IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


‘‘සජිත් නායකයෙකු වෙයි කියලා ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා‘‘

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

සජිත් ප්‍රේමදාස මහතා නායකයෙකු වෙයි කියා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් ඇති බවත්  එම අවස්ථාව ඔහුට ලබා දෙයි කියා අපෙත් බලාපොරොත්තුවක් ඇති බවත් විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා අද (11) පැවැසීය.

එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

 “මේ රටේ නායකයන් බිහිවී නැතියි කියලා අපිට කියන්න බැහැ. මේ රට නායකයන් කීහිපදෙනෙකු පාලනය කරලා තියෙනවා. රට පාලනය කරපු ඒ සියලුම නායකයන් කටයුතු කරන්නේ තමන්ගේ පක්ෂය බලලයි.

අද ගත්තනම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නවා. දෙමළ හා මුස්ලිම් පක්ෂවලත් නායකවරු ඉන්නවා. නමුත් ඒ හැමෝම කටයුතු කරලා තියෙන්නේ දේශපාලනය කරන්න තමයි.

රට ගැන හිතලා, අනාගතය ගැන හිතලා කොහොමද රට ගෙනියන්න ඕනෑ කියලා වැඩ කරන නායකයෙක් අපිට අද වෙනකල් නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේ නායකයෙකු අපිට අවශ්‍යයි. අපිට කියන්න පුළුවන් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනතාවගේ දුක පිළිබඳව හොදට හොයලා, ඒ දුක හඳුනාගෙන ඒ මිනිස්සුන්ට වැඩ කරන්න කටයුතු කරපු ජනාධිපති කෙනෙක් කියලා.

ඒ වගේ ජනාධිපතිවරයෙකු මේ රටට එන්න ඕනෑ යැයි අපේ බලාපොරොත්තුව. එතුමා ඒ කාළේ හොද වැඩ ගොඩක් සිදුකරා. සමහර වෙලාවට එයා නරක වැඩ කරා කියලා සමහර අය බැන්නා. නමුත් එතුමා හොද වැඩ රාශියක් සිදු කළා කියලා අපි පිළිගන්න ඕනෑ.

අනිවාර්යෙන්ම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ ඉදිරියට ගෙනියන්න ඕනෑ. පාර්ලිමේන්තුව තමයි මේ රටේ උත්තරීතර ආයතනය වන්නේ. ඇත්ත කියන්න, ඇත්ත දැන ගන්න මේ තේරීම් කාරක සභාවෙන් අවස්ථාව දෙන්න ඕනෑ.

ජනාධිපතිතුමා දැන් මේක ගැන කලකිරීමෙන් ඉන්නවා වගේ අපි දන්නවා. නමුත් මේකෙන් අවස්ථාව දීලා මේකේ මොනවද වෙන්නේ කිලයා එතුමාත් දැන ගත යුතුයි. රටේ ජනතාවත් දැන ගත යුතුයි.

මේක ජනතාවට දැන ගන්න විදිහට මාධ්‍යයට අවස්ථාව දීලා තියෙනවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු මාධ්‍යායට දෙන්න එපා කියලා කතාවක් යනවා. ඒ වගේ දේවල්වල රහස්‍ය භාවය රැකලා අනෙකුත් කරුණු ජනතාවට දැන ගන්න ඉඩ දිය යුතු යැයිද” ඒ මහතා කීය.



අදහස් (0)

‘‘සජිත් නායකයෙකු වෙයි කියලා ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site