(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ රාජපක්ෂවරුන්ට පාඩමක් ඉගැන්විම සඳහා පක්ෂයේ ආසන සංවිධායකවරු, මන්ත‍්‍රීවරු, පාක්ෂිකයන් විශාල වශයෙන් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුනි ද සොයිසා මහතා පැවැසීය.
තමන් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබාදීම සඳහා ඉදිරිපත්ව ඇති බවත් පැවසූ ඒ මහතා නොවැම්බර් 16 වන විට පක්ෂයේ සියලූම පිරිස් රාජපක්ෂ විරෝධී කඳවුරේ සිටගනු ඇති බවත් සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරුන්, පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සහ ආසන සංවිදායකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී අද (15) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළ කරමින් ඌව පලාත් සභා හිටපු මන්ත‍්‍රී කේ. බී මැදවෙල, කෑගල්ල දිස්ත‍්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක බන්ධුල සපරමාධු, මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්සයේ සංවිධායක අබ්දුල් ලතීෆ්, මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන් වික‍්‍රමආරච්චි යන මහත්වරුන් සහ උතුරු නැගෙනහිර පලාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුනි ද සොයිසා මහතා මෙසේද කීවේය.
‘‘පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරිම සඳහා අද විශාල පිරිසක් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මහතාගේ කඳවුර වටා රැස්වෙමින් සිටිනවා.
ඇලිපිටියේ ජයග‍්‍රහණයත් සමග පොහොට්ටුව ජනාධිපතිවරණයක් ජයගත්තා සේ උදම් ඇනුවා. පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතව සිටියදීත් සීයට 12 ඉක්මවූ ඡන්ද ප‍්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂට නොමැති බවට ඇල්පිටියේ ප‍්‍රතිඵල වලින් හෙළි වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සීයයට 12 වෙන්න පුළුවන් සීයයට 15 වෙන්න පුලූවන් මේ ඡන්ද ප‍්‍රතිශතය හිමිවන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාටයි. අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙමින් සිටිනවා.
පොහොට්ටුව දින්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුනු විසුණු වන බව අද පාක්ෂිකයන් දන්නවා. දුමින්දට හූ කියලා ආරම්භ කරපු මේ විරෝධය අවසන් වන්නේ ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූම මැති ඇමැතිවරුන් ගෙදර යවලයි. අද හූ හෙට ගුටි මේක තමයි ඇත්ත.
ඡායාරූප - චතුර එස් කොඩිකාර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘ශ්‍රීලනිපය නැතිකළ රාජපක්ෂවරුන්ට පාඩමක් කියා දෙන්න සජිත්ට සහය දෙනවා’