IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සජිත්ගේ පොරොන්දුව මායාකාරීයි

(නාලක සංජීව දහනායක)

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දු කිසිදා ඉටුකළ නොහැකි මායාකාරී ප‍්‍රකාශ පමණක් යැයි අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (3) පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ පොරොන්දු අද වෙනත් වචනවලින් ප‍්‍රකාශ වන බවද ඔහු කීය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.

අධිකරණයට බලපෑම් කළ රජයේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් ගන්නා පියවර මොකද්ද කියලා රජය තවම ප‍්‍රකාශකර නැහැ. ඔවුන් සම්බන්ධයෙන් කඩිනමින් පියවරක් ගැනීමට රජයට යුතුකමක් තිබෙනවා. රජය තවම ඒ කතාව ප‍්‍රතික්‍ෂේප කරලත් නැහැ. නමුත් ඒ තොරතුරු හෙළිදරව් කළ නිළධාරීන්ට එරෙහිව නම් රජය කඩිනමින් පියවර ගනිමින් සිටිනවා. මහ බැංකු බැඳුම්කර හොරු සජිත් පේ‍්‍රමදාස මහතාගේ වේදකාවේ සිටිනවා.

ඒ නිසා  තමන් බලයට පත්වුවහොත් ඔවුන්ට  එරෙහිව පියවර ගන්නා බවට ප‍්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න සජිත් පේ‍්‍රමදාස මහතාට හැකියාවක් නැහැ. ඒ වගේම තුන්සියයකට වැඩි පිරිසකට ජීවිත හානි සිදුකළ හා තවත් විශාල පිරිසකට තුවාල සිදු කළ ත‍්‍රස්තාවාදී කණ්ඩායම්වලට නායකත්වය දුන්න සියලූම අන්තවාදී කණ්ඩායම් සිටින්නෙත් ඒ වේදිකාවේ යැයිද ඔහු කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (3) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.



අදහස් (3)

සජිත්ගේ පොරොන්දුව මායාකාරීයි

Hema Thursday, 03 October 2019 11:21 AM

එයාගේ විතරක් නෙමෙයි, ඔයාලගෙ පොරොන්දුත් මායාකාරී. අපි දන්නවා කාගේ කාගේත් පොරොන්දු ඉටුනොවෙන බව.

:       0       0

sirimal Thursday, 03 October 2019 11:31 AM

ඔබතුමාගේ ජනාධිපතිවරණ අපේක්ෂකතුමා ලබන 9 වෙනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ මංගල ජනරැළිය අමතන්නේ සිංගප්පුරුවේ ඉඳලද සේමසිංහ මහත්තයෝ? නැත්නම් එතුමාගේ කතාව කරල ඉවර වුන ගමන්ම සිංගප්පුරු යනවාද ? නියම නායකයෙක්නේ ඔබතුමන්ලා තෝරාගෙන තියෙන්නේ.

:       0       0

හසනාර් මරික්කාර් Thursday, 03 October 2019 11:31 AM

අධිකරණයට බලපෑම් කළ රජයේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් ගන්නා පියවර මොකද්ද කියලා රජය තවම ප‍්‍රකාශකර නැහැ. එතකොට අර ඥාණසාර හිමිට ගන්න පියවර මොනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site