(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත‍්‍රණයකට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (4) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරිමට තමන් සෑම විටම කැපවෙන බවට සඳහන් කළ ඒ මහතා තමන් කිසිදු අවස්ථාවක පක්ෂය අත්හැර නොයන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ මහජන පුස්ථකාලයේදි කැඳවූ මාධ්‍ය හමුවකට ප‍්‍රතිචාර දැක්විම සදහා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කරන්නේ නම් තම සංවිධානය සමඟ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 18 දෙනෙකු ආසන සංවිධායකවරයකු සහ ආණ්ඩුකාරවරයකු එක් වන බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් පැවැසූහ.
එයට ප‍්‍රතිචාර දැක්වූ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘මාගේ පරිශ‍්‍රයේ එම සාකච්චාව පැවැත්වීමට මා ඉඩ දුන්නේ හොර රහසේ වසන් වී කුමන්ත‍්‍රණයක් සිදුකිරීමට නොවන බව මම පැහිදිලිව ප‍්‍රකාශ කරනවා. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ ගැන කරන ලද විමසීම් වලට මම කරුණු නොවලහා හෙළි කළේ කුමන්ත‍්‍රණයක් නොතිබූ නිසයි.
මම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර යන්නේ නැහැ. ඒ වගේම ඉදිරියේදී ගොඩනැගෙන්නා වූ මහා පුළුල් ජාතික සන්ධානයක් වෙනුවෙන් අඛණ්ඩව සහය දෙනවා’’ යැයිද ඔහු එහිදි වැඩිදුරටත් පැවැසීය.
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ශ්‍රීලනිපය දෙකඩ කිරිමේ කුමන්ත්‍රණයට සම්බන්ධයක් නෑ’