි පාලකයන් රටට අවශ්‍ය යැයි ද ඇය පැවසුවාය.
මැදපෙරදිග වහල්කම තව තවත් නිත්‍යානුකූල කරනු වෙනුවට තමන්ගේ රටේ යමක් උපයමින් ජීවත් වෙන්නේ කෙසේ දැයි කියා දිය හැකි පාලකයෙක් රටට අවශ්‍ය යැයි ද අල්මේදා මහත්මිය පැවසුවාය.
සිල්ලර පොරොන්දු වෙනුවට කාන්තාවක් ලෙස තමන් කැමති කේෂත‍්‍රයකින් ඉහළට යන්නට අවස්ථාව ලබාදීමත් ස්වාධීන පුරවැසියෙක් ලෙස ජීවත්වන්නට පසුබිම සැකසීමත් පමණක් හොඳටම ප‍්‍රමාණවත් යැයි ද ඇය කීවාය.
තමන් නියෝජනය කරන තරුණ පරපුර 90 දශකයෙන් එපිට අත්දැකීම් නොදන්නා නිසා ඒ ගැන කියා දෙන්නැයි වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇය තවදුරටත් කියා සිටියාය.
සුභානි අල්මේදා මහත්මිය මේ අදහස් පළ කළේ ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිල්ලර පොරොන්දු අපේ කාන්තාවන්ට