(***ක.ග කරුණාරත්න)
රටට බත සපයන ගොවි ජනතාව ආරක්‍ෂා කිරීමට නිසි වැඩපිළිවෙළක් රජය විසින් සැලසුම්කර තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) පැවැසීය.
විනාශවෙමින් පවතින සහල් ගබඩා ප්‍රතිසංස්කරණය කොට වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවද ඔහු කීය.
පොලොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය ප්‍රදේශවල පෙරේදා (5) පැවැති ජනහමු කිහිපයකට සහභාගි වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයාගෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව ඉල්ලා සිටියේ පසුගිය කන්නවලදී ඉහළ වී අස්වැන්නක් ලැබී ඇති බැවින් සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොතබන ලෙසය.
එයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ වී කිලෝවක් සඳහා ඉහළ මිලක් ලබාදීමටත්, විධිමත් ක්‍රමයකට වී මිලදී ගැනීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවය.
තමන් මුහුණදෙන වල්අලි තර්ජනය මෙන්ම පානීය ජල ගැටලු පිළිබඳව මෙන්ම ගොවිතැන් කටයුතු සඳහා කලට වේලාවට ජලය, බීජ වර්ග හා පොහොර නොලැබීමේ ගැටලු පිළිබඳව ද ජනතාව එහිදී ජනාධිපතිවරයා දැනුවත් කළහ.
එමෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසද ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් මනම්පිටිය ප්‍රතිභා ශාලාවේ සංවිධානය කර තිබූ ජනහමුව සඳහා සහභාගී වූ ජනාධිපතිවරයාට ප්‍රදේශයේ මහා සංඝරත්නය යෝජනාවලියක් බාර දුන්හ. එම අවස්ථාවේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලොන්නරුව දීප උයන ඉදිරිපිට සංවිධානය කර තිබූ ජනහමුවට සහභාගීවූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැමිණ සිටි ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත විය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ද මහ මැතිවරණයට ඉදිරිපත්වන අනෙකුත් අපේක්‍ෂකයන් ඇතුළු විශාල පිරිසක්ද එම ජනහමුවලට සහභාගී වූහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විනාශ වී යන හාල් ගබඩා පිළිසකර කරනවා