IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ශ්‍රීලනිපය අද පොහොට්ටුවේ නැට්ටේ එල්ලිලා‘

( ජේ.කේ.එල් චාමින්ද)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම බලය උරගා බැලිම සදහා තනිවම තරග නොකර පොහොට්ටුවේ නැට්ටේ එල්ලී තරඟ කිරිමට තරම් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස  අද අසරණ වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

 අද (16) පෙරවරුවේ ගාල්ල මිපාවල පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බවප සදහන් කළේය.

 මන්ත්‍රිවරයා මෙසේද කිවේය.
 
ශ්‍රී.ල.නි.පක්ෂය හා එජාපය එක්වි අපි ජාතික ආණ්ඩුවක් හැදුවා. නිර්පාක්ෂික ජානාධිපතිවරයෙක්  බිහිකරන්න අපි එදා  උත්සාහ ගනු ලැබුවද  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නිල් පාක්ෂිකවෙලා ශ්‍රි.ල.නි.පක්ෂයේ  සභාපතිකම ගත්තා.
 
ශ්‍රි.ල.නි.පක්ෂය දියකරහරින්න මෛත්‍රිපාල ජනාධිපතිතුමා කටයුතු කළා. එහි අවසානය තමයි. අද පොහොට්ටුවට අවශ්‍ය විදියට තමයි ශ්‍රි.ල.නි පක්ෂයේ මැති ඇමතිවරුන් පිළිබද තින්දු තිරණ ගන්නේ. අපේක්ෂකත්වය දෙනවාද, දිස්ත්‍රික්කවලට දෙන අපේක්ෂක සංඛ්‍යාව තින්දු කරන්නේ පොහොට්ටුවේ නායකයින්.
 
මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට ලැජ්ජනැහැ. ශ්‍රි.ල.නි පක්ෂයේ සභාපතිකම අරගෙන සියයට 15කට වඩා  ඡන්දය තියෙනවානම්  අඩුගානේ එක දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රිධුරයක් හරි ගන්න. කොනදක් තියෙනවානම් තනියෙන් ඉල්ලන්න පුළුවන්කමක් තිබිය යුතු වෙනවා.

එදා ශ්‍රි.ල.නි පක්ෂය කඩාගෙන ගිහින් පොහොට්ටුව නිර්මනය  කරලා. ශ්‍රි.ල.නි.පක්ෂය මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට අපහාස කළ මිනිසුන් සමග  ලැජ්ජා නැතිව මෛත්‍රිපාල මහත්තයා කියනවා තුනෙන් දෙකේ බලයක් දෙන්න කියලා.පුන පුනා ප්‍රකාශ කරන්න තරම් එතුමා බොලදවෙලා තියෙනවා. ශ්‍රි.ල.නි පක්ෂය පොරකයට තියලා මහින්ද රාජපක්ෂ මහතාට තුනෙන් දෙකේ බලයක් දෙන්න මෛත්‍රිපාල මහත්තයා එකතුවෙනවා කියන්නේ ශ්‍රි.ල.නි.පක්ෂය අකාමකා දමන්නට කරපු සෙබ්බඩ විජ්ජාවක්  බලය  උරගාල බලන්න තනියම එන්න තිබුණෙ අද පොහොට්ටුවේ නැට්ටේ එල්ලිලා අසරණ තත්වයට පත්වෙලා
 එජාපය අර්බුදය ගැන අමාරුව තිබුණේ ආණ්ඩුවට.

මතවාද ගැටුමක් තමයි තිබුණේ. අපේ සන්ධානයේ ලකුණ ගැනත් ආණ්ඩුවට ලොකු අමාරුවක් තියෙනවා. නමුත් ලෙඩා කලබලවුනාට දොස්තර් කලබල වෙන්නේ නැහැ. ඒ වගේ අපි කලබල වෙන්නේ නැහැ. දැන් සන්ධානය නිර්මානය කිරිමේ සියලු කටයුතු අවසන් කරලා ඉවරයි. ලකුණ ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පුළුවන් නම් අපි අලියාගෙන් එනවා නැතිනම් අපි හංසයාගෙන් එනවා රහෙම නැතිනම් වෙනම ලකුණක් ගන්නවා පසුගියදිනවල  ආණ්ඩුවේ අයට නින්දද ගියේ නැහැ කවදාද එජාපය කැඩෙන්නේ කියා. පුළුල් සන්ධානයක් හැටියට සන්ධානයේ නායකත්වය සභාපතිත්වය, අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිලා තියෙනවා.

ඒ නිසා මොන ලකුණෙන් තරග කළත් එක අලියාද හංසයාද, එහෙම නැතිනම් වෙනත් ලකුණක්ද මොන ලකුණෙන් ආවත් මෙරටේ ජනතාවගේ හදවතේ තියෙන්නේ සජිත්  සජිත් ප්‍රමුඛ සන්ධානය තරග කරන්නේ මොන ලකුණෙන්ද  රටේ ජනතාව ඒ ලකුණු ජයග්‍රහණය කරවිමට කැමතියි. අගමැතිවරයා බවට පත්කිරිමට මේ රටේ ජනතාව සැදි පැහැදි සිටිනවා. යැයිද මන්ත්‍රිවරයා කිවේය.

 



අදහස් (0)

‘ශ්‍රීලනිපය අද පොහොට්ටුවේ නැට්ටේ එල්ලිලා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site