IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘වැයශීර්ෂ පරාද වුණේ ආණ්ඩුවේ වරදින්’

(ඩයනා උදයංගනී)

            
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අමාත්‍යාංශ දෙකකට අදාළ වැය ශීර්ෂ පරාජය වූයේ ආණ්ඩුවේ වරදින් බවත්, එම පරාජයේ ප‍්‍රතිඵලවල වගකීම විපක්‍ෂය හෝ වෙනත් අය පිට දැමීම වරදක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
            
රජයේ සේවකයින්ට වැටුප් ගෙවීම ආණ්ඩුවේ වගකීමක් බව කී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වැය ශීර්ෂ පරාජයවීම නිසා වැටුප් ගෙවීමට නොහැකි බව කියන්නේ නම් එය ආණ්ඩුවේ නොහැකියාවක් බව ද සඳහන් කළේය.
            
එම වැය ශීර්ෂ පරාජය කරගත්තේ ඔවුන්ම බව කී මන්ත‍්‍රීවරයා මෙයට ඡන්දය දීම සඳහා මන්ත‍්‍රීවරුන් 50 දෙනෙකු ගෙන්වා ගැනීමට නොහැකිවීම ගැන පාර්ලිමේන්තුවේ සභානායකවරයා ඇතුළු ආණ්ඩු පක්‍ෂය වගකිව යුතු බව ද කීවේය.
            
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේදී අද (02) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. 
            
මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ වැය ශීර්ෂ දෙකක් පරාජයවීමෙන් එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදයක් පවතින බව තහවුරු වී ඇති බවයි.
            
වැය ශීර්ෂ පැරදවූ බව එම පක්‍ෂයේම මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කළ බව ද දයාසිරි ජයසේකර මහතා කීවේය.
            
ඒ හේතුවෙන් වැටුප් ගෙවීමේ හැකියාවක් නැතිනම් එහි වගකීම ආණ්ඩුව සහ අදාළ ඇමතිවරයා භාරගත යුතු බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.



අදහස් (0)

‘වැයශීර්ෂ පරාද වුණේ ආණ්ඩුවේ වරදින්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site