IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ව්‍යවසායකයන් සවිබල ගන්වන්නැයි සජිත් ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ලබාදී ඔවුන්ව සවිබල ගන්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමකට ලක් වුවත් ඒ කාලයේ සිදුවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොවීමත් පාස්කු ප්‍රහාරය, කොවිඩ් සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචක නිසා ඔවුන් අන්ත අසරණ තත්වයට පත්ව ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.

රටේ ආර්ථික වර්ධනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ ගණනාවකට රැකී රක්ෂා ලබා දෙන ආර්ථිකයේ කොදු නාරටිය වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වා මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ක්‍රියාවට නංවන්න කාලය එලැබ ඇති බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (4)

ව්‍යවසායකයන් සවිබල ගන්වන්නැයි සජිත් ඉල්ලයි

මාම Monday, 28 July 2025 07:36 AM

රටට බරක් මේ මනුස්සයා.

:       0       1

de silva Monday, 28 July 2025 09:10 AM

ඔබතුම දැනට සතියකට පමණ පෙර රජයට බල කරනවා සේවක පඩි වැඩි කරන ලෙස , අද කරන ප්‍රකාශයේදී ඔබතුම පිලිගන්නවා පසුගිය කලේ තිබු පාස්කු ප්‍රහාරය , කොවිඩ් සහ ආර්ථික කඩ වැටීම මත වියාපාර කඩාවැටී වියපරිකයෝ අඩපන වී ඇතිබව , ඔබතුම කතාකරන වෙධිකාවෙන් , වෙධිකාවට ගැලපෙන ලෙස ගැලරිය පිනවීමට ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරනවා නම් එතන විශාල අවුලක් තිබෙනවා නේද ? කරුණාකර හර්ෂ ද සිල්වා , කබීර් හෂීම් , එරාන් වික්රමරතන වැනි පක්ෂයේ ආර්ථික උපදේශකයන් සමග පක්ෂ අභ්‍යන්තරයේ සාකච්චාවක් කර පක්ෂයේ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් හදාගෙන ඒකට අනුව අදහස් දක්වන්න , නිකන් හිතට එන එන දේවල් කියන්නේ නැතුව.

:       0       2

ravin Monday, 28 July 2025 12:08 PM

එතකොට අර බලෙන් අල්ලගෙන හිටින සැලෝන් එකටත් සපෝර්ට් එකක් හම්බවෙයිද? 

:       0       1

සෙනෙවිරත්න Monday, 28 July 2025 02:08 PM

මෙයාට ලණු දීලා, මොකද රජය ඔය පරාටේ නීතය බලගන්වන්නට කලින් එය අදාළ අයට සහන දීලා ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවස්ථාව දුන්නා, රටේ බැංකු පද්ධතියත් රැක ගන්න වෙනවා, මහ බැංකුවෙ වගකීමක් එය, මහ බැංකුව ස්වාධීනයි. ඒක නිසා ඔය කියන විදියටම වැඩ කරන්න බැහැ, ඒකට ඔයා ජනාධිපති වෙනකන් ඉන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site