IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


රනිල් ඩීල් එක දැම්මේ රාජපක්ෂලාට තියෙන බයටයි

(*** මතුගම බන්දු තඹවිට)

‘රනිල් වික්‍රමසිංහ නඩය මොකක්ද මේ කරන්නේ? දෝතින්ම ආණ්ඩුව බාර දුන්නා. බහුතරය අපට තිබුණා. අපට ආණ්ඩුවකට යන්න තිබුණා. එහෙමනම් අද අප මැතිවරණය කරන්නේ ආණ්ඩුව තියාගෙනයි. මේ ඩීල් එක කළේ රාජපක්ෂවරුන්ට තිබෙන බයටයි. ඒගොල්ලන්ගේ හොරකම් ටික අල්ලාගනීවී කියන බයට යයි. සමගි ජන බලවේගයේ බුලත්සිංහල සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා මතුගමදී පැවැසීය.

සමගි ජන බලවේගයේ මතුගම මෙහෙයුම් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී. සමගි ජන බලවේගයේ මතුගම සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතාද මතුගම සහ දොඩන්ගොඩ ප්‍රාදේශීය සභා වල විපක්ෂ නායකවරුන් ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද මාධ්‍ය හමුවට සහභාගී වූ අතර එහිදී ජගත් පින්නගොඩ විතාන මහතා මෙසේද කීවේය.
අපේ යහ පාලනයට නරකම කිය කියා බැන බැන යහ පාලනයේ හිටපු ලොක්කත් අද එහාට ගෙන අවසානයි. එයා මෛත්‍රිපාල සිරිසේනයි. එයා යහ පාලනයේ ප්‍රධානියා. එයා කියපු විදිහට අප වැඩ කෙරුවා. අද එයාව ඡන්දයටත් දාලා. සන්ධාන ගත වෙලා. මොකක්ද මේ කරන්නේ? වැරදි වැඩේ හඬනගා කියන්න පුළුවන් වෙන්න ඕනා. අපි එදත් කිව්වා අදත් කියනවා.

අපේ කට්ටියට වුණත් හොරකම් කරලා නම් දඬුවම් දෙන්න ඕනෑ. හොරු ඔක්කොම අඳුනනවා. පුදුම වැඩේ රහස් පොලිසිය දන්නෙත් නැහැ. වංචා විමර්ශනය දන්නෙත් නැහැ. කෝප් කමිටුව දැන් ඇත්තෙත් නැහැ. මේ ගොල්ලෝ දන්නේ නැති වුණාට ගමට ගිහින් ඇහුවොත් ගමේ මිනිහා නම් කවුද හොරකම් කළේ කියයි. හොරුන්ට දඬුවම් කරන්නයි අප උත්සාහ කරන්නේ.
මේ නඩ දෙක එකතු වුණොත් රට ඒකාධිපතිකරණය වෙන එක කාටවත් වළක්වන්න බැහැ. දැන් පොලිසිවලට උඩ ඉඳලා පහළට ඒගොල්ලන්ගේ අයව දාගෙන සිටිනවා. අප ඒ දවස්වල පොලිසිවලට ගියේ නැහැ. අප නිලධාරීන්ට අත ගැහුවේ නැහැ.

 එවැනි දේවල් නතර කරන්න තිබෙන අවසන් අවස්ථාවයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සමහර අය තර්ජනය කරනවා මන්ත්‍රීකම දෙන්නේ නැහැ කියනවා. දීමනාව දෙන්නේ නැහැ කියනවා. ඒවා නීතිවිරෝධී ප්‍රකාශයි. අපි ඒ අයට එහෙම කරන්න ඉඩ දෙන්නේ නැහැ.

මතුගම ආසනයේ සංවිධායක වරයා ලෙස මාව පත් කළේ රනිල් වික්‍රමසිංහයි. මා එයා කියන දේ අහන්නේ නැහැ. එදා වැරදි වැඩ කරන අයව ආරක්ෂා කරන හැටි දැක්කා. සංවිධායකකම පිළිබඳව සිතන්නේ නැතිව එළියට බැස්සා. අප සදහටම ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්කයි. අප සජිත් මහත්තයව ජනාධිපති කරලයි නවතින්නේ. ඒකට වැඩිකල් යන්නේ නැහැ.
ජන මතය අපට දෙන්න. දැන් ආණ්ඩුව 2/3 ගැනීමේ සිහිනය අත්හැරලා. දැන් ඒ ගොල්ලන් ජයග්‍රහණය විතරයි ප්‍රාර්ථනා කරන්නේ. පටන් ගන්න විට කිව්වේ තුනෙන් දෙක ගන්න ඕනෑ කියලයි.

 



අදහස් (3)

රනිල් ඩීල් එක දැම්මේ රාජපක්ෂලාට තියෙන බයටයි

මෝ Monday, 08 June 2020 10:37 AM

ඇයි රනිල් ඇර යූඑන්පියේ හිටපු හොරු සෙට් එකම දැන් ඉන්නේ නැහැ...

:       0       0

saman Monday, 08 June 2020 01:46 PM

සජිත් සමග සිටින පිරිස ඩීල් කියන වචනයේ වටිනාකමත් නැති කොට ඇත. ඩීල් ඩීල් ඩීල් දැන් කිසිවකු ඔය ඩීල් කතා ගණන් ගන්නේ නැත...

:       0       1

Rata Perata Monday, 08 June 2020 04:04 PM

සජිත් කරන්නෙත් රනිල් කරපු සෙල්ලමම තමයි. හැමෝම එකතු වෙලා හොරකම්, මැරකම් තියෙන, රටේ සම්පත් ඔක්කොම තමාගේ බාරයට ගන්න එක පවුලක් රකිනවා. රටේ සහ රටවැසියාගේ කරුමේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 235 1

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1482 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 951 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7425 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 457 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 116 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1142 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site